කොකේන් විකිණූ බාප්පයි පුතයි අත්අඩංගුවට කඩුවෙල සහ පානදුර ප්‍රදේශවල කොකේන් මත් කුඩු විකිණීමේ නිරත වූ එකම පවුලේ බාප්පා සහ පුතා රුපියල් ලක්ෂ හයහාමාරක් පමණ වටිනා කොකේන් මත් කුඩු ග්‍රෑම් පනස් හයක්ද සමගින් අද(18) සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 18 October 2017
අතුරුදන් තරුණියක් රඳවාගත්තැයි ගම්පහ කතක් අත්අඩංගුවට වැල්ලම්පිටියේ දී අතුරුදන් වූ තරුණියන්ගෙන් 14 හැවිරිදි තරුණිය ගම්පහ නිවසක රඳවා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ පදිංචි කතක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන එමින් සිටී. 18 October 2017
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් නෑ - පාකිස්තානු විදේශ ලේකම් පකිස්තානයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (18) ප්‍රකාශ කළාය. 18 October 2017
අතුරුදන් වූ තරුණියන් තිදෙනා හමුවෙයි කොළොන්නාවේදී අතුරුදන් වූ තරුණියන් තිදෙනා අද(18) පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 18 October 2017
‘රජයේ ප්‍රධාන වැවිලි සමාගම් තුනක අර්ථ සාධක හිඟ මුදල් ගෙවා නෑ‘ රජයේ ප්‍රධාන වැවිලි සමාගම් 3කින් රුපියල් මිලියන 1,702ක අර්ථ සාධක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව අනාවරණය වී ඇතැයි කම්කරු අමාත්‍යංශය කියයි. 18 October 2017
බණ්ඩාරගමදී වෙඩි හුවමාරුවක් නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් බණ්ඩාරගම , මාරාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කරද්දී රථයේ සිටි සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර සමග පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි. 18 October 2017
හෙරොයින් සමග සැකකරුවකු දැලේ යාපනය ආනාකෝට්ටෙයි ප්‍රදේශයේදී රුපියල් 50000 කට අධික වටිනාකමින් යුත් හෙරෝයින් ග්‍රෑම් 2ක් හා මිලිග්‍රෑම් 150ක් අලෙවිකිරීම සඳහා රැගෙනයමින් සිටි අයකු යාපනය ආනාකෝට්ටේ හීදි අද(18) අත්අඩංගුවටගත් බව මාණික්පායි පොලිසිය පවසයි. 18 October 2017
මියගිය යෝධ තල්මසෙක් කල්පිටිය මුහුදු තීරයේ කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට අඩි 60ක් පමණ දිගැති යෝධ තල්මස් සිරුරක් ගොඩ ගසා තිබිණි. 18 October 2017
කොළඹ ශාස්ත්‍ර පීඨය වැසෙයි සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමූ බව එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි. 18 October 2017
සයිටම් හිමිකාරිත්වය වෙනස් කිරීමට රජයේ තීරණයක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරීත්වයෙන් ඉවත්කර ලාබ නොලබන සහ වැඩි පිරිසකගේ අයිතීන් සහිත නව ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේරු මහතා පාර්ලිමේන්තුවට පැවසීය. 17 October 2017
ආගමික ස්ථානයේ යකඩ කටට උසාවියෙන් තහංචියක් හලාවත විජය මාවතේ පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක ශබිද විකාශන යන්ත්‍ර භාවිතයෙන් අවට ප්රදේශවාසිනට සිදුවන හිරිහැර නිසා එම ශබිද විකාශන යන්ත්‍ර භාවිතය මු`ඵමනින්ම තහනම් කිරිමට හලාවත මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද ( 17) නියෝග කළේය . 17 October 2017
සුනිල් හඳුන්නෙත්තිගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ස්වාධීන විගණන පවත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය. 17 October 2017
නාමල්ලා අත්අඩංගුවට ගැනීම ගැන ඒකාබද්ධයෙන් විරෝධය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර , ඩී වී චානක යන අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය. 17 October 2017
නිල් මැණික සොරාගත් සිව්දෙනා අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරියකුට අයත් රුපියල් දෙකෝටි එකොලොස් ලක්ෂ දසදහසක් වටිනා නිල් මැණිකක් සොරාගෙන එය අලෙවි කිරීමට සුදානම් වු හිටපු කොටි සාමාජිකයකු ඇතුළු සිව්දෙනක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිස් මුලස්ථානය කියයි. 17 October 2017
තායිවන සිද්ධියේ ශලීලගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක ජාලයට ඇතුළුවී ඇමරිකානු ඩොලර් 2,104 ක් මුදල් වංචා සිදුකර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින ප්‍රධාන සැකකරු වන ශලීල මුණසිංහගේ ඥාති සොහොයුරක් අද (17) විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2017
අනීකා ජීවිතාරක්ෂාව පතා රට හැරයයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට දුන් බව කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මිය හිටපු මුදල් ඇමැතිගේ සමීප ