යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ.
අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දැනගත හැකිවූයේ ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි මහා ලොකුවට ජනාධිපතිවරණය පේනතෙක්මානයක නැහැ කියල ඒක තියෙන්නේ 2021 කියල කිව්ව කෙනා.
බලන්නකෝ ඒ කලේ වගේද දැන්? යහපාලනේ කොච්චර හොදද?
අැයි මෙයාගේ ගුවන් යානය බස්සන්න දුන්නේ නැත්තේ?
ඇමති ගුවන් හමුදා යානයකින් කොළඹ ආවද? එනගමන්ද? තාමත් උඩද?
කොහොමත් මෙයා යන්නේ හරියට පාරක් නොදන්නා අය එක්ක තමයි.
මෙගොල්ලට ගුවන් යානා මොකටද සිලින්ඩර් 8 ඇති ටොයෝටා සහරා වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන දීලා තිබෙන්නේ ඔය වගේ ගමන් යන්න.
උඩින් ගියාට අනිවාර්යයෙන්ම මෙයාගේ සිකියුරිටි එක සහ යාපනයේ එහා මෙහා ඇවිදින්න මෙයාගේ නිල රථය ඇතුළු රථ 3-4 අනිවාර්යයෙන් ජනතාවගේ බදු මුදල් වලින් පැට්රල් ගහගෙන සිකියුරිටි එකට සහ රියදුරන්ට බටා ඇතුළු දීමනා ගෙවාගෙන බිමින් යාපනේ යන්න ඇති...
මේකේ තියෙන්නේ කියවන අයට වැරදි අවබෝධයක් දෙන ශ්‍රීර්ෂ පාඨයක්. මහින්ද අමරවීර ආපසු පැමිණ ඇත්තේ ගුවන් හමුදාවේ වැඩසටහන් වලට අනුව ගමන් කල යානයකින් මිස ඔහු වෙනේවෙන්ම යොදාගත් යානයකින් නොවේ. ඔහු පලාලි වෙත ගියේ යාපනයේ පැවති තෛපොංගල් උත්සවයකට බවත් ඔහු එහිගිය පෞද්ගලික හෙලිකොප්ටර් යානයේ නියමුවාට පලාලි ගුවන්පථය "සොයාගැනීමට" නොහැකිවීම නිසා විනාඩි 45 කට වැඩි කාලයක් නිකරුනේ රස්තියාදු වීමට සිදුවූ බවත් තමා වාර්තා වී ඇත්තේ. ඇමතිවරයා ගුවන් යානයෙන් ගෙන එ්ම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා තිබුණා. මෙහි සඳහන් අදහස් දැක්වීම් වලින් කියවෙන්නේ ගුවන් හමුදාව ඇමැතිවරයා වෙනුවෙන් විශේෂ යානයක් ලබාදී ඇති බවකුයි. පහුගිය කාලයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යාල වනෝද්‍යානයේ සංචාරය කල වෙලාවේ පැවති අධික වර්ෂාවක් නිසා ඔහු ගමන්කළ ජීප් රථය මඩෙහි එරුණු වෙලාවේ ඇමතිවරයා ආපසු ගෙන ඒමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් යොදාගත් අවස්ථාව මෙහිදී සිහිපත් වෙනවා.
අයියෝ බස් එකක පාපුවරුවක් තිබුණා නම් පුරුද්දට නැගලා එයි...
කලින් මෙයා බැසිල්ට බෙරිහන් දුන්නා. හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් ගියා මුදල් විනාශ කළා කියලා දැන් මෙයාලා ගුවන් සවාරි. දේශපාලනේ අප්පිරියා චරිතයි..
මෙතුමා මුලින් ගියා කියන පුද්ගලික හෙලිකොප්ටරයට මුදල් ගෙවුවේ කවුද කියල මුලින්ම සොයල බලන්න ඕනේ ? තෛපොංගල් උත්සවය කියන්නේ හදිසි අවස්ථාවක් නොවේ , මේ ගොල්ලට දීල තිබෙන සුකොප්භෝගී වාහන වලින් කොළඹ ඉඳන් යාපනයට යන්න පුළුවන් පැය6-7 ඇතුලත , මේ ගොල්ල එනකොට පොලිසිය මාර්ගය ඉඩ අරන්දෙනවා හෙලිකොප්ටර් වලින් යන්න කිසිම අවශ්‍යතාවයක් නැත.