(කේ ඩි දේවපි‍්‍රය )
කතරගම ප්‍රාදේශීය සභා සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කතරගම මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.
ඊයේ (20) රාති‍්‍ර කතරගම ප්‍රාදේශිය සභාවේ සේවකයකු යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති අතර පොලිස් අණ පරිදි යතුරුපැදිය ටික දුරක් ගොස් නතර කිරිමේ දි යතුරු පැදිය පදවා ගෙන පැමිණි පතිරණලාගේ නිරෝෂන් (25) මහතාට යතුරු පැදිය නතර කරනවාත් සමග පොලිස් නිලධාරියා වෙඩි තැබු බව යතුරු පැදියේ පසු පස ගමන් ගත් දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර අංශයේ සිටින ආර්. නුවන් මහතා පවසයි.-
මිය ගිය නිරෝෂන් මහතාගේ හිසට වෙඩි වැදි බරපතල තුවාල සිදුවී මිය ගොස් ඇති අතර මෙම වෙඩි තැබීමත් සමග කුපිත වු කතරගම ජනයා අද(21) අලුයම කතරගම පොලිසියට පැමිණ පොලිසියේ විදුරු ජනේල්වලට පහර දී ජිප් රථයකටද අලාභ හානි කළහ.
එහිදී පොලිසිය විසින් කදුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබා ගම්වාසින් පළවා හැරීමට කි‍්‍රයා කළ අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා පොලිසියට රැකවරණය ලබා දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දෙයම උතුරේ වූවා නම් ජාතිවාදී ලෙසින් දකියි..
රටේ ත්රස්තවාදයක් නොමැති වෙලාවක ආණ්ඩුව රථවාහන පොලිස් නිලධාරීන්ටත් ගිනිඅවි රැගෙන යාමට අවසර දුන්න එකේ විපාකයක්. රථවාහන පොලිස් නිලධාරීන්ටත් වෙඩි තැබීමට බලය ලබා දී තිබෙන බව පැවසෙනවා. පොලිස් නීතියක් රටේ ගොඩනැගෙමින් පවතින බවට කදිම නිදසුනක්.
එදා ඇඹිලිපිටිය අද කතරගම. උදෑසන භාවනාවෙන් පසුව දවසේ වැඩ පටන්ගන්න අැති. ජීවිතයක වටිනාකම නොදන්නා නිළ අැදුමින් කය වසාගත් අවි ගත් වෘෂභයන්.
සාමාන්‍ය ජනතාව නීතිය අතට ගන්න තැනට වැඩ සැලසෙන එක පරිහානියට අත වැනීමක්
පොලීසියට ජීවිත ආරක්ශාවට ආයුධදිය යුතුය,නමුත් ඔවුනට මනුස්සකම සහ විනය උගෑන්විය යුතුය,නිළ ඈදුම ඈද සිටින්නේ මණුස්සයකුබව ඒත්තුගෑන්විය යුතුය.ධම්මො රක්ඛති ධම්මO සදහන්වීම ප්‍රමාණවත් නෑත.