(අමල් වික්‍රමරත්න)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන රාජගිරිය නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සියලුම පොම්ප වලට සීල් තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.
බවුසර් රථයකට ඉන්ධන හලේ පොම්පයකින් භූමිතෙල් පිරවීමේ චෝදනාවක් යටතේ එම සීල් තැබීම සිදුකර ඇත.
ඉන්ධන හලක පොම්පයකින් බවුසරයකට තෙල් නිකුත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
මෙම ඉන්ධනහල රාජගිරිය නාවල පාරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇති අතර එම ඉන්ධන හල පරීක්ෂණ අවසන් වන තුරු වසා තැබෙන බව විශේෂ වැටලීම් ඒකකය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලංකාවේ තියෙන හොරාම පෙට්රෝල් ෂෙඩ් එක. වහල දාපු එකම ලොකු දෙයක්.
ගොඩක් පෙට්‍රල් සෙඩ් වල පෙට්‍රල් වලට භූමිතෙල් කලවං කරනවා ... ත්‍රීවිල් බයික් වලට විතරක් වෙනම පොම්ප වෙන් කරලා තියෙන්නේ ඒකයි .. ඒවා අනිවාර්යයෙන් කලවං . . ලොකු වාහන වලට කලවං තෙල් ගැහුවහම ප්‍රශ්නයක් වෙනවා .. ඒකයි පොඩි මිනිහට විතරක් කලවං තෙල් ගහන්නේ ...
ලංකාවේ තියෙන හොරම පෙට්‍රල් ශෙඩ් එක තමයි නාවල විවෘත්ත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ශෙඩ් එක. බලපත්‍ර අහෝසි කරන්න ඕනේ. පෙට්‍රල් පොම්ප කාරයගේ ඉඳලා අයිතිකාරයෝ වෙනකම්ම හොරු රැලක්. ඔය ශෙඩ් එක ගැන ෆේස් බුක් එකේ අනන්ත වාරයක් පෝස්ට් පල වෙලා තියෙනවා කල හොරකම් ගැන...