(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් අනුරුද්ධ පොල්ගම්පොල මහතා පැවසීය.
අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද(5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති මාලාවක් හෝ මෙතෙක් එළිදක්වා නොමැති බව කී පොල්ගම්පොල මහතා එහි නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වන අයුරින් සැකසීම කිසියම් පිරිසකගේ සිත සැනසවීමේ අරමුණින් කළ අභ්‍යන්තර කුමන්ත්‍රණයක්ද යන්න ගැන සැකයක් තිබෙන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ පුද්ගලයා. අපි අහලවත් නැහැ.
අනුරුද්ධ!!! මේ සිද්ධියේදී ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි. ශ්‍රී ලංකා දේශපාලනය කියන්නේ කුමන්ත්‍රණ ජාලයක්. ගෙවෙන හැම විනාඩියේදීම පක්ෂ පක්ෂ එක්වෙන්න හෝ බෙදෙන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන අතර මේවා පිටුපස විදෙස් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානත් සිටිනවා. ඔබට සිතෙන, ඒ වගේම ඔබ දන්නා තොරතුරු මාධ්‍ය ඔස්සේ බෙදා හරින්න. ශ්‍රී ලංකා පොදු පෙරමුණ (වසර 12ක් ඒජාපයේ සිට ශ්‍රීලනිප යට ආ ) බැසිල්ගේ මුදල් වලින් ඔහුගේ මෙන්ම ජී එල් ගේත් පැරණි පක්ෂයට නව ජීවනයක් දෙන්න කුමන්ත්‍රණයක් තියෙනවා. මහින්දව මුලින් අගමැති කර ඊට පසුව බැසිල්ව අගමැති කරන සැලැස්මක් තමයි එහි අරමුණ වන්නේ. ජනතාව ඉතාමත් සෝදිසියෙන් සිටිය යුතුයි.
මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ... දැන් නම්. කව්ද, මොකෙන් ඉල්ලනවද, කොහාට පනිනවද, දැන්ම පනිනවද, ඡන්දෙන් පස්සේ පනිනවද, මේ ක්‍රමය වහාම වෙනස් කල යුතුයි. ජනතාව නොමග යනවා මේ යන විදිහට...
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ දේශපාලඥයින් වැටී ඇති අඝාධය පිළිබඳව මේ කාලයේ පලවන ප්රවෘත්ති වලින් හොඳින්ම පෙනී යයි. දේශපාලඥයින් සහ ඔවුන්ට කිසිම හිරිකිතයක් හෝ අවශේෂණයක් නැතිව එළිපිට යුහුසුළුව " කඩේයන" සියලුම දෙනා රට ගැනවත්, රටේ ජනතාවගේ සුභ සිද්ධිය ගැනවත් තඹ දොයිතුවක්වත් සලකන්නේ නැතිබව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. තමන් කල සියලු දූෂණ වංචාවන් සඳහා ලැබිය යුතු සාධාරණ දඬුවම් වලින් ගැලවීමට සමහරු වලිකති. බලය නැතිවුවහොත් වලපල්ලට යන බව දන්නා නිසා තමන්ගේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමහරු වලි කති. බලය ලබාගැනීම සිහිනයක් බව හොඳින්ම දන්නා සමහරු රට අරාජික කිරීමට වලිකති. රට බල්ලට ගියත් තමන්ගේ පෞද්ගලික එදිරි වාදිකම් ඉදිරියෙන් තබා මාධ්‍ය සදාචාරය තුට්ටුවකටවත් ගණන් නොගන්නා සමහරු උදේ, හවස තමන් නුරුස්සනා නායකයින්ගේ රීරි මාංශ අනුභව කිරීමේ දොළදුකෙන් පෙළෙමින් නින්දිත අන්දමට අමුලික බේගල් ප්‍රචාරය කිරීමේ මෙහෙයුමක යෙදී සිටිති. තව දුරටත් මේ රට කිසිදාක ගොඩ ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැතැයි මේ සියල්ල දෙස කම්පාවෙන් බලා සිටින අපට හැඟෙයි. මේ ඛේදවාචකය නිසා මෙදාත් දිනන්නේ දිනිය යුතු නැති කපටින්ය. නරුමයන්ය. අඳබාලයින්ය.
මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්න ඇති කරන එක පිටිපස්සේ හොල්මන් තියෙන බව සැකයක් නැහැ. හැබැයි මේ මොන උප්පරවැට්ටි දැම්මත් ජනතාව සැදී පැහැදී ඉන්නේ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න.
ජනාධිපතිවෙලා කැබිනට් එක විසුරුවල, එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ව අගමැති කරවලා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණය කාගේද කියලා නොතේරෙන්න තරම් දැන් ඉන්න මිනිස්සු මෝඩ නැහැ.... පැත්ත මාරුකළාට ඔබ තුමාට මොනවද හම්බ වුනේ?
අනුරුද්ධ මහතා කියන කාරණය සත්‍යයක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය පරදවා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනඒම පොහොට්ටු පක්ෂයේ නායකයන්ගේ අරමුණයි. ඔවුන්ට අවශ්‍ය දුෂණ නඩු යට ගැසීමයි.
සමහර මිනිස්සු ඉන්නවා තමන් විනාශ වෙනවා පේන්නේ නැහැ. ඒ තරම් අන්ධයි. ඡන්ද කාලෙට පක්ෂ මාරු කරන අයට ඒක පේනකොට සිද්ධ වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි!
පොහොට්ටුවේ නායකයින්ට ඕනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිතුමා පැරදවීමයි. ඔවුන් එක්සත් ජාතික පක්ෂය දිනවීමට අනියම් අයුරින් උදව් කරනවා. මේක විශාල කුමන්ත්‍රණයක්...
මම දැක්කමයි ගිලෙන නැව් වලට යන මීයෝ.