කන්දකැටිය ඇළේ ගිලා බැසීමට හේතුව පාෂාණ බලපෑමක් කන්දකැටිය කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරුඇල මැද සිදුවෙමින් පවත්නා ගිලා බැසීමට හේතුව ඇළ පතුලෙහි වූ පාෂාණ තට්ටුවට යටින් පිහිටි හුණුගල් පාෂාණයක බලපෑමක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා පැවැසීය . 16 October 2017
ලක්ෂ දෙකකට තවමත් නියඟයෙන් පීඩා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වුවද දිස්ත්‍රික්ක 18 ක ජනතාව තවමත් නියඟයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 October 2017
සයිටම් අර්බුදය විසඳන්න ජනපතිට අගමැතිට මැදිහත්වන්නැයි ඉල්ලයි ත්‍රෛනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීම අනුව සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිත් අගමැතිත් වහා මැදිහත් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 16 October 2017
තරු හෝටලයේ දී සිදුවූ අකරතැබ්බයට වන්දි ඉල්ලයි විදුලි සෝපානයේ සිරවී දහඩියෙන් තෙත් වී මහත් කම්පනයට හා ලැජ්ජාවට පත්ව සිටි තමන් ඉන් එළියට එන විට නැකත් වේලාව පසු වී තිබු නිසා කලින් සුදානම් කරගෙන තිබු පරිදි නැට්ටුවන් පෙරටු කරගත් පෙරහරකින් යෑම පසෙක දමා කෙළින්ම ගොස් විවාහ රෙජිසට්රාර්වරිය ඉදිරියේ අත්සන් කළේ ප්‍රතිඥා දීමවත් නොකොට යැයි කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයකින් රුපියල් ලක්ෂ 50ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් නීතීඥ වරුණ නානායක්කාර මහතා පැවසීය. 16 October 2017
‘නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි’ - ඇමැති මනෝ ගනේෂන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කර එම ප්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටු කර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ලෙසට තමන් රජයට අවධාරණය කරන බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (16) පැවසීය. 16 October 2017
‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 16 October 2017
වන අලි ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළෙක් මරුට මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබළෙකු අද (16) මාදුරුඔය රක්ෂිතයේ වනගත සටන් පුහුණුවක නිරතව සිටියදී වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි. 16 October 2017
කෝටි 10 ක් වංචා කළ ගුරුවරිය අත්අඩංගුවට ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වංචා කළ බව කියන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් කඩවත සූරියපාලූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2017
හොරෙන් විදුලිය ගත්තැයි ශලීල මුණසිංහට තවත් නඩුවක් තම නිවසට අයථා ලෙස විදුලිය ගත්තැයි චෝදනාවට ලක්ව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ලබන පෙබරවාරි 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(16) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 16 October 2017
දළුවත්තගේ පහර දීම ගැන පොලිස් කොමිසම පරීක්ෂණ අරඹයි හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව ඉකුත් 6 වැනි දා හම්බන්තොට දී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය පිළිබඳ ජාතික පොලිස් කොමිසම අද (16) සිට පරීක්ෂණ ආරම්භ කර ඇත. 16 October 2017
නාමල් ඇතුළු පහකට ඇප හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය. 16 October 2017
සීඅයිඩියවත් නීතිපති දෙපාර්තමේන්තුවවත් ප්‍රකාශ ගනිද්දී බලපෑම් කළේ නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. 16 October 2017
පිටිදූවේ සිරිධම්ම හිමියෝ සමාව ගනිති පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ. 16 October 2017
බැඳුම්කර කොමිසමට එන්න අගමැති සූදානම් බැඳුම්කර කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ කරුණුවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි. 16 October 2017
‘ආබාධිතයින්ට පහසුකම් නැති ස්ථාන හදන්න දෙන්නේ නෑ‘ - එස්.බී ආබාධිතයින්ට සමාන පහසුකම් නොමැතිව අලුතින් ඉදි කෙරෙන කිසිම පොදු ස්ථානයක් සෑදීමට ඉඩ නොදෙන බවත් එලෙස නොකරන ස්ථාන වලට නඩු දමා නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් සමාජ සවිබල ගැන්වීමේ හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මහනුවරදි පැවැසිය. 16 October 2017
බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ. 15 October 2017
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 189ක් මරුට සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු වෙත එල්ල වූ දැවැන්ත ට්‍රක් රථ ප්‍රහාරයකින් 189 දෙනකුට වැඩි පිරිසක් මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 15 October 2017
මහින්ද අධිකරණයෙන් සාධාරණය බලාපොරොත්තු වෙයි “හම්බන්තොටදී ජාතික සම්පත් විකිණීමට එරෙහි වූ තරුණ මන්ත්‍රීවරුන් වගේම මහමග ගිය අහිංසකයන් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ලොකු අසාධාරණයක් කර තිබෙනවා.“යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 October 2017
අමාත්‍යාංශයේ ස්ථාන මාරු රැවටිල්ලක් ස්ථාන මාරු ලබාදී ඇති ගුරුවරුන්ට එම මාරු දන්වා යවා ඇති ලිපිය ආයතන සංග්‍රහය හා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය උල්ලංඝණය කරන්නේ යැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි. 15 October 2017
මහ බැංකු සාමාජික නිහාල් ෆොන්සේකා බැඳුම්කර කොමිසමට මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජිකයකු ලෙස සේවය කරන නිහාල් ෆොන්සේකා මහතාගෙන් සාක්කි ලබා ගැනීම සඳහා හෙට (16) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. 15 October 2017
දිස්ත්‍රික්ක 06කට නාය යෑමේ අවදානමක් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 October 2017
තලතා අතුකොරළ රුසියාවට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී අද (15) සිට පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය. 15 October 2017
මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්‍යාපෘති කලමණාකාර මාධව ඉන්දික රත්නායක මහතා පවසයි. 15 October 2017
බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙන්න බැඳුම්කර ගනුදෙනුවේදී සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති හානිය වෘත්තීය සමිති ලෙස හෙලා දැකිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නාවික සේවකයන්ගේ වෘත්තීය සමිතියේ නායක පාලිත අතුකෝරල මහතා විසින් ජාතික කම්කරු උපදේශන සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 15 October 2017
වල්ලපට්ටා තොගයක් සමඟ දෙදෙනක් අත්අඩංගුවට ජංගම දුරකථන සහ වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 15 October 2017
ඉහළ කොත්මලේ-කැනියොන් වාන් දොරටු අරියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ. 15 October 2017
ගිංගඟ පිටාර ගලයි නෙළුව ප්‍රදේශයට සහ ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් අද (15) අළුයම සිට ගිං ගඟ ආශ්රිත පහත්බිම් රැසක් යටවී ඇතැයි ගිංගග භාර වාරීමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පවසයි. 15 October 2017
ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප් ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය. 14 October 2017
ලක්ෂපාන දොරටු දෙකක් අරී - කැලණි ගඟත් සැරවෙයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇද හැලෙන තද වර්ෂාව නිසා ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව පොලිසිය පවසයි. 14 October 2017
නාවලපිටියේ කොටසක් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ. 14 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026