‘උද්ඝෝෂණ කිරීමට හැමෝටම අයිතියක් තියෙනවා‘ උද්ඝෝෂණ කිරීමට ඕනෑම අයකුට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බවත් තම වෑයම රට වනසන යුද්ධයකට යළිත් ඉඩ නොතබා සියලූ ජාතින්ට එකට ජීවත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 14 October 2017
ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය. 14 October 2017
බදුරලියේ මාර්ග ජලයෙන් යටවෙයි බදුරලිය - කලවාන මාර්ගයේ මිදලන හා වලල්ලාවිට පැලවත්ත කොස්කැටිය මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරි හර්ෂ ඒකනායක මහතා පවසයි 14 October 2017
කැඳවුම්කරුවන් නිදහස් කරන්නැයි විරෝධතා රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කැඳවුම්කරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (14) බදුල්ලේදී විරෝධතාවක් පැවැත්වීය 14 October 2017
මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නගිමින් පවති. 14 October 2017
ව්‍යාපාරිකයාගේ සාක්කුවේ ලක්ෂ 30ක රන් භාණ්ඩ රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ ස්වර්ණාභරණ තොගයක් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 14 October 2017
තංගල්ලේ විරෝධයට අධිකරණයෙන් සීමා ‘ජාතික සම්පත් සුරකිමු-දේශාපාලන දඩයම නවතනු‘ මැයෙන් හෙට (15) තංගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයෙන් අනතුරුව තංගල්ල නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ නිහඬ විරෝධතාවට තංගල්ල මහේස්ත්‍රාත් මහී ඩිරේරත්න මහතා නියෝග කිහිපයක් පැනවීය. 14 October 2017
වැඩිම වැස්ස නෙළුවට ගිං ගඟේ ජල මට්ටම ඉහළට ඉකුත් පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි. 14 October 2017
උතුරේ හර්තාල් දේශපාලන වාසි වෙනුවෙන් - රුවන් විජයවර්ධන දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකලත් බරපතල වැරදි වලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. 13 October 2017
ජවිපෙට දුන් පොදු සමාව දෙමළ සිරකරුවන්ටත් ඉල්ලයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොපවරා දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 13 October 2017
ගුරුවරිය දණගැස්වූ දේශපාලකයාට යළිත් විරෝධය ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 13 October 2017
දුම්රිය ගේට්ටුකරු දුම්රියේ හැපී මරුට ගාල්ල මාගාල්ල අනුලාදේවි විදුහල අසල මාර්ගයේ දුම්රිය ගේට්ටුකරු ගේට්ටුව වැසීමට යාමේදී දුම්රියේ හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. 13 October 2017
කොමිසම ගැන කතා කළ රූපවාහිනී වැඩසටහන ගැන සොයයි බැඳුම්කර කොමිසමේ කටයුතු විවේචනය කරමින් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වු වැඩසටහනට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වන බව බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (13) කොමිසමට දැනුම් දුන්නේය. 13 October 2017
බැංකු සේවිකාවගේ නුවණ නිසා ලක්ෂ 2ක් බේරෙයි හෝමාගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් පාදුක්ක කුරුගල ග්‍රාමීය බැංකුව අද (13) සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස් වැසුම් පැළඳි යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් කොල්ල කා ඇතැයි පාදුක්ක පොලිසිය කියයි. 13 October 2017
පර්පචුවල් ලොක්කාගේ පෙත්සමේ නම් සංශෝධනය කරන්න අවසර පර්පචුවල් ටේරෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමට අද (13) අවසර දුන්නේය. 13 October 2017
මීගමුව - කටුනායක අතර දුම්රිය ගමන් හෙට නවතී පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (14) උදේ 8.35 සිට අනිද්දා (15) රාත්‍රී 8.00 දක්වා මීගමුව හා කටුනායක දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී කාර්යාලය පවසයි. 13 October 2017
රෝහිතගේ නඩුව 24 වැනි දාට කල්යයි සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන 24 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය. 13 October 2017
අවිනීත ගුරුවරුන්ට එරෙහිවන්නැයි ගුරු වෘත්තීය සමිති කියයි ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව මාරු කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් පොළඹවන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා ඇත. 13 October 2017
පවුල් දේශපාලනයට තිත-ෆයිසර් දේශපාලන පවුල් ගස් ඉදිරියේ දී මේ රටේ දේශපාලනය තුළ බිහි නොවනු ඇතැයි පලාත් පාලන හා පළාත් සබා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසයි. 13 October 2017
පළාත් පාලන සංශෝධනයට එරෙහිව දෙන්නෙක් අධිකරණයට පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීම මඟින් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 13 October 2017
මැතිවරණ පන්දුව තියෙන්නේ ඇමතිතුමා අතේ පළාත්පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අඟහරුවාදාවත් ගැසට් කරන්නේ නම් 19 වැනිදා පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දී නාමයෝජනා නිකුත් කරන දිනය ගැන තීන්දුවක් ගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය. 13 October 2017
පළාත් පලාන මැතිවරණය ජනවාරි 20 දා බව ශාන්ත බණ්ඩාර කියයි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 20 වැනි දා පැවත්වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් තරණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 13 October 2017
ඊලාම් සංකල්පය අලුත්වෙයි ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. 13 October 2017
හම්බන්තොට අබලන් පාසල් වාහන 10ක් අල්ලයි පාසල් සිසුන් ප්‍රවාහනය කරන අබලන් බස් හා වෑන් රථ 10 කට හම්බන්තොට මෝටර් රථ පරීක්ෂකවරයා අද (13) තහනම් නියෝග නිකුත් කරනු ලැබීය. 13 October 2017
ලිට්රෝ නව සභාපති නිශ්ශංක නානායක්කාර ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපති ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත්කරනු ලැබ සිටී. 13 October 2017
සැලසිනේ හිටපු සභාපතිට රතු වරෙන්තු සැලසිනේ ආයතනයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 120ක් අයථා පරිහරණයට යොදා ගත්තැයි චෝදනා ලැබ සිටින එහි හිටපු සභාපති ප්‍රදීප් උදයංග එදිරිසිංහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(13) ජාත්‍යන්තර රතු නිවේදන සහිත විවෘත වරෙන්තු නිකුත් කළේය. 13 October 2017
අධිවේගී මාර්ග ගැන පාර්ලිමේන්තු විවාදයක් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය. 13 October 2017
ප්‍රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. 13 October 2017
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද(13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත. 13 October 2017
හොරෙන් සල්ලි ගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට චෙන්නායි සිට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තම ගමන් මල්ලේ සඟවාගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට (36) ගත් බව ගුවන් තොටුපල රේගුව පවසයි. 13 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026