සිරංගිකා ලොකුකරවිට
ගාල්ල බෙලිගහ හන්දියේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ දැරියන් දෙදෙනකු හා බල්ලන් සපා කෑ තවත් දෙදෙනකු අද (12) කරාපිටිය රෝහලට ඇතුත් කර තිබූ අතර එහිදි හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලභීතිකා එන්නත විදීම තම රාජකාරිය නොවන බවයි.
රෝහල් අධ්යක්ෂකවරයාටද මෙම ගැටලුව සමතයකට පත් කරීමට නොහැකි වී ඇති අතර ඔහු පවසන්නේ මේ හේතුවෙන් දරුවන්ට යම් කරදරයක් සිදු වුවහොත් මෙයට සම්බන්ධ විශේෂඥ ශල්යවෙද්යවරුන් එහි වගකීම බාරගතයුතු බවයි.
අභ්‍යන්තර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු පවසන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් මෙම කාර්යය ඉටුකල යුතු බවයි. හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර පහසුකම් හා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හතර දෙනකු සිටින බවත් ලංකාවේ අනික් බොහෝ ප්‍රධාන රෝහල් වල මෙම කාර්යය ඉටුකරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් බවත් ඔවුහු පවසති.
එසේම මෙවැනි රෝගියෙකුට එන්නත් කිරීමෙන් පසු අවශ්‍ය වුවහොත් ශල්‍යාගාරයට ඇතුලත් කිරීමට සිදුවන බවද එවිට අභ්‍යන්තර ශල්‍යාගාර වල දෛනික සැත්කම් ප්‍රමාද කිරීමට සිදුවන බවද මෙම වෛද්‍යවරු පවසති.
වෛද්‍යවරුන්ගේ මෙම මත ගැටුම හේතුවෙන් රෝගීන් සිවුදෙනාට ප්‍රතිකාර ලබාදීමට අපහසු වී ඇති බව රෝහල් පරිපාලන අධිකාරිය පවසයි.
දැරියන් සපා කෑ බල්ලා මියගොස් ඇති බැවින් වෛද්‍යවරු පවසන්නේ හැකි ඉක්මනින් මෙම එන්නත ලබාදිය යුතු බවයි. කෙසේ වුවද අද රාත්‍රී වනතුරුත් මෙම ගැටලුව විසඳී නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත දෙන්න කොළඹින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යවන්න. මාසෙ පඩිය (කුලිය) කොළඹට ඇවිල්ලා ගන්න කියලා, තැන් දෙක තුනකින් බෙදලා දෙන විදියට වැඩ සලස්සන්න.
අපේ ලංකාවේ දොස්තරලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. 99% දොස්තරලා සල්ලි මත රාජකාරි කරන අතර මානුෂිය හැගීමක් ඇත්තෙම නැත. හොදම උදාහරණයක් මට මෑතකදී තියෙනවා. අපි රජයේ හොස්පිටල් එකකට ගියත් එතන ඉන්න ලොකු දොස්තර බලන්න නම් ඒ දොස්තර පිටින් චැනල් කරලා ඇදේ අංකය කියන්න ඕන. නැත්නම් බලන්නේ නැහැ. අනේ අපේ රටට ගිය කලක්.
ඔය වෛද්‍යවරු සයිටම් එකෙන් බිහිවූ අයද රජයේ වෛද්‍ය විද්‍යාලය කින් බිහිවූ අය මෙලෙස රෝගීන්ට නොසලකයි.
මේක තමා ලංකාවේ තියන ගැටලුව, හරියට මේක මෙතන විය යුතුයි කියල දෙයක් නැහැ. එක එක්කෙනාට ඕන විදිහට තමයි වැඩ, ඒක නිසා පාලකයිනි සයිටම් වගේ 10 දාන්න කලින් හරියට මාර්ගෝපදේශයක් හදන්න මම හිතන්නේ ඒක ගොඩක් ජනතාවට වැදගත් වෙයි.
ඇත්ත, එන්නත් විදිම ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකාරිය නොවේ, එය මුලික ප්‍රතිකාර ඒකකයේ වැඩක්, මෙම එන්නත් සදහා විශාල වෙලාවක් ගතවේ, එයින් ශල්‍යකර්ම ප්‍රමාදය සිදුවේ..
