(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අද රාත්‍රියේ දී අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය කරනු බවත් ඒ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නා මාරුවෙන් මාරුවට විශේෂ ප්‍රකාශ කරනවා විතරයි. මිනිස්සුන්ට හෙන හත වැදිලා තියෙන්නේ. බොරු කතා නැතුව වැඩක් කරන්නේ කවදද?
ජාතිය අගමැතිව අමතන්නෙ පෙබරවාරි 10
ජාතියෙන් සමාව ඉල්ලිය යුතුයි.
වුවමනා නෑ වොක්ස්වැගන් කම්හල බ්‍රෙස්ලට් ටැබ් පරිගණක වැනි දේවල් වලින් අමතලා තියෙන හරිය හොඳටම ඇති
මහබැංකුවේ ලැගුම් ගෙන සිටි ට්‍රිලියනයකට අධික සාම පරවියන් පර්පෙර්චුවල් සමාගම කරා ඉගිල ගිය පුවත ජනතාව වෙත දැනුවත් කිරීම සඳහා වෙන්ඩ ඇති. දැන් ඉතින් ඔවුන්ගේ නඩත්තුව පර්පෙර්චුවල් සමාගම වෙත පැවරෙන නිසා ජනතාවට දැරීමට සිදුවන බර ජනතාවගෙන් නිදහස් කලා කියා කියන්ඩ අමතක වෙයිද දන්නේ නැහැ.
අගමැති අද ජාතිය අමතයි. සියලුම රුපවාහිනී , ගුවන්විදුලි ,වසා දමන්න.
ඒක හොඳයි. මුළු රටේම මිනිස්සු උදේ හවස මෙතුමාගේ ජාතිය අමතන එකේ මෙතුමටත් අවස්ථාවක් දෙන්න ඕනනේ ..
මෙසරේ මොනවා දේවිද දන්නේ නැහැ එකක් ෂුවර් 2008 සිට 2015 දක්වා බැංකු බැඳුම්කර පරික්ෂා කරන බව කියාවි.
මහින්ද මහත්තය ජාතිය ඇමතුවේ රට ත්රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන්න. යහපාලන කණ්ඩායම විටින් විට ජාතිය අමතන්නේ එයාලගෙන් වෙච්ච හොරකම් ගැන කියන්න. අනේ රටකට වෙච්ච දෙයක්.
මම වෙමි "සුත්තර පුංචා" ලක්බිම සැම දන්නා..... හිතුනා "මෝඩයන්" අමතන්නට දුර හිතලා... මුරුංග ගස් යහමින් සැමතැන තිබෙන නිසා... හිතුනා බහින්නට මෝඩයෝ රැල උඩ තියලා...
ඔය ගොල්ලගෙ බොරු කතා අහල අපිට එපා වෙලා තිබෙන්නේ
සමහර විට ජාතියෙන් සමාව ගන්ට වෙන්නැති.
හරියට සිංහලත් බෑ. ඉතින් කොයි ජාතියද දන්නේ නෑ අමතන්නේ.
බළලුන් ලවා කොස් ඇට බාවල දැන් සුදනා වෙන්න එනවා.
ඩුබායි මෂ් රික් බැංකුවේ තියෙන ඩොලර් බිලියන 8 ගැන කියන්න කවුරුත් නෑ.ඒක හොයන්න ගිහින් දිල් රුක්ෂි මැඩම්ටත් ගෙදර යන්න උනා.
මට යේසු තුමන්ගේ අන්තිම භෝජනය මතක් වෙනවා. ඒ යේසු තුමා ඇන ගැහුම් කෑමට ඒ සිද්ධිය මුල් වුන නිසා නොව ඒ සිද්ධිය හරහා ලෝක ඉතිහාසයට එකතු වූ ද්‍රෝහී ජුදාස් කෙනෙකු නිසා.
මොන ප්‍රකාශ කළත් හොරකම හොරකමම තමයි.....බලයට ආපු දවසේ ඉදන් හොරුන් ආරක්ෂා කළා මෙයා දැන් වැඩේ වැරදුනා.....
මොන ජාතියද දන්නේ නැහැ අමතන්නේ?
