(මනුල වික්‍රම)
දෙගුණයකට ඉහළ යන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් අනුරාධපුර මහ නගර සභාවේ සභා ගර්භය කඩා විශාල කිරිමට පියවර ගෙන ඇත. මෙතෙක් එම සභාවේ නගරාධිපතිවරයා ඇතුළුව සිටි සභික සංඛ්‍යාව 13කි. නව ඡන්ද ක්‍රමයට අනුව ලබන මාසයේ දී පත්වන සභාවේ සභික සංඛ්‍යාව 25ක් වේ.
ඔවුන් සඳහා රැස්වීමට ඉඩ මදිවීම හේතුවෙන් සභා ගර්භයත් මන්ත්‍රීවරුන්ගේ පොදු කාමරයත් දෙකම මේ වන විට කඩා පුළුල් කරමින් පවතින බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ හැටක් පමණ වැය වන බවත් නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවැසීය.
මන්ත්‍රී මණ්ඩලයක් නොමැතිව ගත වූ වසර එකහමාරක පමණ කාලයේ සභාව ක්‍රියාත්මක වූ අන්දම පිළිබඳව මාධ්‍යවේදින් හා කොමසාරිස්වරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය.
මන්ත්‍රීවරුන් 25 දෙනෙක්ගෙන් සැදුම් ලත් සභාවක් ලබන මාසය වන විට රැස්වෙනවා. දැනට ඇති ඉඩ කඩ ඒ සඳහා ප්‍රමාණවත් මදි. සභා ශාලාවට පිටින් තිබූ අමතර ඉඩ යොදාගෙන එම කොටස පුළුල් කරනවා. ඒ සමගම මන්ත්‍රිවරුන්ගේ කාමරයත් ලොකු කරන්න පියවර ගත්තා. ඒ අනුව නියෝජ්‍ය නගරාධිපති, නියෝජ්‍ය කොමසාරිස් හා පරිපාලන නිලධාරි කාමර එකිනෙකට වෙනස් වෙනවා.
මේ සඳහා ඉදිකිරීම්, මේස, පුටු, ශබ්ද විකාශන හා පටිගත කිරිම් පද්ධතිය ඇතුළු හැමදේම වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටක් පමණ යනවා. ඒ මුදල් මධ්‍යම ආණ්ඩුවේ අයවැය ලේඛනයෙන් වෙන් වෙලා තිබෙන්නේ. ලබන 10 වැනි දා වෙද්දී වැඩ නිම කරන්න අවශ්‍ය නිසා එම මුදල් ලැබෙන තුරු අපි පුළුල් කිරීම් සිදු කරනවා යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය වියදම් කරමින් ජනතා මුදල් නාස්ති කරන්නේ මොකද ? මෙහෙම ගියොත් අන්තිමට මේ රටේ ඉතුරු වෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු , පළාත්සභා මන්ත්‍රීවරු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , අමෙතිවරු ,රජයේ නිලධාරීන් සහ ලෙඩ වුන ,මහලු ජනතාවක් පමණි , ජිවන බර නිසා වැඩකළ හැකි තරුණ ජනතාව රට හැර ගොස් වෙනත් රටවල ජිවත් වනු ඇත
මොළය හෝ මිනිස්කම ප්‍රසාරණය වූ වගක් කොහෙන් හෝ අපට අහන්න ලැබෙනවාද. සල්ලි ටිකක් යහමින් අත ගෑ මිනිසුන්ගේ මොළය ඉදිමෙන ගතිය ශ්‍රී ලංකාවට ආවේනික යයි අපට සිතෙනවා. පළාත් සභාවට හෝ මැති සබයට එන්න කලින් හූනා වගේ හිටපු මිනිස්සු මෝරුන් උනේ අසරණ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් කියල හිතලවත් මේ නාස්තිය වළකා ගන්න බැරිද?
හරකුන්ව ගාල් කරන්න අනුරාධපුරේ ඕනෑ තරම් කැලේ ඉඩ තියෙන්නේ.