( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ මහ නගර සභාවට තම පක්ෂය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජාතික ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම පෙත්සම කේ.ටී.චිත්‍රසිරි ,බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
මෙම පෙත්සම නීතිමය පදනමක් නොමැති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් අධිකරණය මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමූ අතර එම පක්ෂයේ ලේකම් ජනාධිපති නිතීඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd