(ජේ.ඒ.එල්.ජයසිංහ,චන්දන උඩුවාවල)
නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේ තඹුත්තේගම හේනවල වංගුව අසලදී අද (15) ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියේ නියෝජ්‍ය අමාත්යවරයිගේ ආරක්ෂක පොලිස් නිලධරයා සහ රියදුරා වන අතර ඔවුන් ද තුවාල සිදු වී නොමැති බව පොලිසිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඡායාරූප හා විඩියෝ - චමිල් රූපසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉක්මනට බෙන්ස් එකකුත් ලැබුණයි .
ආත්මාර්ථකාමය එච්චර හොඳ දෙයක් නෙමෙයි.
නරකම නෑ නියෝජ්‍ය අමාත්‍යවරිය පාවිච්චි කරන වාහනේ. ඒ හැටි වටිනා එකක් නෙවෙයි.
ඔය පොටෝවල තිබෙන්නේ හැපුන වාහනයද? මටනම් සැකයි.
මහජනයාගේ අවධානය ලැබුණි නම් අවදානම වාසිදායකයි.
තඹුත්තේගම තියෙන්නේ මහව පැත්තේ නේ... එහෙ මොනවට යනවද?
ඉක්මණින් සනීප වෙන්න. අළුත්ම බෙන්ස් එකක් ලැබේවායි පතමු.
තඹුත්තේගම කොහෙද නුවර පාරේ? මෙහෙම බොරු මේ කඩුගන්නාවේ හෙනාවල වන්ගුවේනේ...
ඔය මර්සිඩීස් ජී.එල් රථය රුපියල් කොටි 4 වඩා වටිනාකම වැඩියි. විපක්ෂයෙන් අනිත් පැත්තට ගෙම්බා පැන්නේ මේක ලබාගන්න වෙන්න ඇති. අම්පාරට සේවය කරන්න බෙන්ස් නැතුව බැරුව ඇති.
මේ අනතුර ගැන හොඳට හොයලා බලන්න ඕන. පොහොට්ටුවේ දාලා ගිය ගමන් මෙහෙම අනතුරක් උන එක මටනම් සැකයි, මතකනේ ශ්‍රීපති සූරිය ආරච්චිට උන දේ.
ඔන්න මහජන මුදල් වලට වෙන දේ. කෝටි 4 ක් ඔය ටිකට පඩි අරගෙන වෙන්න බෑනේ.