‘මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය.
වැඩි දුරුටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
‘අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ.‘ යැයිද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නළුවෙක් විදිහට මම රංජන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් දේශපාලනයේදී ඔහුගේ අවංක කමට හා එඩිතර කමට ගරු කරමි.
රන්ජන් කියන්නේත් එස්.බි. කියපු කතාවමයි .
මොහු පවසන්නේ සත්‍යකි. මෛත්‍රි කරනු ලබන වැඩපිලිවෙල නිවැරදි වන අතර වේගය මදිය. මෙයට විකල්පය නැවත ඒකාබද්ධය හෝ මහින්ද සමග එකතුවීම නොවන බව පැහැදිලිවම කියමු. නිවැරදි අය ඔබ රකිනු ඇත.
රන්ජන් ට ප්‍රතිපත්තියක් තියෙනවා. අනිත් කට්ටියට සාපේක්ෂව.
මල්ලි හරි මල්ලි ... ඔහොම යන්...
එකට කෑවට පක්ෂ දෙකේම අයගේ බොක්ක වෙනස් බව කවුරුත් දනී. මේ සියල්ලගේම මොළය තිබුනාට බුද්ඩිය තිබෙනවාදැයි සොයා බලනවානම් හොඳයි. උදාහරණ ලෙස ගත්තොත් සමහර ඇමතිවරුන්ගේ යටතේ ඇති ආයතනවල ඉහලම තත්ව නිලධාරියා පසුගියවර චන්දය ඉල්ලා පැරදුනු කෙනෙක් නැත්නම් 'වෝකි ටෝකි" යන්ත්‍රය සහ "ජංගම දුරකථන" අතර වෙනස නොදන්නෙක්.නැත්නම් ඥාතියෙක් . ඇතුලේ කතාකරන සමුහ එකඟතාව එළියේදී වෙනස්වී පක්ෂ දේශපාලනයට පත් වෙනවා.
සහතික ඇත්ත. මම යූඑන්පී වෘත්තීය සමිති ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමේ වරදට ශ්‍රීලන්කන් ගුවන්සමාගමෙන් අසාධාරණ විදියට රස්සාවෙන් අස්කලා. අවු 13ක් රස්සාව නැතුව හිටියා . අන්තිමට සිරිකොතෙන් ලියුමක් දුන්නා ඔබ බරපතල විදියට දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා තියෙනවා, යූඑන්පී ආණ්ඩුවක් ආ විගස ඔබට සහන සලසනවා කියලා. තාම ලියුම ෆයිල් එකේ. මේ ආණ්ඩුව අවුරුදු 3ක් යනකල් තමන්ගේ පක්ෂ සාමාජිකයින්ට කරපු දෙයක් නැහැ. කළගුණ කියන එක නම් දන්නෙම නැති පක්ෂයක්.
වන්ෂොට් මොකාටද එන්න හදන්නේ?
ඔබ හරි නමුත් එතුමා කුමන්ත්‍රණ කාරියන්ට අහු උන තම පක්ෂය පවා දුන්න වගේ දෙයක් උන තම පක්ෂය තුල සිට සටන ගෙනයන්න අනිත් අයත් ඔබ වගේ උගෙන ගනීවි
මෝඩකමටද, වාචාලකමටද නැත්නම් එඩිතරකමටද මන්දා රන්ජන් ඇත්ත කියනවා.
රන්ජන් ඔබට ජයවේවා. ඇත්ත අැති ඇතිසැටියෙන් දකිමු. හොරුන් එලවමු. මයිත්‍රී රැකගනිමු. එලිටෙස් දිනවමු.අපට සජිත් ඕනා.
ඔබ කියන කතාව නම් හරියටම හරි.
කතාව ඇත්ත. ඒත් ජනාධිපති නොවෙයි කවුරු උනත් වැරද්දක් කලොත් ඒක පෙන්නලා දෙන්නත් ඕන. පොරොන්දු උන විදියට විධායක බලය නැති කිරීම සහ එය පාර්ලිමේන්තුවට දීම, බලතල විමධ්‍ය ගත කිරීම, දුෂණයට විරුද්ධව කටයුතු කිරීම සහ එම දේවල් කල අයට නීති මගින් කටයුතු කිරීම සහ යුධ පරාධ කලාද කියල සොයල බැලීම වගේ දේවල් මොකුත් වෙලා නැහැ. සිදු උන එකම දේ බැඳුන්කර හොරු අල්ලන එක විතරයි.
