නිමල කොඩිතුවක්කු
බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(09)පැවසූහ.
බැඳුම්කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දීමෙන් පමණක් මෙම සිද්ධිය ලඝු කළ නොහැකි බවද උන්වහන්සේ සදහන් කළහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩළ ශ්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳුවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.
‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රියාදාමයට එරෙහිව එළිය සංවිධානය ලෙස අපි දිගින් දිගටම විරෝධතාවයේ නියලූනා. විවිධ තේමාවන් යොදාගනිමින් ඔවුන් මේ නිරත වෙලා ඉන්නේ රට බෙදීමේ උත්සාහයකයි. මේ ව්‍යවස්ථා ක‍්‍රියාවළිය දැන් තදබල නිද්‍රාවකටවැටිලා තියෙනවා. මේකෙන් ප‍්‍රකාශවෙන්නේ නැහැ ව්‍යවසතා ක‍්‍රියාවලිය අත්හිටුවාගෙන කියලා. ඔවුන්ට මේ ඡන්දයත් එක්ක මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය රට ඉදිරියට අරගෙන එන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හිතාමතාම මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය නිහඬ කරලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බෙදනවා කියල කියන්නේ මොනවගේ බෙදීමක්ද? දෙකට කරලා වෙන කෙනෙකුට දෙනවාද? නැත්නම් ජාතීන් අතර බෙදීමක් ඇතිකරනවද? පැහැදිලි මදි අපේ හාමුදුරුවනේ අපිට තේරෙන විදිහට කිව්වනම් තමා හොඳ. මේක කල්පැනපු දේශපාලනික ප්‍රකාශයක්, අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි විග්‍රහයක්.
හැම තිස්සෙම කියන්නේ ඕකනේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.
ඇයි විදුලි පුටු නැද්ද ? රණවිරු දඩයම් ඉවරද ?
මේ වගේ හාමුදුරුවෝ තමයි බුද්ධ ශාසනය විනාශ කරන්නේ...............
බැඳුම්කර වංචාවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් කියන්නේ දෙකක් නේ හාමුදුරුවනේ. මේ රටේ ඉන්නේ දැන් උගත් මිනිසුන් .
වැඩක් නැහැ හාමුදුරුවනේ... රට ගැන බොරු කියව කියවා ඉන්නේ නැතුව, මුලින්ම නිකාය, පාර්ශව වලට බෙදිලා තියෙන බුදුදහමේ සඟ සාසනය එක මහනායක කෙනෙක් යටතට ගෙනත්, දේශපාලන, කුල, නිකාය නැතුව, එක සඟ සමාජයක් කරලා පෙන්නන්න. එදාට අපිත් ඔබ වහන්සේ කියනදේ පිළිගෙන... ඔබ වහන්සේ කියන දේ කරන්නම්...