(විනීතා එම් ගමගේ)
සංශෝධිත ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සැකසුණු ආචාර ධර්ම පද්ධතිය ලබන 23 වැනිදා සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
එම සංශෝධිත ස්ථාවර නියෝග මේ වනවිට වෙබ් අඩවියට ඇතුළත් කර ඇතැයි ද කථානායකවරයා කීය.
ස්ථාවර නියෝග කලට ගැලපෙන අන්දමින් සංශෝධනය කර ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ විනය, කීර්තිය හා ගෞරවය රකින්නට බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විනයගරුක පාර්ලිමේන්තුවක් ලෙස ජාත්‍යන්තරය සළකන බවත් ජයසූරිය මහතා පැවැසීය.
පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් බවත් ස්ථාවර නියෝග කඩමින් එදා හැසිරීම් පිළිබඳ අභ්‍යන්තරව සැකසුණු පූර්ණ වාර්තාවක් ලැබී ඇති අතර එය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන ආචාරධර්ම පද්ධති දැම්මත් වැඩි දෙනෙක් 9 වැන් ශ්‍රේණිය වත් සමත් නොවුණු අයගෙන් ඔයිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කළ යුත්තේ පාර්ලිමේන්තුවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළවත් සමත් විය යුතුයි කියලා ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.
ඇ.. මක් කිව්වා.....මෙතෙක් කල් " ආචාර ධර්ම පද්ධතිය" නැති වුණු නිසාද මෙවන් වැදගත් ස්ථානයක "කුලුහරකුන්" ලෙස හැසිරෙන්නේ? ඔය කියන තැන ඉන්නේ අවුරුදු දහයේ දොළහේ ළමා ළපටින්ද? මෙතෙක් කල් හිටියේ? අප විශ්වාස කරනවා ඔය මඩවගුරේ ඉන්නේ ඔක්කොම අවුරුදු 25ට වැඩි හාදයෝ බව. ආචාර ධර්ම යන මේවා තම තමන් ඉපදුණු, හැදුණු වැඩුණු පරිසරයෙන් හා ඉගෙනගත් පාසලෙන් ලැබෙන දේවල් බව...
ආචාර ධර්ම වලින් පිරිහුණු ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් එකයි, අනිත් අයත් එකයි. නීති හැදුවාට මිනිස්සු දියුණු වෙන්නේ නැහැ.
මහත්තයෝ ආචාර ධර්ම වගේම ඒවා කැඩුවොත් ආණ්ඩුවෙන් දෙන දඩුවම්ද එයට එකතුකරන්න. එතකොට තමයි ඔය දියවන්නාවට එන අට පාස් අයට තේරෙන්නේ ...