රංජන් රාමනායක යනු නළුවෙකු වශයෙන් කිසිදු රංග ප්‍රතිභාවක් පෙන්වීමට අසමත් වූවෙකි. ප්‍රවීණ හා ප්‍රතිභාපූර්ණ නිර්මාණ කරුවන් කිසිදිනක ඔහුට අවස්ථාවක් නොදීමද එයට හේතු වූවා විය හැකිය. නමුත් දේශපාලකයෙකු වශයෙන් ඔහු තුල ඇති අවංක කමට හා නිර්භීත කමට මම ගරු කරමි. දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව ඔහුට අවාසි සහගත විය හැකි දේ ගැන නොසිතා ක්‍රියා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම වෙනත් කිසිදු දේශපාලනඥයෙකු තුල දක්නට නොහැකි සාධනීය ලක්ෂණයකි. යම් තරමක උගත්කමක් තිබුණානම් දේශපාලන වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි එ.ජා.ප.ය තුල සිටින එකම පුද්ගලයා වශයෙන් මම ඔහු දකිමි.
කෝ පසුගිය හොරු ටිකට දඩුවම් ? ඒ හොරකම් කරලා තියෙන්නේ අඹ ගෙඩි 3 ක් ද ? බුදිමතුන්ට තේරෙනවා මේ තමන්ගේ පක්ෂය දිනවන්න කරන රගපෑමක් කියල . හැමෝටම දඩුවම් සිද්ද වෙන්න ඕන කොමිෂන් සභා ක්‍රියාත්මක වෙනවානම් . ඒ කියන්නේ ඒවත් පාලනය වෙන්නේ ඒකාධිපති ක්‍රමයට . පරණ ඒවා තාම යට , අලුත් ඒවා ක්‍රියාත්මක වුන ඉක්මන .( ඔය දැන් එකතු වෙලා ඉන්නේ පරණ හොරුන්ට කඩේ ගිය කට්ටියම නේද ?)
නියම කතාව රන්ජන් . ඔයා විතරයි ඔයවගේ කතාකරන්නේ unp එකේ අයගෙන්.අනික් හැමෝම හොරු ආරක්ෂා කරන්න තමා ට්‍රයි එක .
රංජන් රාමනායක යනු නළුවෙකු වශයෙන් කිසිදු රංග ප්‍රතිභාවක් පෙන්වීමට අසමත් වූවෙකි. ප්‍රවීණ හා ප්‍රතිභාපූර්ණ නිර්මාණ කරුවන් කිසිදිනක ඔහුට අවස්ථාවක් නොදීමද එයට හේතු වූවා විය හැකිය. නමුත් දේශපාලකයෙකු වශයෙන් ඔහු තුල ඇති අවංක කමට හා නිර්භීත කමට මම ගරු කරමි. දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව ඔහුට අවාසි සහගත විය හැකි දේ ගැන නොසිතා ක්‍රියා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම වෙනත් කිසිදු දේශපාලනඥයෙකු තුල දක්නට නොහැකි සාධනීය ලක්ෂණයකි. යම් තරමක උගත්කමක් තිබුණානම් දේශපාලන වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි එ.ජා.ප.ය තුල සිටින එකම පුද්ගලයා වශයෙන් මම ඔහු දකිමි.
රටට ආදරේ ඇති ඔබතුමා වගේ කෙළින් කතාකරන කෙනෙක් රටට ඇති එක අපට ආඩම්බරයක් .
ජයවේවා රන්ජන් මහත්තයෝ
රන්ජන් රාමනායක නියෝජ්‍යය ඇමති තුමනි! ඔබගේ ආදරණීය මාමා වූ අපගේ සමීපතම මිතුරෙකු වූ දිවංගත විජයකුමාරතුංග මහතා ජීවිතය දුන්නේ දුෂණයෙන් තොර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා ගැන ඔබ සිටින ස්ථාවරය හරි. අපගේ යෝජනාව: එ ජා පයේ නැව රළු මුහුදේ පදවන්න වත්මන් නායකත්වයට බැරි බව ඔප්පු වී හමාර නිසා හැකිනම් එහි නායකත්වයට පත්වන්න හැකිවන සේ මාවතක් තනා ගන්න. එහි සිටින කුහකයින් ඔබේ ගෙල සිඳ දමන්න උත්සාහ කරන්නේ නම් මෛත්‍රීපාල මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්රීලනි පක්ෂය ට බැඳී විජය ආරම්භ කළ වැඩ පිළිවෙල දිගටම ගෙනයන්න.
