(කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි)
පුත්තලම සෙල්ලන්කන්දල් වනරක්ෂිතයේ ඇතා අද (14 වැනිදා) පෙරවරුවේදී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්රදේශයේ දී විදුලිය වැටෙන් පැන මාර්ගයට පැමිණ ඇත.
මේ පිළිබද අප පුත්තලම වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.එම්.එස්. චන්ද්රරත්න මහතා ගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඇතුන් සිය දළ උපයෝගිකර ගෙන විදුලිය වැටවල් කඩන බවයි.
රක්ෂිතයෙන් පිටතට විත් සිටින ඇතාව නැවත රක්ෂිතයට පළවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩයමක් යෙදවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් මේ ඇතාවවත් පරිස්සම් කරගනිමු. මේ වගෙ අපිටම ආවේනික වූ සතුන් ආරක්ෂා කරගැනීම අපේ ප්රධාන වගකීමක්.
ඇතෝ, වැට පනින එක එතරම් හොඳ දෙයක් නොවෙයි. අපේ කට්ටියත් ඉඳලා හිටලා වැටවල් පැනල නොන්ඩි වෙනවා..
ඇත් රජුනේ.... ඔබ යන්න, ඔබ යන්න, ඇත් දළ දෙක රැකගෙන ඔබ ආපු දිහාවටම යන්න.
වැට ආයේ හදල දාලා කැපුවා නම් ප්රශ්නේ ඉවරයිනේ...
අනේ මහත්තයෝ මේ සතාව නම් ඔයාලා ඔක්කොමලා එකතුවෙලා බේරගන්න. මෙයා හැමෝටම පේන තැනකට ඇවිල්ලා ඉන්නේ එ්කයි. දැන් පන්සලකවත් අලියෙක් නැහැනේ..
දාලා නෙමෙයි අනේ... දල නේද?