වතුකරයට නව නිවාස 1500ක් රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබූ නිවාස සහ ඉඩම් අයිතිය දැන් වතුකරයේ ජනතාවට ද ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය. 29 October 2017
හාවකුට තිබ්බ වෙඩිල්ල දැරියකට වැදිලා දඩයක්කරුවකු විසින් සතෙකු දඩයම් කිරීම සඳහා එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මන්නාරම සෙට්ටයාර්කට්ට අඩම්පන් ප්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියක් අද (29) උදෑසන තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි මුරුණ්කන් පොලිසිය කියයි. 29 October 2017
අවධානයෙන් සිටින්නැයි අම්බලකන්දේ ජනතාවට උපදෙස් තද වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතුනත් ආරක්ෂිත ස්ථාන වලට යන ලෙසට අද අරණායක අම්බලකන්ද, නාරංගල සහ ගංතුන ප්‍රදේශවල ජනතාවට අරණායක ප්‍රාදේශිය ලේකම් දැනුම් දුන්නේය. 29 October 2017
බහුතර කැමැත්ත මාවෙයි සේනාධිරාජාටලු ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිරනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් තරඟ කිරීමට හොඳම සුදුස්සා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන මහතාට දැනුම් දී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය. 29 October 2017
ඇමතිට බැන්නයි කී ග්‍රාමනිලධාරීට මාරුවක් තමාට බැන වැදුනේයැයි ඇමැති දුමින්ද දිසානායක විසින් පැමිණිලි කරනු ලැබූ ග්‍රාම නිලධාරියාට එරෙහි විමර්ශන අවසන් වන තෙක් ඔහු ස්ථාන මාරු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ට දැනුම් දී තිබේ. 29 October 2017
‘බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ‘ - විමල් ජනතාවගේ සල්ලි නාස්ති කරන පාර්ලිමේන්තුවට කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දමන්නේ නැතිනම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යා යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 29 October 2017
අම්බල කන්දේ සුළු නායයෑම් ඉකුත් දින කිහිපයේ ඇද හැලුණු මහ වැස්සත් සමඟ අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සුළු නායයෑම් සිදු විය. 29 October 2017
දක්ෂිණ අධිවේගයේදී බසයක් ගනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් කුඩා බස් රථයක් අද උදේ ගිනිගැනීමකට ලක්විය. 29 October 2017
සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ. 29 October 2017
කොස්ගොඩ වෙඩි තැබීම් තුනකින් හතරක් මරුට අම්බලන්ගොඩ කොස්ගොඩ දී අද ( 29) අලුයම 3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 29 October 2017
ටැමඩෝල් පෙති 8600 මාදම්පේ නිවසකින් සොයා ගනී ටැමඩෝල් පෙති 8600 ක් ත්‍රිරෝද රියකින් රැගෙන ගිය කාන්තාවක් සහ ත්‍රී රෝද රථ රියදුරකු ඉහළගමදී අද (28) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි. 28 October 2017
අඹගමුව කෑලි වලට කැඩීමට එරෙහිව අධිකරණයට යන්න සැරසෙයි අඹගමුව ප්‍රාදේශිය සභාව මස්කෙළිය, නොර්වුඩි සහ අඹගමුව වශයෙන් තුනකට වෙන් කිරීමේදී අතිබහුතර දමිළ ජනතාවක් සිටින මස්කෙළිය කොටිඨාසයට ශ්‍රී පාදස්ථානය අයත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව කන්ද උඩරට ප්රගතිශීලි ජනතා ව්‍යපාරයේ සභාපති හා හිටපු අඹගමුව ප්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රයනන්දරාජ මහතා පැවැසීය. 28 October 2017
හල්දුම්මුල්ලේ කන්දක් නාය යන ලකුණු හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට පැය පහක් ඇතුළත මිලිමීටර් 125ක වර්ෂාවක් ලැබීමත් සමග නාය යෑමේ අවදානමට ලක් වූ කොස්ලන්ද කොටබක්ම ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යැවූ බව හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා පැවැසීය. 28 October 2017
පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕනෑ 28 October 2017
මහින්ද ඉන්දියා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ඉන්දියාව බලා පිටත් විය. ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඓතිහාසික ආරුංගාබාත් නගරයේ පැවැත්වෙන සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සහභාගී වීමට නියමිතය. 28 October 2017
