(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (15 වැනිදා) විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට ඇති මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උදුනක දමා පුලුස්සා විනාශ කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කරන ප්‍රථම වතාව මෙය බව කියැවේ.
ඉක්වදෝරයේ සිට බෙල්ජියම හා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ ‘මුන්රා’ වරයාට යන ‘එම්.එස්.සී. පැබිලෝ’ නෞකාවේ කන්ටේනරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.එබ්ලිව්.කේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ රේගු නිලධාරීන් සමඟ එක්ව කළ මෙහෙයුමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබිණි.
තේක්ක දැව කඳන් සහිත කන්ටේනරයක් තුළ ඉතා සුක්‍ෂම ආකාරයෙන් සඟවා තිබු මෙම කොකේන් තොගයේ කොකේන් කිලෝ 928 කුත් ග්‍රෑම් 229 ක් තිබී සොයා ගෙන තිබු අතර එය රුපියල් කෝටි ගණනක් වටිනා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් කරන ලද පරීක්‍ෂණ වලදී මෙම කොකේන් තොගය ලංකාවට එවා තිබු එකක් නොවන බවත් එය එවා තිබුනේ ඉන්දියාවට බවත් හෙළි වී තිබිණි.
ඉන්දියාවට එවා තිබු මෙම කොකේන් තොගය සම්බන්ධයෙන් එරටින් යළි ඉල්ලීමක් නොකිරීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් නැති රටේ තුත්තිරිත් ගහක්ලු. කරන්න වැඩ නැති එකේ මත්ද්‍රව්‍ය විනාස කරන්නත් දැන් රටේ ප්‍රධානියා යනවා.
කලින් ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැ. අර සතොසට ආපු කන්ටේනරයේ තිබුණු ඒවාට මොකද වුණේ...?