ප්‍රින්ස් රත්නායක
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය කළ ලංගම බසයක් හා කොළඹ සිට බදුල්ල බලා ධාවනය කළ පෞද්ගලික බසයක් අද (12) මුහුණට මුහුණලා ගැටීමෙන් 9දෙනක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙම අනතුරු සිදුවඇත්තේ බෙලිහුල්ඔය දැඩි වංගු සහිත ප්රදේශයකදීය. ලංගම බසයේ පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සහ පෞද්ගලික බසයේ පැමිණි පිරිමි 7 දෙනෙක් තුවාල ලබා පඹහින්න ප්‍රාදේශීය රෝහළට ඇතුලත් කිරීමෙන් අනතුරුව බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත්කර ඇති බව රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.
පෞද්ගලික බසයේ රියදුරුද සිද්ධියෙන් තුවල ලබා ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි ලංගම බසයේ රියදුරු විරුද්ධපස මාර්ගය හරහා බසය අපරික්ෂාකාරී ලෙස ගෙනයාම හේතුවෙන් අනතුරු සිදුව තිබේ.
සිද්ධියට අදාල බදුල්ල ඩිපෝවට අයත් ලංගම බසයේ රියදුරු සමනලවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවත් 13 වැනිදා බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙන් එන වාහනයට ඉඩ නොදීම නිසා ප්‍රයිවෙට් බස් රියදුරු වැරදී වගේ. ඒත් ලංගමය හැප්පිලා තිබෙන්නේ පුද්ගලික බස් බඳේ. ලංගමයට තිබුනා අනතුර වළක්වාගන්න. දෙදෙනා ගෙන්ම අලාභය අයකර ගන්නවානම් සහ වෙන ස්ථානයක සේවයට ගන්නා විට පලමු සේවා කල ස්ථානයෙන් අස්වීමට හේතු සහ පොලිස් වාර්තා බලනවානම් මෙවැනි නොසැලකිලි නිසා වෙන අනතුරු වලක්වා ගත හැකිවේ කියා සිතමි.
ලංකාවේ බස් එලවන්නේ පයිලට්ලා... වැඩි හරියක් යන්නේ දකුණු පැත්තෙන්, කොළඹ -නුවර, කෑගල්ල- කොළඹ, රත්නපුර-කොළඹ පාර වල විශේෂයෙන් දකින්න පුළුවන්...
බසු රියදුරන් පාර බදු අරන් වගේ තමයි ධාවනය කරන්නේ. අනෙක් පැත්තෙන් එන කිසිම වාහනයක් ගැන අවධානයක් නැහැ. අනතුරින් අසරණ මගී ජීවිත බේරීම සතුටට කරුණක්...
ලංකාවේ බස් ධාවනය ඉතාම අශීලාචරයි, අසංවරයි. අද දිනද පොලිසිය ඉදිරි පිටදීම, පැල්මඩුල්ලේ බස් සියල්ල වාහන පෝලිමේ ධාවනය වෙද්දී මේ බස් රියදුරන් පාර විරුද්ධ දිසාවෙන් ගමන් කරමින් පාර හිර කෙරුවේ පොලිස් ඇස ඉදිරියේම කිව්වම පොලිස් නිලධාරියා කිව්වේ මොනවා කරන්නද කියලයි.., මම ඇසුවා අපි ඉරක් කැපුවම ඔයාලා නඩු දාන්න ඕනේ කියනවා අැයි ඒ? බස් ධාවන සංගමයෙන් පොලිසියට අවශ්‍ය දේවල්වලට ඔවුන් මුදල් එකතු කර දෙන නිසා මේවා විදෙස් රටවලින් පැමිණෙන වාර්තාකරුවන් (බීබීසී මාක් ලෝන්) වැනි උසස් නිලධාරීන් රටට පැමිණෙනවා. ඔවුන් දකින, කියන දේ පොලිසිය දන්නේ නැහැ. මෙය ලංකාවට වගේම රජයට ඇති විශාල අවනම්බුවක් වගේම ලොකු පැමිණිල්ලක්, අදවත් අවධානය යොමු කරන්න මේවාට...