දියුණු රටවල නම් දොස්තරලා වසරක් පාසා තමන්ගේ බලපත්‍ර අලුත් කරගත යුතුයි. අපේ රටේ එවැනි ක්‍රමයක් ඇති කර විතරක් මදි හරියට ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. හිටි ගමන් වර්ජනය කරන , රාජකාරි වෙලාවේ චැනල් සේවාවේ ඉන්න , රෝගීන් නොසලකා හරින දොස්තර කොට්ටාශය හැදෙන්නේ එතකොටයි.
නොමිලේ ඉගෙනුමේ තෙල තමයි ඔය.
කතාවනම් නිදහස් සෞඛයයි, සයිටම් වහන්නයි.
මෙහෙමත් නරක මිනිස්සු කොටසක්! ඉතාලියේ දොස්තරවරු මොන තරම් හොඳද. ඔහොම ගියොත් ලංකාවේ දොස්තරලාව කඩේකට හොටලේකටවත් ඇතුල් කරගන්නේ නැති වෙයි.
පිටරැටියකුත් මියගිය දඩාවතේ යන බල්ලන් ඇල්ලීම නවතා දැමු එවකට ඇමතිතුමාගේ තීරණයක්...
සයිටම් එපා කියන අය මේ ගැන මොනවද කියන්නේ? මේකත් කුහකකම තමයි. වෛද්‍යවරු කියා ගන්න බිස්නස් කාරයින්ගේ සෛටෙම් එකෙක් මෙහෙම කලානම් කොහොම හිටියිද? සෛටෙම් එපා කියලා මේ අය ගහන බොරු කොහොමද? තවත් ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕනේ මෙන්න මේ නිසා රජය මේ අයට යට නොවී කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත යුතු වන්නේ ඒ නිසාය.
පිටරටක ගිහින් දොස්තරකම් කරනවා නම් සුද්දගේ අසූචිත් සුද්ද කරයි හිනාවෙලා.... ලංකාවේදී තමයි මහන්තත්වයක් ඔළුවට ගහලා තියෙන්නේ...
අපේ රටට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි.
මොවුන් මිනිසුන්ද? පාරේ යන යාචකයා පවා අනුන්ට උදව් කරනවා මිනිසත් බවේ නාමයෙන්. සුනඛයෝවත් නොකරන නින්දිත වැඩ තමයි දැන් කෙරෙන්නේ...
කව්ද නියම අය කියලා දැන්නම් තේරෙනවා.
අපි නිකන් කියවලා වැඩක් නෑ, මේ නොමිනිස් දොස්තරලාගේ කන් බිහිරි වෙලා
මෙනවා ඉගෙනගත්තත් මනුස්සකම ඉගෙන ගෙන නැත්නම් එයින් වැඩක් තියෙනවද? නමුත් සමහර අය කියනවා මනුස්සකම උගන්නන්න බෑ ,උප්පත්තියෙන්ම එන දෙයක් කියල.
මේක ගැන වැඩි දුර විස්තර නැතිව කියන්න බෑ. නමුත් ජල භීතිකාවට ගහන එක එන්නතක් ඒක ඇලජික් වෙන්න පුලුවන් අයට ගහන්නේ ශල්‍යාගාරයක් ඇතුලෙ. ඇලජික් වෙනවද නැද්ද හොයන්න විදිහක් නෑ. සැක කරලා කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ වෛද්‍ය හිඟයට වඩා ශල්‍යාගාර වල හිඟය නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් බවයි මට හිතෙන්නේ. දැනටමත් සයිටම් එකේ ඉන්න ලමයින්ගෙන් 30% දොස්තරලගෙ ලමයි. ඒ ගාණ ගෙවන්න පුලුවන් සෑහෙන තරම් පෞද්ගලික සේවයේ නියැලෙන දොස්තරලටම තමා, තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මත් ඒවයේ පරිපාලනය කරන්නේ හා උගන්වන්නේ දොස්තරලම නිසා ඒවයෙනුත් දොස්තරලගෙ ලමයින්ට ප්‍රමුඛතාව ලැබේවි.