බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද අද පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී.
බැඳුම්කර වාර්තාව - http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2018/01/CBSL.pdf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් අපිට ගොන් පොරයක් බලාගන්න අවස්ථාව ලැබෙන්නයි යන්නේ. ප්‍රීතියි....
ඇත්තටම කවුද හොරා...?
අවුරුදු 3 ක් තිස්සේ කස සද්දේ විතරයි. ඉතුරු අවුරුදු 2 දී වත් පෙරහැර යයිද. නැත්නම් කට්ටිය කස විතරක් ගහල ගෙදරම යයිද?
ඉංග්‍රීසියෙන් විතරද! අපොයි අර සා.පෙ. සමත්වත් නැති 94 මොකද කරන්නේ.!
අපි නොදන්නා ඉංගිරිසි
පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට කොමෙන්ට්ස් නොදා ඉඳිමු මචන්ලා...
කස ඉවරවුණු ගමන්ම ආවේ ගිනිබෝල කරුවන් නේද? අපිවත් පුච්චලා ඒ අයත් පිච්චිලා ගියා. මේ අය පෙරහැරවල් කරපු අය නොවෙයි. පෙරහැර ගියපාරේ අලිබෙටි එකතු කරපු අයයි...
එතුමාට ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය ලබාදුන්නේ මේ මහ හොරකම නිසාද?
සුදනන් කවුද කියා හෙළි කරන ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් කොමිසම පත් කරනවා කිව්ව " ලබන සතිය" එන්නේ කවදාද ජනාධිපතිතුමනි? කතාව වගේම ක්‍රියාවත් වැදගත් වන බව වටහා ගන්න වෙයි. නැත්නම් දැන් ටික ටික පෙනෙනවා වගේ සුද්ධෝදනලා නැතිව දේවදත්තලා වැඩට බහින හැටි..
අම්බරුවෝ 37.5 ට එකක අනුපාතයක් වගේ පෙනෙන්නේ.
ඕකේ ඉන්නවා සාමාන්‍ය පෙළවත් සමත් නැති 94... එ් ගොල්ලන්ට ඕක සිංහලෙන් දුන්නත් ඕක කියවා තේරුම් ගැනීමට ධාරණ ශක්තියක් නැත. ඒ ගොල්ලන්ට තේරෙන එකම දෙය" හොරා " යන වචනය පමණි. කරුණාකර බොරුවට කාලය කාදමන්නේ නැතුව පොලිසියට කියන්න ඕක කියවල බලලා සැකකරයෝ අල්ලලා රිමාන්ඩ් කරලා නඩු පවරන්න කියලා..
මනෝජ්, කට්ටිය කස ගහලා පොඩි රෙස්ට් එකක් අරන් හවස් වුණාම ගිනිබෝල ටිකක් කරකවලා ගෙදර යාවි...
විභාග සමත් වූ පමණින් බුද්ධිමත් බව පිහිටන්නේ නැහැ.