යාපන සරසවියේ පංති වර්ජනයක් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වැනිදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති. 20 October 2017
කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. 20 October 2017
අලුත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිළධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරන සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 19 October 2017
රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද පාර්ලිමේන්තුවේදී අවවාද කළේය. 19 October 2017
ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය. 19 October 2017
විදුහල්පතිනියගේ සැමියා ගුරුවරයකුට ගහලා කල්පිටියේ පාසලක ගුරුවරයකුට එම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 19 October 2017
වෙලේ සුදාගෙ මල්ලී අත්අඩංගුවට හෙරොයින් ජාවාම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ බාල සහෝදරයා දෙහිවල - කඩවත පාරේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 19 October 2017
බණ්ඩාරවෙලට සහන දෙන්න තුන් මාසයක සැලැස්මක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව මාස තුනක විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 19 October 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 October 2017
හිටපු අගවිනිසුරුගෙ පෙත්සමේ විරෝධතා ගැන තීන්දුව කල්යයි පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස නීතීපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (06) දැනුම් දුන්නේය. 19 October 2017
ළමා අපයෝජක පියා 36 වසරක් හිරේට බාල වයස්කාර පිරිමි ළමයකු බියගන්වා බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 36 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 19 October 2017
සතුන්ට පිඩාවන පරිදි හෙලිකොප්ටරය පැදවු නිලධාරියාට අැප කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවාගෙන ගිය බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය. 19 October 2017
අල්ලස් ගත් ගොවි නිලධාරීන්ට සිර දඬුවම් ඉඩමක පස් ඉවත් කිරීමට සුදුසු බවට නිර්දේශ කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ගොවි ජන සංවර්ධන නිලධාරීවරයෙකුට සහ රාජ්‍ය කළමණාකරන සහකාරවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත දස වසර බැගින් සිර දඬුවම් (19) නියම කළේය. 19 October 2017
අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 19 October 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් හෙට(20) මධයම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි. 19 October 2017
සතොසේ සම්බා අද මැදියම් රැයේ සිට අඩුවෙයි ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි. 19 October 2017
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය. 19 October 2017
සයිටම් ගැන රජයේ ප්‍රතිපත්තිය සඳුදා සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එළැඹෙන සඳුදා (23) ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 October 2017
දෙකෝටියක රන් අබරණ සමඟ ගුවන් සේවකයෙක් රේගු දැලේ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 19 October 2017
උතුරු මැද හිටපු මහ ඇමැතිගෙන් ආණ්ඩුකාරවරයාට චෝදනා උතුරුමැද පළාතේ සේවය කළ ඉහළ නිලධාරිනියකගේ සේවා දිගුවක් සිදු කිරිමට සහයෝගය නොදුන් නිසා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දුන් බව පවසමින් පළාත් සභා ප්‍රධාන අමාත්‍යංශයේ සහ අනිකුත් ලේකම්වරු ස්ථාන මාරු කරමින් පළාත් සභාව අවුල් කරමින් දේශපාලන පළිගැනිම් සිදු කරන බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි. 19 October 2017
සුරා වැටලීමට ගිය පොලිස් නිලධරයා උඩුමහලෙන් ඇදවැටෙයි දොම්පෙ පොලිස් වසමට අයත් උඩමාපිටිගම ප්‍රදේශයේ හොර සුරා වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු දෙමහල් නිවසකින් ඇද වැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර පිණිස ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 19 October 2017
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක් දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය. 19 October 2017
විශාල ශබ්දය උල්කාශ්මියක් - ආචාර්ය චන්දන ජයරත්න දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා තහවුරු කළා. 18 October 2017
දකුණු දිග අහසේ විශාල ආලෝකයක් සමග ශබ්දයක් විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර ප්‍රදේශවාසීහු පවසති. 18 October 2017
ශ්‍රී පාද පියගැටපෙළට කුණු කන්දක් කඩාවැටෙයි නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ කැළි කසල කන්දක් කඩා වැටිමෙන් අවහිර වි ඇති ශ්‍රී පාද පියගැට පෙළ කඩිනමින් යථාතත්ත්වයට පත්කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසති. 18 October 2017
රැන්සම්වෙයාර් වෛරසය නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අවදානමේ රැන්සම්වෙයාර් නමැති වෛරසය ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද බලපෑම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 18 October 2017
පුංචි ඡන්දයට මැතිවරණ කොමිසමෙන් නිර්දේශ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීමේදී තරුණයින් සඳහා 25% ක හෝ ඊට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලික් ඉල්ලීමට තීරණය කර තිබේ. 18 October 2017
අධ්‍යාපන අමාත්‍යංශයත් තොරතුරු පනත උල්ලංඝනය කරයි තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ඉල්ලීම් වලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියා වන අධ්‍යාපන ලේකම්වරයා එම පනත සහ ඊට අදාළ ගැසට් පත්‍රය උල්ලංඝණය කරන බව තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබේ. 18 October 2017
මුලතිව් මුහුදේ නාන්න ගිය සිසුන් දෙදෙනකු අතුරුදන් දීපාවලිය සැමරුම අතර මුලතිව් මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ සිසුන් දෙදෙනෙක් අද (18) මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව මුලතිව් පොලීසිය කියයි. 18 October 2017
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි - මල්වතු නාහිමිවරු කියති නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු අද(18) විශේෂ නිවේදනයක් නිකුත් කළහ. 18 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026