කෝටි එක හමාරක කුඩු සමග දෙදෙනෙකු අත් අඩංගුවට රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා මත්කුඩු කිලෝ 1.669 ළඟ තබාගත් දෙදෙනකු වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 28 October 2017
ශ්‍රී ලංකාව කැටලෝනියාවේ වෙනම රාජ්‍යය හෙළාදකී කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් ඒක පාර්ශ්විකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම හෙළාදකින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (28 වැනිදා) ප්‍රකාශ කළේය. 28 October 2017
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ලබන නොවැම්බර් 01 වනදා සිට 50 % කින් ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම මෙතෙක් ඉතාම ලාබදායී වූ බව භාණ්ඩ ප්‍රවාහනයට උනන්දුවී සිටි බොහෝ දෙනෙක් පවසති. 28 October 2017
කනට ගැසූ ඒ.එස්.පීට චෝදනා පත්‍රයක් හම්බන්තොට දී විරෝධාවේ නිරතව සිටියදි අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධියේ චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍රයක් බාර දීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත. 27 October 2017
ගව ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවයි ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇත. 27 October 2017
‘පිටරැටියන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන හෙළි කරනවා’ - වෛද්‍ය පාදෙණිය පිටරට පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන එකින් එක රටට හෙළි කරන බවත් ඒ අය පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙන බවත් වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අද (27) පැවසීය. 27 October 2017
කල්මුනේ සයින්දමර්දු වලට ප්‍රා.සභාවක් ඉල්ලා විරෝධතාවයක අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශවාසීහු ප්‍රාදේශීය සභාවක් ඉල්ලා අද (27) විරෝධතාවයක නිරත වුහ. 27 October 2017
බැඳුම්කර සිද්ධිය ගැන රහස් පොලිසියෙනුත් සාක්කි ගනී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇතැයි එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද (27) පැවසීය. 27 October 2017
අ’පුර අනතුරේ සැරයන්වරු දෙදෙනාගේ වැඩතහනම් අනුරාධපුර - පුත්තලම ඒ 4 ප්‍රධාන මාර්ගයේ බුලංකුලම ප්‍රදේශයේ දී ඊයේ (26) තරුණියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන අනුරාධපුර පොලිසිය, එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත. 27 October 2017
රථවාහන වැරදි 7ට ගැසට් නිවේදනයක් රථවාහන වැරදි 7 ක් සඳහා දඩමුදල් වැඩිකිරිම සම්බන්ධව නීතිය බලාත්මක කිරිමේ ගැසට් නිවේදනය ලබන සතියේ සිකුරාදා වන විට නිකුත් කිරිමට හැකිවෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. 27 October 2017
අසල්වැසියා මැරූ අයියා-මලෝ දෙන්නාට මරණ දඬුවම අසල්වැසියෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු එකම පවුලේ අයියා මලෝ දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (27) මරණීය දණ්ඩනය නියම කළේය. 27 October 2017
නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් නිකුත් කරයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත අද (27) සිට නිකුත් කිරිම බත්තරමුල්ල සුහුරුපාය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කෙරිණි. 27 October 2017
බැසිල්ගේ තවත් නඩුවක් කල් යයි පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට කෝටි 3 1/2කට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජනවාරී 25 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (27) නියම කළේය. 27 October 2017
ඇමරිකා ප්‍රහාරක නෞකා කණ්ඩායමක් කොළඹ වරායට ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවන්යානාවලින් සමන්විත ප්‍රහාරක නෞකා කණ්ඩායමක් 1985 වසරට පසු පළමු වරට ශ්‍රී ලංකාවට හෙට(28) කොළඹ වරායට පැමිණීමට නියමිතය. 27 October 2017
එකම පවුලේ හතරක් නිදි පැදුරේදීම මරුට යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්‍රදේශයේ නිවසක් තුළ මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී මළ සිරුරු අද (27) දහවල් සොයාගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය. 27 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026