තරිඳු ජයවර්ධන
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් පසුගිය ඔක්තෝබර් මාසය දක්වා පැමිණිලි 92ක විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් මේ වන විට නඩු පවරා ඇත්තේ පැමිණිලි 13ක් සම්බන්ධයෙන් බව පොලිසිය කියයි.
පොලිසිය මේ බව සඳහන් කරන්නේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ ඉල්ලීමට අනුව තොරතුරු එවමිනි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා ඊට ලැබී ඇති පැමිණිලි ගණන 336කි. එම කොට්ඨාසය එම පැමිණිලිවලින් 92ක විමර්ශන කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් ගොනු කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක් ගොනු කර ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිලිවලින් බහුතරයක් 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ 1982 අංක 12 දරණ පොදු දේපොල පනත යටතේ ගැණෙන වැරදිවලට අදාල බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දැම්මට දඬුවම් ලැබුණු කෙනෙක් නෑ.
වසර ගණනාවක් සිට ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකලත් නඩු 12ක් පමණි නඩුපවරා ඇත්තේ. දාපු නඩුත් ඉක්මණින් අහන පාටක් නැහැ. මෙම ප්‍රමාදය නිසා හිටපු හොරු සහ ඒ අයට කඩේ යන එවුන් බඩපිලුම් ගහනවා. එමනිසා ජනවාරි 03 වෙනිදා පොර ටෝක් දීපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සියලු හොරුන්ට මෙම වසර අවසන් වන්නට පෙර දඬුවම් දීමට කටුතු කරන්න කියායි.
කිසිම පක්ෂ භේදයකින් තොරව වැරදි කරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. වැරදි කරුවන්ගේ සියලු වත්කම් රාජසන්තක කල යුතුයි.
ගිය ආණ්ඩුවේ නම් නීතිපතිගේ නම මෙච්චර ප්‍රසිද්ධ උනේවත් මෙහෙම නඩු දාපු එව්වා ගැන කතාවක් වත් තිබුනේ නැහැ. මහින්ද මහත්තයට කඩේ යන මහත්වරු තේරුම් ගත්තොත් හොඳයි තාම පාවෙන ඡන්ද යහපාලනය ගාව රැඳිලා තියෙනවා කියලා. මොන නඩුවෙන් බේරුනත් මිනිස්සු දන්නවා කව්ද ඇත්තටම හොරු කියලා.