සිරාජ් හසිම්
යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බව උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර හෝ නැති බවද හෙතෙම කියා සිටියේය.
දෙමළ ජනතා සංසදය සංවිධානය කළ ආණ්ඩුක්‍රම මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.මෙම වැඩසටහන යාපනය වීරසිංහම් ශාලාවේදී අද (17) පැවතිණි.
යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නොව යුද අපරාධයක් බවත් මීට සම්බන්ධ සියල්ලන්ටම දඩුවම් දිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවද අවදාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් යුද්දේ ඉවර කරපු අය ගැන හොයන්න කලින් යුද්දේ පටන් ගත්ත ත්රස්තවාදීන් අතින් මියගිය අහිංසක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මුලින්ම පරීක්ෂණ කරලා සාධාරණයක් ඉෂ්ට කරලා ඉන්න ඕන.
උතුරේ පවතින්නේ යුද්ධයක් බව ඔප්පු කිරීමට ඔවුන්ට යුද නිළ ඇඳුම්ද, ආයුධ මෙන්ම පුහුණුව ද මේ විදේශිකයින් විසින් මේ ත්රස්තයන්ට ලබා දෙන විට දේශයේ පරමාධිපත්වය ට ඉන් හානි වන බව කියන්න ඔබගේ මුඛය විවෘත නොවුනේ ඔබත් ද්‍රවිඩ යෙක් වීම නිසාද නැත්නම් ද්‍රවිඩ ත්රස්තයන් කෙරෙහි තිබු භිය නිසාද? උතුරේ තිබුනේ යුද්ධයක් කියා කෑ මොර දෙන පිරිසට අයත් වන්නේ බටහිරට ගැති ආගමික හා ඔවුන්ගෙන් ආධාර ගන්න රාජ්‍යය නොවන සංවිධානයි. අපේ ත්‍රිවිධ හමුදාවන් ත්‍රස්ත මර්දනයට යොදා ගැනීමට සිදුවුයේ පිටින් ලැබුන ආධාර වලින් ත්‍රස්ත ව්‍යාපාරය බලාපොරොත්තු නොවූ ආකාරයට ප්‍රසාරණය වූ නිසාත් ඔවුන්ගේ ම්ලේච්ච ප්‍රහාර වලට සිවිල් වැසියන් ගොදුරු වීම නිසා ජනතාවට ආරක්ෂාව දීම ත්‍රිවිධ හමුදාවල වගකීමක් නිසාත්ය. ත්‍රස්ත වාදීන්ට උඩ ගෙඩි දුන් පිරිස ප්‍රාචාරය කලේ දෙමළ "ජනතාවට" තමන්ගේම රටක් සඳහා තීන්දු ගැනීමේ ස්වයං අයිතියක් ඇති බවයි. මේ උගුලට අසුවූ අපේ නුගත් දේශපාලකයින් සේම උගතුන් කියා ගන්නා මහා ඇදුරන් පවා ඉතාමත් මුග්ධ ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා හැඳින් වීමට "ජාතිය" යන වචනය පාවිච්චි කළා.
එතකොට දකුණේ වෙච්ච ත්‍රස්තවාදී ක්‍රියා වලට දදුවන දෙන්න ඕනේ නැත්ද?? ඒවා සම්බන්දයෙන් අත්අඩංගුවේ පසුවන් අයව නිදහස් කරන්න කියලත් කියනවනේ ඕගොල්ලෝ. මහත්තයෝ පරිස්සන් වෙන්න. දකුණේ අයගේ සීමාව පැන්නොත් ඔහෙට ඔය තනතුර දාලා දුවන්න තමා වෙන්නේ,
නින්දෙන් නැගිටලා...
දෙගොල්ලගෙම කපටිකම් වලට අහුවෙන දුප්පත් මිනිහා සිංහල දෙමළ මුස්ලිම් කියලා මරාගන්නවා.
මෙයා පරල වුනාට කව්ද භය? ඉස්සෙල්ල තොයිලේ නටපු යකදුරු මහතා තාම ඉන්නවා.
මෙයා උතුරේ දෙමළ ජාතිවාදය අවුස්සලා බලය රැක ගන්න උදව් කරනවා. මෙයාගේ මස්සිනා වාසු දකුණෙ සිංහල ජාතිවාදීන් එක්ක සෙට් වෙලා ආපහු බලයට එන්න උත්සහ කරනවා. දෙගොල්ලගෙම කපටිකම් වලට අහුවෙන දුප්පත් මිනිහා සිංහල දෙමළ මුස්ලිම් කියලා මරාගන්නවා.
LTTE එක කරපු අපරාධ වෙනුවෙන් මොවුන් වගකියනවද.