(නිමල කොඩිතුවක්කු)
ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙක අතර මත ගැටුම් සහ බැණ ගැනීම් සෑහෙන කාලයක සිට තිබූ බවත් ඒ ගැන පුදුම විය යුතු නැති බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද(17) පැවසීය. යහපාලන ජාතික රජය එක පවුලක් බැවින් කිසිදු බරපතල ප‍්‍රශ්නයක් මෙතෙක් පැන නැගී නොමැති බවත් 2020 දක්වා රජය යන ගමනට මෙම ගැටලු මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු කියා සිටියේය.
‘‘ජාතික රජයේ පක්ෂ දෙක අතර හටගෙන ඇති මෙම තත්වය සෑහෙන්න කාලයක සිට සිදුවූ දෙයක්. සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන් ආණ්ඩු පක්ෂයටත් අගමැතිතුමාටත් මාධ්‍ය තුළ දිගින් දිගටම පහර ගසමින් ආවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රිවරුන්, ඇමැතිවරුන් කිහිප දෙනෙකුත් මේකට ප‍්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. ඒත් මේක හොඳ ප‍්‍රවණතාවයක් නෙමෙයි.‘‘ යයිද රංගේ බණ්ඩාර මහතා පැවසීය.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ නයින්ට කිරි පොවන්න ගියාට. එක්සත් ජාතික පක්ෂේ උදවිය අවුරුදු 18 ක් තිස්සේ පැරදිලා ඉඳල මන්ත්‍රීවරු 106 ක් දිනවලත් රජයක් පිහිටුවා ගත්තේ නැහැ. සල්ලිවලට ඕන තරම් මන්ත්‍රීවරු ගන්න පුළුවන් කම තිබියදී එහෙම කලෙත් නැහැ. නයි පැටවූ අල්ලාගෙන රෙද්ද අස්සේ දා ගත්ත. පක්ෂේ උදවියට සැලකුවෙත් නැහැ. සලකන්නත් බැහැ. දැන් වෙලා තියෙන්නේ රටේ හිටපු එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂේ ගැන බලාපොරොත්තු අත්හැර දමපු එක විතරයි. හැමදාම කලේ අනුන්ගේ ණය ගෙවල භාණ්ඩාගාරේ පුරවල ආයෙමත් උන්ට කන්න හදල දීපු එක විතරයි.