(හර්ෂණ තුෂාර සිල්වා)
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වූ බව එම පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (17) පැවැසීය.
එම වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වී නැති බව දැනගන්නට ලැබී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට හෝ සාමාජිකයකුට හෝ නිලධාරියකුට හෝ චෝදනා එල්ල වී ඇත්දැයි සොයා බැලීමට එම ත්‍රිපුද්ගල කමිටුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය.
කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම කරුණු කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.
“කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වුණා. එහිදි බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ත්‍රිපුද්ගල කමිටුක් පත් කිරීමට තීරණය වුණා. එම කමිටුව සම්පූර්ණයෙන් වාර්තාව අධ්‍යයනය කරනවා. එහිදි එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුට වෙනත් අයකුට සෘජු චෝදනා එල්ල වී තිබේදැයි සොයා බලනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුට චෝදනා එල්ල වී තිබෙනවා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙයි. එලෙස ගන්නා නීතිමය කටයුතුවලදී ඔවුන් වැරැදිකරුවන් බව සනාථ වුවහොත් එක්සත් ජාතික පක්ෂය තරා තිරම නොබලා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙත් දැනට එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු හෝ චෝදනා එල්ල වී නැති බව තමයි මට ආරංචි වුණේ” යැයි අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු මෙසේ අපගේ වාර්තාව ඉදිරිපත් කරන්නෙමු. මේ හා නම් පටබැඳි අහිංසක උදවියගේ ගිණුම් වලට "අදාල බැංකු ආයතනයේ නූගත් බැංකු නිලදාරීන් පිරිසක් විසින්" හිතාමතා මෙම කිරිසප්පයෝ වගේ අහිංසකව සිටින මෙම අපේ සූත්තර පුංචා ඇතුළුඅනෙකුත් අයගේ ගිණුම්වලට ගණනය කිරීමටවත් අපහසු අති විශාල මුදල් සම්බාරයක් බැරකර ඇති බැවින්, එම මුදල් සියල්ලම නැවත අදාල බැංකුවටම බැරකිරීමට නියෝග කරන්නෙමු. තවද එම නූගත් බැංකු නිලධාරීන් සියලු දීමනා සහිතව මාරුකිරීමට නියෝග විය යුතුයි.
අර ෆුට් නෝට් කල්ලියේ අය පත් කරන්න. ඒ ගොල්ලෝ හොඳටම දන්නවා ජනතාව මුලා කරන්න උත්සාහ ගන්න.
අැයි දැන් 2015 දීම පක්ෂේ පෙරකදෝරුවෝ තුන්දෙන්ක්ව පත්කරලා කිව්වානේද? මෙතන කිසිම වැරැද්දක් වෙලා නැහැ කියලා. ඉතින් අායෙමත් මොකටද තවත් කමිටු...
ඊලඟ වතාවේ හත්පොලේ ගාගන්නේ නැතුව ගේම දෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න වෙන්නැති මගේ හිතේ...
ජනතාව රැවැට්ටුවා ඇති. කරුණාකර නායකකමින් ඉවත්වෙන්න. ජෙෂ්ට එජාප සාමාජිකයිනි. අති විශිෂ්ට පක්ෂය විනාශ කරන කොන්දක් නැති නායකයා වෙනුවට නව නායකයකු පත් කරන්න. හැමදාම කලේ පාක්ෂිකයින් ගොනාට අැන්දවීමයි...
දහවෙනිදා මෙයාල ගැන ජනතාව බලාගනි.
දැන් මේ හොරු කරපු හොරකමින් ගැලවෙන්න ක්‍රමයක් හොයනවා. සියලු හොරු ජනාධිපති කොමිසමින් ජනතාවට හෙළිවී හමාරයි .
පරණ කමිටුවවගේද ? හොරකම් කරන්න එපා. විනිවිද භාවයෙන් කටයුතු කරන්න.
ඔබට දැන් සතුටුද?
මොනවටද අධ්‍යයනය කමිටු. කොමිසමේ වාර්තාව නීතිපතිට යොමුකර නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ හොරකම ගැන අධ්‍යයනය කරන්නේ වෙන රටවල මහබැංකු හොරකම් කරන්න වෙන්න ඇති...