(ක.ග කරුණාරත්න)
තම 14 හැවිරිදි දියණිය ද යොදවාගෙන හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක යෙදුණු බව කියන කාන්තාවක සහ ඇගේ සොහොයුරා කුඩු පැකට් 14 ක්ද සමග අද(21) පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව දිසා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.
සැකකාර කාන්තාවගේ සැමියා මත් කුඩු විකිණීමේ චෝදනාවකට අධිකරණයෙන් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd