(ගලෙන්බිදුණුවැව - ජයන්ත වාසුලසේන)
උණගොල්ලෑව ගම්මානයේ බඩඉරිගු හේනකදි වල්අලියෙකු මරා කපා පිළිස්සුබව කියනුලබන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු අද (20) දින අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වල්අලියා මරා කපා පිළිස්සු බව කියනුලබන බඩඉරිගු හේනේ අයිතිකරුවන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි කොට්ටව ගමගේ නුවන්කුමාර නැමැති පුද්ගලයෙකි. සැකකරුගේ හේනට බඩඉරිගු කෑම සදහා පැමිණි වල්අලියෙකු දින කිහිපයකට ඉහතදි වෙඩිතබා හෝ විදුලිසැර වද්දවා මරා ඒ බව කිසිවෙකුත් දැනගනිවි යන අදහසින් එය වසන්කිරිම සදහා කපා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් එම පුද්ගලයාගේ බඩඉරිගු හේනේ තැනින්තැන දමා ඇතිබවට මොරගොඩ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මොරගොඩ පොලිස් ස්ථානයේ නිළධාරින් ඉකුත් 20 වෙනිදින පෙ.ව. 09.00 ට පමණ එම ස්ථානයට ගොස් කල පරික්ෂාකර බැළිමකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.
මරාදැමුණු වල් අලියා කපා ටයර් සහා දර දමා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් සැකකරුගේ හේනේ තැනින්තැන දමා ඇති අයුරු දැකගන්නට ලැබුණු බවත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත්කිරිමට නියමිතබවද මොරගොඩ පොලිසිය පවසයි.
මොරගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක යු. මහින්ද ගුණරත්න මහතාගේ උපදෙස්පරිදි උපපොලිස් පරික්ෂක ප්‍රේමදාස, මහතා ඇතුළු නිළධාරින් මේ සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂන පවත්වයි. වල් අලියා මරාදමා කපා පිළිස්සු ස්ථානය සහා වල් අලියාගේ පිළිස්සුණු කොටස් බඩඉරිගු හේනේ තැනින්තැන දමාඇති අයුරු ඡායාරුපයෙන් දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පව් කාරයෝ..! අඩියෙන් අඩියට බැනර් ගහලා තරඟෙට බණ මේ රටවල නෑසුනත් මෙතරම් පව්කාරයෝ නම් දකින්නට නැහැ.
හාල් මැස්සො නම් හැමදාම අහුවෙනව. තෝරු මෝරු අල්ලන්නෙ කවද්ද?
එතකොට, මේ ගොවි මහතාට තමන්ගේ ජීවිකාව ගෙනයාමට සහ තමන්ගේ දරු පව්ල පෝෂණය කර ගැනීමට තිබුන හේන පාලු කිරීම සම්බන්ධයෙන් කාවද අත්අඩංගුවට ගන්නේ?
දැන් අදහස් දමාවි තිරිසන් මිනිසෙක් කියල , නමුත් මේ මනුස්සය ගේ පවුලක් නඩත්තු කරන්න තියන එකම අදායම නැතිකරද්දී ඉවසන්න බැරුව යන්න ඇති
මේ මිනිස්සුන්ව වහාම රක්ෂිත හා අර්ධ රක්ෂිත කලාප වලින් ඉවත් කරන්න.
ආ දැන් මේ ගොවියගේ දරු පවුල නඩත්තු කරන්න සූදානම් අය අලියා මැරුවාට හෙන ඉල්ලමින් මෙතන අදහස් පල කරයි.
ජීවත්වෙන්න තියෙන හේන කෑවහම මොනවා කරන්නද?
මෙහෙමත් වල්අලි ඉන්නවනේ මේ රටේ..
අලියකු මර දැමීම විශාල අපරාධයක් නමුත් මේ ගොවියා මහන්සිවී බඩඉරිඟු වාවගෙන තම ජීවිතය ගැට ගහගන්න මනුස්සයෙක් බව තමා පෙනී යන්නේ , මොහුට දඩුවම් කරනකොට අර දල විකුනන්න කැලේ ඉන්න අලි මරණ ජාවාරම් කාරයන්ට දෙන දඩුවමම දෙන්න එපා .
අලි මිනිස් ගැටුම්වලට ස්තිර විසදුමක් නොදී, මේ ප්රශ්නය නීතිමගින් විසදන්න යාම වැරදියි අලියා හේන කාලා දැම්මම ඒ මනුස්සයා ජිවත් වෙන්නේ කොහොමද? අලියාද මමද ජිවත් වෙන්නේ කියන ප්‍රස්නේදී මනුස්සයා තීරණය කරනවා මම ජිවත් විය යුතුයි කියලා.
මේ මනුස්සයාට දැන් ඉතින් දැඩි දඬුවම් ලැබෙයී. කොහොමත් පහත් තැනින් තමා ජලය ගලන්නේ... මේ ඉරිඟු යාය වෙන්න ඇති මේ මනුස්සයගේ පවුලේ ආදායම... කන්න බොන්න , ළමයි ඉන්නවනම් ඒ ලමයින්ගෙ වැඩ කරන්න. ඔක්කොම ඒක විතරක් වෙන්න ඇති....සමහර විට ණය අරගෙනත් ඇති පලදාව ලැබුනම ගෙවන්න. එහෙම වෙලාවට අලියා නෙවෙයි මිනිහෙක් ඔය වගේ පාලුවක් කලොත් එන තරහා ඉතින් ඔහොම පිට වේවි.
මේවට වන නිලදාරීන් වග කියන්න ඕනේ අලි වැටක් තිබුනානම් ඔය දේ වෙන්නේ නැහැනේ .ගොවියෙක් තම දරු පවුල රැක ගන්න ගොවිතැනක් කරන්නේ. තමන්ගේ ගොවිතැනට හානි කරනකොට ඕනෙම කෙනෙකුට කේන්තියක් එනව.
මෙම බඩ ඉරිගු හෙනත් අනවසරයෙන් කල එළිකිරීමක් වගේ පෙනෙන්නේ
මව්බිම පාවා දෙනවා නම් සම්පත් විකුණගෙන කනවා නම් දුගී දුප්පත් ජනතාවගේ සම්පත් සූරා කනවා නම් වෙන විකල්පයක් නැති නිසා ගත්තු පියවරක්...