පොලිස්පතිට දේශපාලන බලපෑම් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ. 25 October 2017
පුද්ගලයකුට දෙබරුන් 50 දෙනකු දෂ්ඨකරලා දෙබරුන් 50 දෙනකු පමණ දෂ්ඨ කිරීමෙන් අසාධ්‍යය තත්වයට පත්වී මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) පස්වරුවේ මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇත. 25 October 2017
ඇමැතිවරයකුගේ බලපෑමෙන් යාල කලින් ඇරලා තාවකාලිකව වසා දමා තිබූ යාල වන උද්‍යානයේ කලාප අංක 1කොටස රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසා නියමිත දිනට දින 9කට පෙර විවෘත කිරීමට සිදු වූ බව වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා අද (25) කොළඹ දී පැවැසීය. 25 October 2017
උපාලි කොඩිකාර රෝහල් ගත කරයි බන්ධනාගාර ගතව සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අද(25) පෙරවරුවේ තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. 25 October 2017
ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රීඩා ඇමැතිත් ලාහෝර් යයි ශ්‍රී ලංකා සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර ලාහෝර්හිදී පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගය සඳහා තමන් ද සහභාගී වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(25) පැවසීය. 25 October 2017
පරීක්ෂණයකට ලිඛිත පැමිණිල්ලක් ඕනෑලු ගෑස් ටෙන්ඩරය පිරිනැමීමේ ක්‍රියාදාමයේදී යම් ගැටළුවක් ඇති බවට ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය. 25 October 2017
‘වරාය නගරයේ වැඩ අඩක් අවසන්‘ - චම්පික වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අඩකටත් වඩා අවසන් වී ඇතැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(25) පැවසීය. 25 October 2017
අවම ප්‍රමිතිය වෙනස් නොකරන්න වෛද්‍ය සභාව තීරණය කරයි වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රමිතිය වෙනස් නොකිරීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ සභාපති ආචාර්ය කොල්වින් ගුණරත්න මහතා කියයි. 25 October 2017
රතන හිමියෝ ව්‍යවස්ථා ක්‍රියාවලියට එරෙහි වෙති නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මගින් ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙන බවත් තමන් මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද(25) පැවසූහ 25 October 2017
ලක්ෂ 10ක මත්පැන් සමග අයෙක් සැකපිට බලපත්‍ර නොමැතිව විදේශිය මත්පැන් බෝතල් 75 ක් නයිනමඩම ප්‍රදේශයේ නිවසක තබා ගැනිම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු අද (25) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 25 October 2017
ඇලෝසියස්ගේ රට යන ඉල්ලීම ඉවතට පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා මෙරටින් පිට වීමට කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) ප්‍රතික්ෂේප කරන ලදි. 25 October 2017
බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 25 October 2017
දුම්රියේ ගැටී සිසුවා මියයයි වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය බලා ධාවනයවූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුවකු (17) අද (25) මියගොස් ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි. 25 October 2017
දිවුලපිටි සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ් දිවුලපිටිය හේන්පිට ගෙදර දී විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයට ලක්ව පළා ගොස් පසුව රෝහල් ගත කළ සැකකරුව අද (25) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පත්මා අමරතුංග මහත්මිය රෝහලට ගොස් පරික්ෂා කිරිමෙන් පසු තුවාල ලබා සිටින සැකකරු ලබන මස 7 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරිමට නියෝග කළාය. 25 October 2017
නව නාවික හමුදාපති එස් රණසිංහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ මහතා පත් කරනු ලැබ ඇත. 25 October 2017
රංජන් රාමනායකට නොවැම්බර් 21දා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න කියයි අධිකරණයට අපහාස කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. 25 October 2017
බස් නැවතුමෙන් ටි56 පතොරොම් මතු වෙයි නෝටන්බි්රජ් ජම්බුගස්තැන්න ගැඩුව හන්දිය බස් නැවතුම්පොළේ තිබි ටි56 ජිව පතොරොම් හතක් සොයා ගත් බව නෝටන්බි්රජ් පොලිසිය පවසයි. 25 October 2017
විමල් වීරවංශ රෝහලේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටින බව පක්ෂ ආරංචි පවසයි. 25 October 2017
පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක් පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (24) සවස පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 25 October 2017
ගුටි ඇනගත් ගුරුවරුන් ගත් මඟම ගිය ආණමඩුවේ දරුවෝ ආණමඩුවේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු පාසල තුළදි ඇතිවු ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (24) දහවල් ගැටුමක් ඇති කර ගෙන ඇත. 24 October 2017
යාපනයේ බිලි පූජා තහනම් යාපනය ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා නොපවත්වන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලන්චේලියන් මහතා අද (24) තහනම් නියෝගයක් නිකුත් කළේය. 24 October 2017
ඇමැතිටත් හොරෙන් මාධ්‍ය ලේකම් මාධ්‍ය හමුවක් කැඳවලා සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මාධ්‍ය හමුවක් සඳහා සහභාගීවීමට අද (24) පස්වරුවේ එම අමාත්‍යාංශයට ගිය මාධ්‍යවේදීන්ට පැය එකහමාරක කාලයක් එහි රස්තියාදුවීමට සිදුවූ අතර නියමිත වේලාවට වඩා බොහෝ ප්‍රමාද වී ආරම්භ වූ මාධ්‍ය හමුව ද විනාඩි 5කට සීමා විය. 24 October 2017
මාස 20ට ගිනි අවි 1164ක් අල්ලයි රට පුරා ඇති නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ මෙහෙයුම් වලදී මාස 20ක් ඇතුළත ගිනි අවිය 1164 ක් සහ උණ්ඩ 3548 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 24 October 2017
මාලක සිල්වා විදෙස් තහනම කඩකර ඇත්දැයි සොයයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගය කඩකරමින් විදෙස් ගත වී අධිකරණයට අපහාස කර ඇත්දැයි සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද (24) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කළේය. 24 October 2017
උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (24) තීරණය කළේය. 24 October 2017
අල්ලස් ගත් ග්‍රාම සේවක රිමාන්ඩ් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අල්ලස් ගත් බව කියන බම්බලපිටිය ග්‍රාම නිලධරයා සහ අල්ලස් ලබාගැනීමට සහාය වූ පුද්ගලයා ලබන 7වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය. 24 October 2017
පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස රිමාන්ඩ් ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු හත් දෙනා ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංගි මහත්මිය නියෝග කළාය. 24 October 2017
පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ සේවය අත්හිටුවයි ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ එප්පාවල වැඩ බිමෙහි පිහිටි ඇඔරුම් යන්ත්‍රයක් සදහා ගියර් පද්ධති ද්විත්වයක් විදේශයකින් ආනයනය කිරීමේදි නියමිත ක්‍රමවේදය අනුගමනය නොකරමින් ඊට එරෙහිව යමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය කිරීමේ චෝදනාවක් සමිබන්ධයෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි යූ. එස්. ජී. පී. සූරියආරචිචි මහතාගේ සේවය අත් හිටුවා තිබේ. 24 October 2017
දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ තීරුබදු නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක් රැගෙනවිත් සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 20,000 බැගින් දඩයක් මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය. 24 October 2017
යාලට එන වාහන සීමා කෙරේ යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 24 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026