(විනීතා එම් ගමගේ)
බැඳුම්කර කොමිසමේ සියලූ කටයුතු නියාමනය කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් වන බැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවැරීම කල් ගත කළ යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු පැවරීම එතරම් අපහසු නොවන බව ද හෙතෙම කියා සිටියේය.
නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල් ගත නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘මේ වාර්තාවේ ඇමුණුම් දහසකට වඩා තිබෙනවා. ඒ නිසා මේකට කාලය ගත කළ යුතු නැහැ. සියලූ කටයුතු සම්පාදනය වී ඇති බැවින් ඉක්මනින්ම චෝදනා පත්‍ර භාරදිය හැකියි.
පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පවා මේ ගැන උනන්දුයි. මේ ගැන නීති සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා නම් ඉතා ඉක්මණින් හා පහසුවෙන් එයත් කරගන්න පුළුවන්.
හිටපු මහ බැංකු අධිපති ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නොවෙයි. පත් කළේ හෝ රැක්කේ ජනාධිපතිතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. ඔහුට විරුද්ධව නඩු පවරන එක වළක්වන්න උත්සාහ ගත්තේ ජනාධිපතිතුමා නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නොකලොත් ඒක පොහොට්ටුවට යන්න හොඳ හේතුවක් කරගන්න පුළුවන් නේද ?
ඇයි බැඳුම්කර නඩු විතරක්? රටේ අලුත් ජනපති කලින්ම කිව්වනේ ගුවන්තොටුපළවල් වහලා හොරුන්ට දඬුවම් දෙනව කියලා. අපි උපරිමයෙන්ම සහයෝගය දුන්නේ එදා හොරුන්ට දඬුවම් දෙනවට ඇත්තටම එදා මහා පරිමාණයෙන් හොරාකෑවනේ. ඔබට එදා හොරුන්ව අමතක වෙලා... අද හොරාව අල්ලමු කියන්නේ ඔබත් මැදමුල්ලනේද?
එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන... තව පීල්ල මාරු කරන්නත් හදනවා..
ඡන්දෙ කිට්ටු වෙනකොට ඔබතුමාලට කොහොමත් ඔය වගේ දවල් හීන පෙනෙනවා ඡන්දෙ අවසන් වුනහම ඕව ඔක්කොම අමතකවෙලා හොඳට නින්ද යනවා
දැන් ඔහු රටේ නැත්නම් කාටද නඩුදාන්නේ
තව නඩු තිබේනම් ඉක්මන් කරන්න බැරිද?
අන්තිම පරිච්චේදයෙන් මෙයාගෙ අදහස එලියට පැනල..
පරණ බැඳුම්කර ගැහිලි ගැන හොයන්න ඕනේ නැද්ද ? බලද්දී මහා බැංකුව විනෝද පිටියක් කරගෙනයි ඉඳලා තියෙන්නේ. අවුරුදු ගානක් දේශය පාලනය කරපු අය කිසි දෙයක් දන්නෙත් නැහැ කරලත් නැහැ. හැමෝම නිදියගෙනයි ඉඳලා තියෙන්නේ. පෙර, රටම හූරා කාපුවා ගැන ගානක්වත් නැද්ද? දන්නේ නැහැ මන් හිතන්නේ. පව්... ඒවත් ඉක්මන් කරන්න කියයි කියල අපි විශ්වාස කරනවා.
"හිටපු මහ බැංකු අධිපති ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නොවෙයි. පත් කළේ හෝ රැක්කේ ජනාධිපතිතුමා....නොවෙයි". මුළු රටම දන්නා දෙයක් කියා ගන්න මේ තොත්ත බබා ට බැරි හේතුව කවුරු කවුරුත් දන ගත්තොත් හොඳයි. මීළඟ මැතිවරණයේදී රනිල් හා මහින්ද සම්මුති ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඒ කට පැනගන්න දැන්මම පාර කපා ගන්නවා, ඔයා ඉතින් මැතිවරණයකින් දිනන්නත් එපායැ පනින්නත්... හ්ම්....!
ඔබතුමාගේ තෙල් වංචා නඩුවත් ඉක්මන් කලොත් හොඳයි.
රටට තියෙන ආදරේ. බලලා මල්ලෙන් පැන්නා. අනේ මේ මුහුණු ටික වෙනස් කරන්න ඡන්ද දායකයොත් පිටරටින් වත් ගෙන්වන්න ක්‍රමයක් නැද්ද?
ආණ්ඩුවෙන් එළියටම යන්න... නිකන් කහින්නේ නැතුව...
ඇයි ඇමැතිතුමෝ අනෙක් නඩු ඉක්මන් කලයුතු නැද්ද?
බිස්නස් කාරයෙක් හැටියට අර්ජුන ඇලෝසියස් වරදක් කර නැත. උපායශීලී ලෙස ඇතුලත ඉන්ෆොමේෂන් ලබාගෙන ගානට වැඩේ කළ බවයි පේන්නේ. ඊට සහය දුන් දේශපාලකයන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් ගල් ගැසුවාට අපට කමක් නැත. ඉස්සෙල්ලාම ගල ගහන්න මම එන්නම් මොකද මම බැංකු වංචාකර නැතිනිසා. අර්ජුන මහේන්ද්‍රන් දැනගෙන සිටියා මේ ආණ්ඩුවේ ඉන්නේ වැඩකට නැති මෝඩයින් බව එමනිසා ඔහු උපායශීලී ලෙස මහා බැංකු අධිපති වුණා. දැන් අර්ජුන මහේන්ද්‍රන් රටේ නැත. ගත්ත සල්ලිත් රටේ නැත. 62 ට දැන් මාර ජොලි ඇති දැන් ගොයියෝ ටිකට..