පාලිත ආරියවංශ 
 
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන්  80% කට වැඩි ප්‍රමාණයක්  නාය යෑමේ අවදානමක්  පවතින බව  එකට දස දහස පරිමාණයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධනය  සකස් කර ලද නවතම සිතියම් වලින් අනාවරණය වී තිබේ.
 
අධි අවදානම් තත්වයේ පවුල් 6000ක්  සිටින බවත් අවදානමට ලක්විය හැකි ගොඩනැගිලි එක් ලක්ෂ හැට එක් දහසක් ඇති බවත් කරන ලද පරික්ෂණ වලදී අනාවරණය  වි ඇති බව ඌව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි අද (17) පැවැති රැස්වීමකදි අනාවරණය විය.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවදානමක්  ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක  සිතියම් හා දත්ත ඇතුලත් සංයුක්ත තැටි එම ප්‍රාදේශීය ලේකම් වරුන්ට බාරදීම ද මෙහිදි සිඳු කෙරෙණි.