(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
රාජකාරි කටයුත්තක් සදහා අකුරැස්ස හේනේගම ප්‍රදේශයට ගිය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීහූ සේවයට වාර්තා නොකර අද (17) වැඩවර්ජනයක නිරත වූහ.
සතියේ මහජන දිනය වන බදාදා දින එම වැඩවර්ජනය පැවැත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූහ.
එම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විරෝධතාකරුවෝ පොලීසියට බලකර සිටියහ.
අලුත්වැඩියා කරන ලද මාර්ගයක් නිරීක්ෂණය කිරීම සදහා අකුරැස්ස හේනේගම ඕවිටිමුල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවේ අදාළ ලේකම්වරයා එම ප්‍රහාරයට ලක් වි තිබිණි.
ඔහු සමග අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් ගාමිණි ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද ප්‍රහාරයට ලක් වු අතර ඔවුන්ගේ නිල වාහනවලටද අලාභ හානි සිදුව තිබිණි.
ඊට සම්බන්ධ සැකකරුවකු පොලීසිය විසින් සැක පිට අත් අඩංගුවට ගනු ලැබ තිබිණි.නමුත් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ වර්ජනයේ නිරත මාණ්ඩලික නිලධාරීන් පොලීසියෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව මාතර කොට්ඨාසය භාර පොලිස් නිලධාරී ජී.එච්.මාරපන මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ පහරදීමේ සිද්ධියෙන් පසු ප්‍රධාන සැකකරු ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත්ය.
හිසට තුවාල සිදුව අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කර සිටි එම ලේකම්වරයා රෝහලෙන් පිටව ගිය බව එම රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් මේ නිළධාරීන් ඇස් දෙක පියාගෙන චෙක් එක අත්සන් කරලා දෙනවා. ආණ්ඬුව මාරු උනාට පස්සේ තමා පරීක්ෂා කරන්න මතක් වෙලා තියෙන්නේ.
ඔය කියන්නේ ඒ කලේ ඔහේ කරපු අලුකුත්තේරු වැඩ. වැදගත්, අවංක නිලධාරීන් ඒ කාලෙත් එහෙම ජරා වැඩ කලේ නැහැ. තමන් හොරා නම් අනිත් අය දිහා බලන්නෙත් ඒ ඇහින් තමා.