නිමල කොඩිතුවක්කු සහ අමල් වික්‍රමරත්න
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර හෙට(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.
මෙම විරෝධතාවයෙන් අනතුරුව කොළඹ කොටුවේ පිහිට විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජයලාල් මහතා එසේ පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි පඩි ලබන ජනතාවට බර පටවන ආයතනයක් හා සේවක පිරිසක්.
මේ පාරවත් 100-200 ගෙදරම යවන්න. නැත්නම් ඔය අසනීපේ සනීප වෙන්නේ නෑ
වැටුප් ඉල්ලීම සඳහා බලහත්කාරය යෙදිම අනුමත කල නොහැක. සැම අායතනයකම මෙම පිලීවෙල අනුගමනය කල හොත් සැමට වැටුප් වැඩි කරගත හැකිද? මහජනයාට සෘජුවම දැනෙන මෙවැනි අංශ වන තෙල් හා සෙෘඛ්‍ය අංශ මෙවැනි වැඩපිලවෙලක් කරනු ලබන බැවින් මෙම මාපියාව මැඩලීමට රජය ජනතාවට සමග කටයුතු කිරීමට කාලය එළඹ ඇත ..
මුන් ඔක්කොම එලවල, විදුලියත් ඔන්ලයින් ක්‍රමයට දෙන්න දෙන්න ක්‍රමයක් හදන්න, එතකොට පරිබෝගිකයට විදුලිබිල අන්තර්ජාලය හරහා ගෙවන්නත් පුළුවන් සහ අපේ රට තාක්ෂනය අතින් තව ඉස්සරහට යනන්ත් පුළුවන්. දේශපලන හෙන්චයියන්ට රැකියා දෙන තැනක් වෙලා තියන මේ මණ්ඩලය වහා වසා දැමිය යුතුයි. ලංකාවටත් වැඩ අඩු ආර්ථිකයක් තියන රටවල් පවා දැන් යොදාගන්නේ සයිටම් එකක් මිසක් මිනිස්සු නෙමි.
අනේ මින් පස්සේ ගහන්න එපා -- ඔලුව ඇත ගාලා ටොපියක් දීල අඉන් වෙන්න කියන්න -- වෙන මොනවද දියව් දියව් -- අනේ අපේ රටට යන කල