සිරංගිකා ලොකුකරවිට
කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විවිධ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ලියැවුණු කොටි සංවිධානයේ ලාංඡනය සහිත පොතක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. .
ජීව උණ්ඩ 148ක් , ටී 56 වර්ගයේ මැගසින් එකක් සහ ජංගම දුරකථන හතරක් ද ඒ අතර තිබී ඇත. මෙම අවි ආයුධ සමඟ 37 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මතුවෙයි යහපාලනයේ ප්‍රතිඵල ඉදිරියට. එ්ත් මහින්ද මහත්තයා එනවා ඕවා ඔක්කෝම නතර කරන්න.
ඔව් ඔව් මහින්දගේම ගෝලයෙක් තමයි ඕක කරලා තියෙන්නේ..
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කවුද කියන එක උඩ තමයි හැම දෙයක්ම තීරණය කල යුතු.
ඡන්ද වාසි ලබා ගැනීමට මේවගේ දෙයක් කව්රුන් විසින් හෝ කරානම් ඔවුන් මෙලොව යහතින් ජීවත්වන්නේ නැත .