(හැටන් රංජිත් රාජපක්ෂ)
බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.
බැඳුම්කර කොමිසමි වාර්තාව එළ දක්වමින් ජනාධීපතිවරයා අපේක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කිය.
ඒ මහතා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා කියා සිටියේ එම කොමිසමි වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නමි එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ඡන්දය ලබා දෙන බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතා වට එක්රැස්වී තරග වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බවයි බිමල් රත්නායක මහතා කියා සිටින්නේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙතෙක් ලබා ගෙන ඇති ජන්දය ප්‍රමාණය අභිබවා කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගෙන තිබු ඡන්දය ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවද බිමල් රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති මොනවටද ඒ ගොල්ලෝම ඒ වැඩේ කරගන්නවනේ යසට....
එජාපය වෙනුවෙන් ජවිපෙ කිඹුල් කඳුළු හෙලන්නේ රනිල් ගැන ඇති දුකටද?
හොරු යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? කරුණු හොයා බලා ඔබලාට නඩු දැමිය හැකිය. ඔබලා වැව් හාරනවා කියා හාරපු වැවක් අදටත් ඉතිරිව තියේද? එයද හොරකමකි. පඩි රැගෙන පඩියට වැඩක් නොකර සිටීමත් හොරකමකි. එය විපක්ෂයට ද අදාලයි. හොරකමට විරුද්ධ වීම යනු අධිකරණයේ වැරදි ඇතිනම් එයට, පොලිසියේ දූෂණ වලට නිලදාරීන්ගේ දූෂණ වලට යනාදී සැම තැනකට කරුණු සහිතව බය නැතිව කතා කිරීමයි. ඇත්තෙන්ම හරියට මම දැක්කේ රන්ජන් ඇමතිතුමා තනියෙන් කරන දේ ඔබලා 6 දෙනාට කිට්ටු කිරීමටත් බැරිබවයි.
ජනාදිපතිතුමා පන්දුව ඔසවා දුන් පසු පහරදීම ස්ථානගත කිරීම නිවැරදිව ඉටු කල යුත්තේ ඔබයි. එක්සත් ජාතික පක්ෂයට පහර දීමෙන් ඔබට ඡන්ද නොලැබෙන අතර ජනතාවට සෙතක් නොවේ. පාවෙන ඡන්ද ලබා ගැනීමට නම් වොයිස් කට් දේශපාලනයේ යෙදන පිස්සන්ගේ හඬට වඩා ඔබේ හඬ ප්‍රබල විය යුතු අතර සමාජ මදයෙන් කඩේ යන්නන්ගේ මතවාද පරාජය කල යුතුය.
අපි නම් කියන්නේ "අපි විතරක්" හොඳයි කියා.... එනමුත් රට්ටුන් දන්නවා අපි "මහා අපතයෝ" කියා... නිල් කොළ "බූරුවන්" වුණත් හොඳ හැටි හඳුනනවා... අනේ අපේ මවුබිම ඔක්කොම වනසනවා....
බිමල් ඔබගේ ප්‍රකාශයට අර්ථ දක්වමි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාපය විනාශ කරයි...
පුදුමවෙන්න දෙයක් නැහැ. ධර්මය දේශනා කරනකොට අපේ හාමුදුරුවරුත් කියනවා නේද තමන්ගේ පණ බේරාදුන් වඳුරත් මරාගෙන කන්න සැරසුණු මිනිසෙක් ගැන.
හැබෑ නොවෙන සිහින දකින්න කිසි කෙනෙකුට කාගෙන්වත් බාධාවක් නැහැ.
දැන් මේ අයට අමාරුව ජානාධිපති යූ.එන්.පී ය දියකරන එකටද? අහෝ මව්බිම නැත්නම් මරණය කිව්ව ඔබත් දැන් රට පාවාදෙන යූ.එන්.පී යට කඩේ යන විදිය තමයි.
හත් ඉලව්වේ මේවා එළි නොකිරීමෙන් දුප්පත් අපේ සේසතම විනාශ වෙන්නේ නැති ද? මේ කඩේ යන්නේ අපි වෙනුවෙන්ද? සහෝදරයා වම දකුණ මාරු වෙලා.
තමන්ගේ බලය පවත්වා ගැනිමට ඕනැම යටිකූට්ටු වැඩක් කරන්න පැකිලිමකින් තොරව ඉදිරිපත් වෙනවා. මේ මගඩි සියල්ලෙහිම යටි අරමුණ තමන්ව මෙි පුටුවට ගෙනාපු අයව විනාශ කිරිමයි. ඒක දැන් සිදුවෙලා ඉවරයි. එජාපයේ බුද්ධිමත් අය සිටියත් දැන් පොලොන්නරුව ග්රාමසේවකයාගේ උගුලට අහුවෙලා ඉවරයි..
මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?
ඇයි ඔබට දුකයිද ඒකට?
ඔයාට තියෙන අමාරුව මොකක්ද?
ජනපතිතුමා දියමන්තියක් බව ඔබ දන්නේ දැන්ද? හේතුව, දැනගන්න නම් "ධම්ම පදය" කියවන්න. 'ගලෙම්ම ඇතිවී , එම ගල කා දමන ...
ජනාධිපතිතුමාට විනාශ කරන්න දෙයක් නැත. අගමැතිතුමා දැනටමත් විනාශ කරගෙනයි තිබෙන්නේ.
ජේ වී පී එක කියන්නේ සිරිකොත (යූඑන්පී) එකේ මාධ්‍ය ජාලයයි. කෙසේ වෙතත් පාලකයින්ට කඩේ යන පිංගුත්තර කුමන්ත්රණකාරයින්ම තමයි.
මොකද දුකයිද ඒ.ජා.පෙ විනාශ වෙනවට? මෙන්න නියම ධනවාදයේ වහල්ලු...
සිහිනය සැබෑ වේවා!!! අලියා දිනනවා. ඒ රනිල් නිසා නොවේ. මහින්ද නිසයි.
ඇයි අවුල්ද? කීයක් හරි හම්බවෙන තැනට වඳිනකොට ටිකක් රිදෙනවා තමයි. මොනවා කරන්නද? කෝප් කමිටුවෙන් ඩින්ගිත්තක් කොනිත්තන්ට හැදුවට, පණුවෝ ගහන මහ වනයක් වෙයි කියලා හිතුවේ නෑ නේද?
ලෝකයේ කිසිම පක්ෂයක්, වෙන පක්ෂයක් විනාශ වෙනඑක ගැන දුකින් කතා කරලා නැහැ. අනික වාමාංශික යැයි කියාගන්නා පක්ෂයක් ධනවාදී පක්ෂයක් වීම ගැන අවුලක් මොකටද? ලංකාවේ කවදාවත්ප්රධාන පක්ෂ 2 විනාශ වෙන්නේ නැහැ. බය නැතිව ඉන්න.. ඒ අය රටට කරපු යමක් තියෙනවා.
දැන් මේ වුණු වංචාවට මොනවා හරි දඬුවමක්, පාඩමක් දෙන්නනේ යන්නේ. ඒකට ආණ්ඩුව මුහුණ දුන්නා බලය පාවිච්චි කරලා. පාර්ලිමේන්තුවේ කට වහලා යට ගහන්න බැරිවුනානේ. නමුත් පසුගිය වකවානුවේ හිතුමතේ රට සූරා කාපුවාට කෝ දඬුවම්? මාධ්‍ය වලටත් බැරි වුණා මහජනයා දැනුවත් කරන්න. දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රමයෙන්, දූෂිත මැතිඇමතිවරු ගෙදර යවන්නයි. එහෙම නැතිනම් පරණ දූෂිත අය සමග එකතු වෙලා ඡන්ද දිනන්න නෙමෙයි. ඒකට නෙමේ, ඡන්ද පොලට නොගිය අය 2015 ජනවාරි එළියට බැහැලා තමන්ගේ ඡන්දය පාවිච්චි කලේ. යහපත් රටක් හදන්න. දැන් ආයේ හදන්නේ පරණ දූෂිතයන් සමග එකතු වෙලා නාඩගම් නටන්න. කොමිසන් සභා වලින් වැඩක් නැහැනේ... පරණ දූෂිතයින්ගේ ෆයිල් යට ගහල අලුත් ෆයිල් උඩ ගන්න.. කාගේ හරි බලපෑමක් නැතිනම්.
උඩින් දාලා තියෙන අදහස් වලින්ම පේනවා රටේ මිනිස්සු එජාපය ගැනයි, රතු අලි පැටව් ගැනයි හිතාගෙන ඉන්න විදිය. ලැජ්ජාව කියලා එකක් තියනවා නම් රතු අලි පැටව් දැන් කට පියාගෙන ඉන්න ඕනේ. මොකද යහපාලනේට කඩේ ගියේ රෙදි නැතුවයි.
සහෝදරයට වයර් මාරු වෙලා. මල්ලේ ඉඳල බළලෙකුත් එලියට පැන්නා. බල ලෝභය කියන ලෙඩේ හැදුණාම කටින් පිටවෙන දේවල් පාලනය කරගන්න ටිකක් අමාරු වෙනවා. බැලුවම ලප කුමාර විතරක් නොවෙයි මෙයත් කඩේ යන්නේ රට විකුණන නඩයටනේ...
අනේ මෙයා, රතු අලි පැටියට දුක හිතිලා අඬනවා අනේ!
හැබැයි ඇත්තටම මෙහෙම කියල තියෙනවනම් සුනිල් හදුන්නේත්තිටත් කරන අපහාසයක් මොකද එය කෝප් එකේ නොහිටින්න ඔය හොරකම අහුවෙන්නේ නෑ. යු. එන්. පී . වේවා ශ්‍රී ලංකා හෝ වේවා ජේ.වී.පී . වේවා හොරා හොරමයි.
සම්පූර්ණ කතාවම අහලා බලන්න.
බිමල් හරි කියා අප පවසන්නේ වසර 50ක පමණ කාලයක දේශපාලන අත් දැකීම් ඇති අයෙක් ලෙසයි. සමහර අය මෝඩ ලෙස සිතන්නේ එ ජ පය දියවීම ගැන බිමල් දුකෙන් කතා කරනවා කියා. මේ ප්රශ්නයේදී කට දාන ඇතැම් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු පවා ඉතාමත් බොළඳ හා මුග්ධ අන්දමට තත්වය විග්රහ කර ඇත්තේ "කඩුව වන වනා මෛත්‍රී කරන්නේ බොරුවක්.. මෛත්‍රී ගේ ඒකායන අරමුණ රනිල්ව ආරක්ෂා කිරීම" යන්නයි. මෛත්‍රී හා රනිල් සම්බන්ධව ඇති හොඳම උදාහරණය "යා දෙක නොරත රත - එකට පෑහීමක් නැත" යන්නයි. මේක නොකෙරෙන දීගයක් බව අප මුල සිට කීවේ යහපාලන දීගයේ ඒ ජා ප යේ කාන්තාව කලින් සිට හොර රහසේ පවත්වා ගෙන ගිය අනියම් සම්බන්ධය විවාහයෙන් පසුවත් පරාජිත හිටපු පාලකයා සමග පවත්වා ගෙන ගිය නිසයි.
මහින්දලා දන්නවා බැදුම්කර හොරුන්ට දඩුවම් කලොත් ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඩුවම් ලැබෙනවා කියල. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා.
ජනාධිපති වරයා බලයට පත් කිරීමට උදව් කල එජාපය විනාශ කිරීමට සැලසුම් කිරීම ගුණමකු කමකි .මෙය පෙන්වා දුන් ජවිපෙ බිමල් රත්නායක මහතාට එජාපෙ අපි ස්තූතිවන්ත විය යුතුයි !