මෙයා බොරුවට කතාකරල තමන් පොර වෙන්න හදනවා. UNP එකේ ඉන්නවනම් එයා පක්ෂයක් විදියට කතාකරන්න ඕනේ. නැතිව තමන්ට හිතෙන දේ කියන්න බෑ. මෙයා පුහු ජනප්‍රිය තාවය වෙනුවෙන් පොර ටෝක් දෙනවා.
දැන් දැන් රන්ජන් මැති තුමාට සත්‍ය පෙනෙන්නට පටන් අරන් . අවංක නායකයකු වන්න උත්සහ කරන්න .
වත්මන් නායකත්වයට දිනීමේ නොහැකියාව නිසා ඒ.ජා.ප ය දෙවන වතාවටත් කලේ අනුන්ගේ පක්ෂෙකින් සාමාජිකයෙක් කුලියට ගෙන අනුන්ගේ ලකුණක් කුලිය ගෙන ජනතාවට දහසක් බොරු පොරොන්දු දී කෙසේ හෝ බලය ලබා ගැනීමයි. නැවත ඡන්දයක් තව අවුරුදු 25 කටවත් දිනන්න බැරි බව දන්නා නිසාම ඔවුන්ගේ අරමුණ වුණේ කෙටි කාලයක් ඇතුළත කරන්න පුළුවන් උපරිම හොරකම් කරමින් කෙසේ හෝ මුදල් උපයා ගැනීමයි. රටේ වාසනාවකට මහා බැංකු හොරකම අවංක නිලධාරීන් හෙළි කල නිසාත් රටේ ජනාධිපති තවමත් රටට ආදරය කරන ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකු නිසාත් සාධාරණය ඉටුවීම නතර කිරීමට ඉතුරු වී ඇති එකම උපක්‍රමය කෙසේ හෝ ජනපති කම ඒ ජා ප යට ලබා ගැනීමයි. සිරිසේන මැතිතුමන් කෙරෙහි ඇති ජනතා විශ්වාසය ඉක්මනින් නැති කර දැමීමට ඔව්න් ක්‍රියා කරනු ඇත. රාමනායක මැතින්දුනි අප ඔබතුමන්ව අපි විශ්වාස කළෙමු. ඔබතුමා නියෝජනය කරන පක්ෂය ඉතිහාසයේ දැවැන්තම සොරකම කර ඇත. මහින්දට හොරා යයි කී ඔබ තවමත් දැවැන්ත සොර මණ්ඩලයක් සිටින පක්ෂයක සාමාජිකයෙකි. කරුණාකර දැන්වත් යහපාලන ප්‍රෝඩාව රටට හෙළි කරන්න.
බෙල්ල දෙන්න ඇවිල්ල තියෙන්නේ එක පවුලක් බේරාගන්න . දැන් වෙන දෙයකට මහජනයාව යොමු කරලා පරණ දේවල් අමතක කරන්න . දඩුවම් කරන්න ඕන, හැබයි හැමදෙයකටම . ගුරුතුමා කියල ලිස්සන්න බැහැනේ .
රන්ජන් ජනසටන අරඹමු. ගෙදර හොරුන් මුලින්ම එලවමු. පැරණ හොරුන්ට නඩු දැමීමට බල කරමු.
ඔයා හොරුන්ට කඩේ යන්න......... රටට හෙන ගහුවත් කමක් නැහැ.
කොහොම උනත් රන්ජගේ හෘද ශාක්ෂිය කියල දෙයක් තියෙනවා වගේ පේනවා... ඒකට බොරු කරන්න බැරී නිසා මෙහෙම කියන්නේ.
රන්ජන් කියන්නේ කෙලින් කතාකරන අවංක මිනිහෙක්. කවුරු මඩ ගැහුවත් මෙහෙම දේශපාලකයෝ හරිම අඩුයි. මේ මනුස්සයා හැම වෙලේම අවංක වෙන්න ගිහින් තමා අපහාස , අවලාද අහන්නේ. කවදාහරි මිනිස්සු තේරුම් ගනියි මෙයා කතා කරන්නේ ඇත්ත කියලා. රන්ජන්ට තවම, ගෙයක්වත් නැත්තේ අවංකකම වැඩි නිසයි. ඇත්තටම රනිල්ට අගමැති වෙන්න ලැබුනේ ජනාධිපති කල දේ නිසයි. දැන් එය රනිල්ටත්, ඔහුගේ ගැත්තන්ටත් අමතකයි.
එයා බෙල්ලදෙන්න අවේ නෑ බලෙන් අල්ලාගෙන ඇවිත් බෙල්ල දන්ගෙඩියේ තිබ්බේ ඔයාලයි. කව්ද හිතුවේ සිරිසේන මහත්තයා ජනාධිපති තනතුරට තරග කරයි කියලා. .