ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්නයි බෙල්ලන්විල හිමියෝ කියති දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. 24 October 2017
‘අද රටේ නායකයෝ ගොඩයි‘ - ඥානසාර හිමි ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත්නය හා විද්වතුන් ගන්නා තින්දු තිරණ සමග එක්ව රට බේරා ගැනිමේ අරගලයට ඉදිරියේ තමන් වහන්සේලා එක්වන බවත් බොදුබල සේනා ජාතික සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ. 24 October 2017
බස් රියෙන් මරුවා එයි මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මාර්ග හරහා වැටීමෙන් අද (24) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි. 24 October 2017
‘ඉදිරි අයවැයේදී ජනතාව මත පටවන බදු අඩුකරනවා‘ - ආශු මාරසිංහ 2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පැවසීය. 24 October 2017
අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක් ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත. 23 October 2017
ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනලා ’’තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ’’ යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 23 October 2017
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් අද (23) පැවැසීය. 23 October 2017
දැරිය අස් කිරීම ගැන මානව හිමිකම් විමර්ශනයක් උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 23 October 2017
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව කල් යයි නිල ගිනිඅවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් ඛෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (23) නියම කළේය. 23 October 2017
ඉන්දීය මලල කි‍්‍රඩකයා දුම්රියේ ගැටී මරුට වෙළද සේවා මලල කී‍්‍රඩා තරග සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ මළල කි‍්‍රඩකයකු අද (23) දහවල් බම්බලපිටිය දි දුම්රික ගැටී මියගොස් ඇති බව පොලිසිය කියයි. 23 October 2017
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකුට සිතාසි රුපියල් මිලියන 125ක අල්ලස් සිද්ධියේ ලේඛන කිහිපයක් සඟවා හෝ විනාශකර දමා ඇතැයි කියමින් හිටපු සහකාර රේගු අධිකාරිවරයකු පැවරූ නඩුවට කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන ජනවාරි මස පළමු වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් දෙදෙනකුට සිතාසි නිකුත් කළාය. 23 October 2017
සයිටම් තීන්දුව දෙදිනක් ඇතුළත ඉදිරි දින දෙක ඇතුළත සයිටම් අවසන් විසඳුම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 23 October 2017
‘රොකට් මෑන්’ මරාගෙන මැරෙන මෙහෙයුමක - ට්‍රම්ප් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය. 23 October 2017
ශ්‍රී ලංකාවේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ ප්‍රංශ දරුවා මියයයි සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ප්‍රංශ ජාතික පවුලකට අයත් වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් ජල භීතිකා රෝගය හේතුවෙන් ඹක්තෝම්බර් මස 19 වැනිදා මධ්‍යම ප්‍රංශයේ ලියෝන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇත 23 October 2017
දිවුලපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට මිනුවන්ගොඩ දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍ර දේශයේ දී අද (23) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් අතර ඇතුළු වු වෙඩි හුවමාරුවකින් පතාල සාමාජිකයකු බව කියන අලුතපොළ කුරේ නැමැත්තා මිය ගොස් තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 23 October 2017
බැඳුම්කර කොමිසමේ කාලය දිගුකරන්නැයි ඉල්ලයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය. 23 October 2017
අල්ලස් ගනිද්දී ග්‍රාම නිලධරයා කොටුවෙයි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට සහ පදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20000ක් ලබාගනිද්දී කොල්ලුපිටිය වැඩ බලන ග්‍රාම සේවා නිලධරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 23 October 2017
වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවාගන්නේ නැතිලු සයිටම් ආයතනයේ උප සභාපතිනි හිමාලි ජයතිලක මහත්මිය නිවේදනයක් යොමු කරමින් කියා සිටිනුයේ එම ආයතනයේ වෛද්‍ය පීඨයේ MBBS පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමක් මේ දිනවල නොකෙරෙන බවයි. 23 October 2017
දිවුලපිටිය වෙඩි තැබීමකින් පතාල සාමාජිකයෙක් මරුට දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී පතාල සාමාජිකයෙක් මිය ගිය බව පොලිසිය පවසයි. 23 October 2017
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනයට සැරසෙයි වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 23 October 2017
සිසුවියන් හතරකට අතවර කළ ගුරුවරයාට ඇප බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 23 October 2017
ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියාට පහර දුන් දෙදෙනා රිමාන්ඩ් කොළඹ මළලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේ පැවැති සාදයක දී ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිට පහර දුන්නැයි එම අංශයේම පොලිස් කොස්තාපල්වරයකු සහ නාවික හමුදා නිලධරයකු ලබන නොවැම්බර් 6වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය. 23 October 2017
රයන් ජයලත්ට ඇප සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය. 23 October 2017
අරියාලෙයිහිදී වෙඩි වැදුණු තරුණයා මරුට යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය කියයි. 23 October 2017
පණුවන් නිසා මුරියාකුලමේ ජනයාට පීඩා පණු විශේෂයක් හේතුවෙන් මුරියාකුලම ගම්මානයේ විශාල පිරිසක් ප්‍රීඩාවට පත්වී සිටිති. කොහොඹ, බුරුත, තේක්ක, දෙහි වැනි ගස්වල මෙම පණු විශේෂය බහුලව සිටින බව ප්රදේශවාසිහු පවසති. 22 October 2017
කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. 22 October 2017
රේස් ගිය බස් දෙකක් එකිනෙක ගැටේ බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් අද(22) එම මාර්ගයේ 10 කණුව ගොවිපලගම ප්‍රදේශයේ දි එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් පිරිසක් තුවාල ලැබූහ. 22 October 2017
නාවක්කුලිය හා යාපනය අතර දුම්රිය ගමන් දින පහකට නෑ උතුරු දුම්රිය මාර්ගයේ නාවක්කුලිය හා යාපනය අතර පිහිටි පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට(23) සිට 27වැනිදා දක්වා දින පහක් එම මාර්ග කොටසේ දුම්රිය ධාවනය සිදුනොවන බව දුම්රිය ගමනාගමන අධිකාරී කාර්යාලය පවසයි. 22 October 2017
අරියාලෙයි වෙඩි තැබීමකින් තරුණයකුට බරපතලයි යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (22) සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයකු (27) බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 22 October 2017
අල්ලස් නඩු 60 කදී 34 කට දඬුවම් අල්ලස් චෝදනාවන්ට ලක්වුවන් වැඩිම පිරිසකට දඬුවම් නියම කොට ඇත්තේ ද අල්ලස් නඩු වැඩිම ප්‍රමාණයක් විභාග කොට අවසන් කොට ඇත්තේද පසුගිය මාස නවයක කාලය තුළ දී බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 22 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026