පටි තද කරගෙන 10 වෙනිදට චන්දෙ දෙන්න කියන්න වෙන්න athi.
අපිට ඔයාගෙ කතා වැඩක් නැහැ . වැඩ බැරි අයගේ කතා අහල එපා වෙලා ඉන්නේ .
මේ තරම් රටට හානියක් කරපු මේ ආණ්ඩුවට කඩේ යන බත් කන හරක් රැලක් තවමත් ඉන්නවනේ
ලජ්ජා නැති කම අගමැති කමට වඩා ලොකුයි..................
අමතන්න ජාතියක් දැන් ඉතුරුවෙලා තියෙනවද? ලැජ්ජා නැති කම අගමැති කමටත් වඩා ලොකුයි ලු. ඡන්දෙ දීපු අපි හොරු හොරු සමග වාසේ දැන් හෙළුවෙන්.
අගමැති ජාතිය අමතයි... එතකොට මුළු ජාතියම ලුණු ඇඹුල් ඇතුව අගමැතිව අමතයි...
කීදෙනෙක් අහගෙන ඉඳීද කියන එක තමා අවුල. ඉතින් දැන් වෙන්න තියෙන නැස්පැන්තිය වෙලා හමාරයි. දැන් තියෙන්නේ වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගෙන හිතේ තියෙන උද්දච්ච කම අඩු කරගෙන කලිසන් කෝට් සමාජය පමණක් නැතුව සාමාන්‍ය ජනතාව සමඟත් ගනුදෙනු කරන අකාරය හොඳ හැටි තේරුම් ගෙන කටයුතු කරන එකයි. අර කුරුණෑගල පැත්තේ මන්ත්‍රී තුමාගෙන් මේගැන ටියුෂන් ටිකක් වත් ගත්තානම් ලෙහෙසියෙන් ගොඩ එන්න පුළුවන් වෙයි. එය දන්නවා හොඳ හොඳ නුල් සුස්තර.
අද නාට්ටියක් බලලත් ඉවරි , රැ 11 පසුව ඕන එකෙක් ඇමතුවාට කමක් නැහැ
FDI ඒකකය බැදුම්කර හුටපටේ නොදන්නා පාටයි.
හොරුන්ට ඉල්ලන් හිරේ දමා ජාතිය අමතන්නද. රවිව පක්ෂයෙන් නෙරපන්න්ද.
අනුමානයක් නැහැ මහ බැංකුවේ නම පර්පචුවල් ට්‍රෙෂරීස් කියලා වෙනස් කරන්න යනවා කියන්න වෙන්න ඇති. පර්පෙචුවල් ට්‍රෙෂරීස් කියන එකේ සිංහල තේරුම වන්නේ නිරන්තරයෙන් පහළ වන නිධානය යන්නය.
කව්ජ හොරා ......කව්ජ හොරාආආ.......
ජාතිය, අගමැති අමතන දිනය පෙබරවාරි 10.
මෙයා ජාතිය අමතන්නේ දුප්පතා ගේ අතේ තියෙන මුදලට ඇන්න මහා හොරා මම වෙමි... කියලා වෙන්න ඇති..
රනිල්ට අමතන්න මේ රටේ ජාතියක් තියෙනවාද? ජාතිය විනාශ කරලා ඉවරයි. එය ජඩපාලකයින් විසින් කරලා තියෙන්නේ මේ වගේ අය මොනවා අමතන්නද? මේ වගේ ද්‍රෝහීන් පලවා හැරිය යුතුයි. මොවුන්ට රූපවාහිනී නාලිකාවලින් ලබා දෙන කාලයත් ජාතික අපරාධයක්...
එහෙම ජනතාව අමතන්න ජාතියක් කියල දෙයක් මෙයා විසින් කිසිදාක හඳුනාගෙන තිබුනේ නැහැ.
බාගෙට දේවල් කියන්න එපා! රට ත්රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන්න ජාතිය අමතලා පස්සේ මුළු පවුලම දාල හොරකම් කරලා ජාතිය වැනසුවා! ඒ වැනසුම බේරගන්න කියල ආපු මෙයාල ජාතිය උලා කනවා!