(විනීතා එම් ගමගේ)
විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලිය ගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් යවමින් කියා සිටියි.
ඔවුන් සිදුකර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කණෙන් රිංගා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමකැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
විද්‍යා උපකරණ කට්ටලයක් ලබාදීමට පැමිණෙන්නැයි දුරකථන මඟින් දන්වා විදුහල්පතිවරු අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන පසුව අදාල විද්‍යා උපකරණ කට්ටලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් යවන බවත් කොළඹට කැඳවූයේ විද්‍යා උපකරණ හඳුන්වාදීමේ වැඩසටහනක් සඳහා බවත් පසුව ගුරුවරුන්ට පවසා ඇතැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙය වෙනස්ම අන්දමේ දන්සල් ක‍්‍රමයකැයි පෙනී යන බව කී ස්ටාලින් මහතා මැතිවරණය ඉලක්ක කරගෙන බලය යොදවා කරන මෙවැනි නින්දා සහගත කටයුතු හෙළා දකින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා සහගතයි. මහින්ද රාජපක්ෂ ගිය පාරේම නේද ඔය ගොල්ලත් යන්නේ?
දැන් එතකොට ප‍්‍රචාරක කටයුත්ත කරලා තියෙන්නේ අලියාද අතද?
වෙනසකට කියල ගෙනාපු රනිල්, සිරිසේන දෙන්නා 'යහපාලනය' කියලා අද රටේ කරගෙන යන කෙරුවාව ගැන දැන් ටොයියන්ට සතුටුද?
අරලිය දන්සැල කියලා කියනකොටම මට මතක්වුනේ අපේ ගමේ හාල් බිස්නස් කරන මුදලාලි, පිනට දහමට කැමති ධනපතියෙක් වන එතුමත් ඡන්ද කිට්ටුවෙන කොට සාමාන්‍යයෙන් දන්සල් පටන් ගන්නවා. මම හිතුවේ මේපාර එතුමා කලින්ම පටන් අරගෙනද කියලයි. එතුමා ඡන්දෙට කලින් කරන පින්දහම් වල අානිශංසේ ඡන්දෙ පහුවුණු ගමන්ම ලැබෙනවා... එතුමා අද ප්‍රකෝටිපතියෙක්...
ස්ටාලින් මහත්තයා ගුරු සංගමේ අය එක්ක මීට ඉස්සර ඔය වගේ අරලියගහ වලව්වට ගිහිල්ලා දන්සල් කාල බීල ආවේ නැද්ද? දැන් ඔබ තුලින් පෙනෙන ඔය යහපාලන ශක්තියට අපි කැමතියි. අවංක නායකයන් බිහිවේවා!