(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙගා ස.තො.ස ශාඛාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද(5) වැලිසර දී විවෘත කෙරිණි.
සුපිරි වෙළඳසලක ස්වභාවයෙන් සතොස ශාඛා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මෙගා ශාඛා විවෘත කෙරෙන අතර මෙම වසර අවසන් වන විට දිවයින පුරා එවන් ශාඛා 500ක් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දේශගුණය වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිවසේ අයවැයට වැදුණු පහර බොහෝ දුරට අඩු කළා මෙන්ම ජාතික ආර්ථිකයට වැදී තිබූ පහරත් අඩුකිරීමට රජයට හැකිවී ඇති බවයි.
මෙම වසරේ සිට විදේශ හා ජාතික පුද්ගලික ආයෝජන මගින් රටේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීමට පියවර ගන්නා බව කී අගමැතිවරයා ඒ සියල්ල කරන අතර ජනතාවට සාධාරණ මිලක් යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින්ද රජය ඉවත් නොවන බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනියා පස්සෙන් විල්පත්තුවා නේ.. රවීගේ ඉතිරිය අපි ගිලිනවා නේ.. අන්තිමේදී අපි ගොඩ යනවා නේ.. දෙවි පිහිටයි අපේ ලක්මවට අනේ..
මේ අයට නම් ඇත්තටම වයර් මාරු වෙලා. දීපව්‍යාප්තව මනා කාර්යක්ෂමව දැන් තියන සුපර්මාර්කට් පරදවා පවත්වාගෙන ගිය සතොස කාල දැම්මෙත් ජරාම දේශපාලකයො. මේවත් ඒ වගේම බොරු වැඩද.
"ජාතික ආර්ථිකයට වැදී තිබූ පහරත් අඩුකිරීමට රජයට හැකිවී ඇති බව..." අනේ ඔබ ඕවා කියන්නේ කොහොමද කියලා දැන ගන්න කැමතියි.
'මෙම වසර අවසන් වන විට දිවයින පුරා එවන් ශාඛා 500ක් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබේ' ඇත්තට...?
මේ ගොල්ලෝ ජනතා සල්ලි වලින් සතොසෙන් තමයි ඉන්නේ.
අගමැතිතුමා දැන් කියන්නේ පසු ගිය කාලයේදී ඇතිවූ අයහපත් දේශගුණික තත්වය නිසා රටේ ආර්ථිකයද අයහපත් වූ බවයි. එතුමාගේ පස්සෙන් ඉන්න කෙනා අයහපත් දේශගුණික විපර්යාස වලට හේතු වන වන විනාශයට මූලික කෙනෙක්. දේශගුණික විපර්යාස වලට පිළියම් සෙවීමට දේශපාලකයන් දැනගත යුතුය. අතීතයේ දී අපේ රජවරු වියළි කලාපයේ විශාල හා කුඩා වැව් කරවූයේ මේ හේතුව නිසයි. නමුත් දැන් එම දේවල් විනාශ වෙමින් යමින් තිබෙනවා. මට මතක හැටියට එතුමාගේ පක්ෂයේ කෙනෙක් ඉස්සර කිව්වේ දේශගුණික බලපෑම් වලට පිළියම් සොයා ගන්නට බැරි නම් එම දේශපාලකයන්ගෙන් වැඩක් නැහැ කියායි. දැන් එතුමන්ලාටත් එම කියමනම කියන්න වෙනවා.
මුලින්ම සතොස නැති කලේ 2002 දී . මේ අයගේ ආණ්ඩුව තිබූ කාලෙදී.
රටේ ජීවනාලිය බදු විල්පත්තුව කාබාසිනියා කරපු කෙනෙක් රටේ සංවර්ධනයට හූණු බිකක්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙන් බැඳුම්කරේ... මෙහෙන් විලපත්තු පාලුවෝ... මේ අය එක්ක මොන දේශපාලන ගමනක්ද?
මේවා මෙයාගේ පාලන කාලෙදිම ආර්.කේ. විසින් වහන්න සලස්සපුවා...
නියමයි, ඔය ජාලය තවත් පුළුල් කර එළවළු, පලතුරු ගොවියගෙන්ම මිලට ගෙන පාරිභෝගිකයාට ලැබෙන්න සලස් වන්න. එයින් ගොවියාටත් අපටත් විසල වාසියක් ලැබෙනවා. ඔය මාෆියා එක පරද්දන්න...
දැනටමත් පහුගිය ආණ්ඩුව කාලයේ සිට රත්මලානේ ගොළුමඩම හන්දියේ සතොස මෙගා එකක් තියෙනවා. මෙයා අලුතින් එහෙම එකක් ඇතිකලා වගේනේ කියන්නේ... මේවත් සොයන්නේ බලන්නේ නැතුව වාර්තා කරනවා.
අපේ සල්ලි වලින් මෙව්වා ආරම්භ කරලා පස්සේ ඔය 501 ම එක සැරේට හොඳ ගානකට ජාත්‍යන්තර සුපිරි වෙළඳසල් ජාලාවකට විකුනන්න පුළුවන් නේද? එතකොට ලංකාවේ පොඩි පොඩි කඩ කාරයොත් ඉවරයි. සතොසත් ඉවරයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.
අනේ මටනම් මොකුත් ඕනේ නෑ . මේ මෙගා සතොසේ පොල් තියනවද ගන්න රුපියල් 65 කට විතර. අපේ ගමේ පොල් රුපියල් 100 යි.
දැනටමත් විවෘත්ත කර සුපිරි වෙලදසැලක් ලෙස පවත්වාගෙන යන එකක් නේ ඔය ආයේ විවෘත්ත කලේ
සේවකයන්ගේ ආකල්ප වෙනස් කරන්න ...ආණ්ඩුවේ සැලකිල්ල නිසා මිනිස්සු එන්නේ නැහැ...අපි නිකන් බදු ගන්නවා වගේ හැසිරෙන්නේ....