(ක.ග කරුණාරත්න)
ජල ගැලීම් වලින් විනාශ වන රත්නපුර, කෑගල්ල, කළුතර වැනි ප්‍රදේශවල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අසීමිතව මහ මුහුදට ගලාගෙන යන ජලය විශාල නල මාර්ගයෙන් උතුරට, උතුරුමැදට සහ නැගෙනහිරට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වසරේ සිට සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
යල මහ කන්න දෙක පිළිබඳව අලුත් වැඩසටහනක් කාලසටහනක් මේ වසරේ සිට සකස් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ මැදිරිගිරියේ දියසෙන්පුර දී පැවති රැස්වීමකදී පැවසීය.
භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයන් කැඳවා තමන් කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව කියා සිටි බවද ජනපති අවධාරණය කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවන්ට සහයෝගය පළ කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යාපෘති ගණනාවක් සැලසුම් පෙර සකස් කලත් අන්තිමට වුනේ දේශපාලන හේතුන් මත අතහැර දැමීමටයි. හොදම උදාහරණය රත්නපුර ගං වතුර පාලන ජලාශයේ සැලසුම කලකට ඉහත දේශපාලන හේතුන් මත අතහැර දැමීමයි. කුමන බාධක ආවත් රටට ගැලපෙන සැලසුම් වෙනස් නොකර කඩිනමින් ඉටුකරන පාලකයන් නැතිනම් මේවා නිකම් කතා විතරයි.
හරියට කෙරුවොත් නියම වැඩක්
මාර වැඩකාරයනේ. ගිය අවුරුදු තුනේ අලුතෙන් මොන තරම් නම් ව්‍යාපෘති කළාද?
තාරකා විද්‍යාඥයන්...? උතුරු නැගෙනහිරටත් වතුර දීල හඳටත් වතුර දෙන්න ඒ ගමන ලෑස්තිය...
නක්ෂත්රකාරයෝගෙන් උපදෙස් ගන්නේ නැද්ද, තාරක විද්යාඥකයෝ කිව්වේ ඔවුන්ට නෙවේ නේද ?
ඉතාමත් හොද වැඩක් සහ ඉතාම පරිස්සමින් කරන්න ඕනි වැඩක්. නිවැරදි ශක්‍යතා අධ්‍යනයක් කරන්න නැත්නම් මේකත් උමා ඔය වගේ වෙන්න පුළුවන්.
ජලසම්පත් සංවර්ධන සැලසුම් සකස් කල යුත්තේ වාරි මාර්ග ඉංජිනේරුවන් මිස තාරකා හෝ භූ විද්‍යා විශේෂඥයින් නොවන බව ජනාධිපති නොදන්නා බව පෙනේ .මෙය ප්‍රායෝගික හෝ ආර්ථික වශයෙන් ඵලදායි යෝජනාවක් නොවේ................
ජනාධිපතිතුමා සිබිල් වෙත්තසිංහ වගේමයි. ටික ටික ජේ.කේ. රෝලින් වගේ වෙන්න හදන්නේ දැන්...
නිකම් කටට ආපු පලියට දේවල් නොකිය යුතුයි.
ඕවා ඉතින් කළොත් හොඳයි... මෙය ඉතින් සුරඟන කතා කියන්න දක්ෂයනේ...
ඕකට වියදම් කරන වෙලාවේ රත්නපුර වගේ පැති වල කාණු ටික හරියට හදලා ජලගැලීම් වෙන් නැති වෙන්න සංවර්ධනය කළා නම් හොඳ නැතිව ඇතිනේ..
හොඳ වැඩක් පිළිබඳව වචනයක් කිව්වත් අවබෝධ කරගන්න බැරි අය ගැන දුකේ බැහැ... තොත්ත බබාලා..
හැම අවුරුද්දකම අපේ රටේ කොහෙ හරි ගංවතුරට යටවෙලා හැම දෙයක්ම හෝදාපාලු වෙලා යනවා. මේ විදිහට අපි අපිට ලැබෙන වතුර ටික පාලනය කරගත්තා නම්.. මේක ගංවතුර ප්‍රශ්නයට වගේම පොහොර ප්‍රශ්නයටත් පිළිතුරක් වේවි!!!.
කරන්න පුළුවන්නම් ගොඩක් වටිනා දෙයක්...
ජලය විතරක් නොවෙයි... අපතේ යන ඔක්කොම උතුරට යවමු. එතකොට අපේ කුණු ප්‍රශ්නෙත් විසඳෙනවා. අර අනික් ප්‍රශ්නෙත් විසඳෙනවා.
දේශපාලන වේදිකාවල නැගල ඕවා කියන්න ලේසි වුනාට කරන්න ගියහම තමා තරු පෙනෙන්නේ
ඔය කතාව ඉතින් අද ඊයේ කියාපු එකක් නොවේනේ? පීටර් කෙනමන් මහත්තයත් ඇමති කාලේ රත්නපුර පොලිසිය ඉදිරිපිට පලකයක් විවෘත කළා එක කාලෙක කළු ගඟේ වතුර උතුරට හරවනවා කියාලා. එක තවම තියෙනවාද දන්නේ නැහැ.!
හොඳ ඵලදායී යෝජනාවක්...! හැබැයි උමං කර්මාන්තයට උපන් හපනුන් වන, නොර්ඩික්, ස්වීඩන් හෝ ඇමරිකන් රුසියන්, යුරෝපියන් රටකින් ආධාර ගත්තොත් තමයි හොඳ. නැතිනම් අර ඉරාන් කාරයෝ "උමා ඔය ව්‍යාපාරය කරන්න ගොහින් නාගත්තා" වගේ වෙයි.
සිරිසේන මහත්තයෝ, ඔයත් ඔය ඇමති වෙලා හිටියා නේද? ඒ කාලේ නිදාගෙනද හිටියේ? ඡන්දයක් ලංවෙනකොට බයිලා ගහනවා. නැති කොට නිදි. ලඟපාතක නැති හින්දයි මෙහෙම කියන්නේ....