කොමිසමේ නිර්දේශයට අනුව රවී කරුණානායක වරද කරුවෙක් සහ ඔහුට ව්රුද්දව ගත යුතු ක්‍රියාමාර්ග ගැන හරිම පැහැදිලි සරල භාෂාවෙන් ජනාධිපති තුමා ප්‍රකාශ කලා. එත් අගමැති තුමා ගැන කොමිසමේ නිර්දේශය පැහැදිලි නොවෙන විදිහට මහාප්රනයෙන් දුන්නේ කැමති විධිහකට හිතාගන්න කියල. " අගමැති තුමාගේ වගකීම විධිමත්" කිව්වහම , වැරදි බවට වගකීමක්ද? වැරදි නොවන බවට වගකීමක්ද? ජනාධිපති තුමා හීන් නුලෙන් තමයි අපිව ගොනාට අන්දන්න හදන්නේ.
එළිපිට කඩේ යනවා කියන්නේ මේකටයි.
ජනතා විමුක්ති පෙරමුණ ඇමතිකම් ලබාගෙන මෛත්‍රී ජනාධිපති තුමාට සහයෝගය දී පොහොට්ටුවට අලියාත් දෙකම පරාජය කල යුතුයි....... නැත්නම් අපත් නැතිවේවි.
ඡනාධීපති සාමාන්‍යෙයන් ඔය වගේ චරිතයක් තමයි. ඒකනේ ඡන්දේ කටට තියලා දිනුවත් අගමැතිකම නොදෙනබව කියා ප්‍රථිඵල උඩුයටිකුරැ කලේ. හැබැයි ඒකට ඒ දෙදෙනා පමණක් තවමත් දන්න හේතුවක් අැති. නමුත් මේ කතාවේදි් බිමල් හදන්නේ දෙගොල්ලා හප්පලා තියන්න වගෙයි' මොකක් උනත් පාවෙන ඡන්ද හුගක් බිමල්ලා අඩුකරගත්තා පළාත්සභා ඡ්න්දයේදි් රඡයට ඒකතුවෙලා ඒ වාසියත් අාන්ඩුවේ අනිත් ක්‍රියා කලාපයත් ඒක්ක අැන ගත්තේ නැත්නම් වැඩි වාසිය පොහොට්ටුවට තමයි.......
ජනාධිපතිතුමා බලයට ගෙනාවේ ඔය මොන පක්ෂයක්වත් නොවේ... ජනතාවයි. ඔහු කළ යුත්තේ අර පක්ෂ මේ පක්ෂ රකින හෝ කඩන එක නොවේ. රට සහ ජනතාව රැක ගැනීම. එහෙම වැඩ කරන කාලෙකින් ලැබුණ ජනාධිපති කෙනෙක් තමයි මෛත්‍රී කියන්නේ. පක්ෂෙ, පාට කණ්නාඩි අහක දාලා බැලුවොත් ඒක පෙනේවි. පක්ෂ විදිහට බැලුවොත් කිසිම පක්ෂයකට ජනාධිපතිතුමාගේ වැඩ නිසා හානියක් නැහැ. මොකද පක්ෂයක් කියන්නේ ව්‍යවස්ථාවකට අනුව ක්‍රියාත්මක යාන්ත්‍රණයක්. ජනාධිපතිතුමාගේ කටයුතු නිසා හානි වන්නේ මොන පක්ෂයේ වුවත් රටට ද්‍රෝහි වූ අයයි. අනෙක මහත්වරුනි, සහෝදරවරුනි රටට වින කරන දේශපාලකයින් රකින ඔය පක්ෂ තිබ්බත් වැඩක් තියෙනවද?
කථාවක් කරන කොට ගලා යාමක් තියෙනවා. එතකොට කියන එක ප්‍රකාශයක් විතරක් අරන් පත්තරේ හෝ ටී වී එකේ දාපුවාම එන්නෙ සම්පූර්ණ විකෘති අදහසක්.