(ජුඩ් සමන්ත)
නවගත්තේගම නගරයේදී තරුණයකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයකුව රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.
මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචිකරුවන් වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක යන දෙදෙනෙකුවය.
පසුගිය 10 වැනි දා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී මෙම ගැටුම සිදුවී ඇත.
පහර කෑමට ලක්ව ඇති නවගත්තේගම පදිංචිකරුවෙකු වන විද්‍යාපති මුත්තලාගේ බුද්ධික ශාලිත බණ්ඩාර සුභසිංහ (19) යන අය නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.
පසුවම ඔහු සිය කැමැත්තෙන් නවගත්තේගම රෝහලෙන් පිටත්ව ගොස් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත.
පහර කෑමට ලක්ව ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් දෙදෙනා අතර පෙර අමනාපයක් තිබී ඇති බවත්, මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ එය බවත් පොලීසිය කියයි.
නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රට පාලනය කරන්න සුදුසුකම්!
අර කතාවක් තියෙනවනේ අප්පා කරපු දේ පුතා නොකරොත් කියලා...
ගනු කඩුව, යනු සටනට...
මේ සංවිධායකතුමා ටික කලකට ඉහත මැදපෙරදිග රටවල්වල සංචාරය කලා පොහොට්ටුවට ආධාර එකතු කරන්න. ලංකාවට ආපහු ගිහින් සතියක් යන්නත් කලින් පොහොට්ටුව අත් ඇරලා නිදහස සොයා පක්ෂය මාරුකරලා සංවිධායක කමකුත් අරගෙන....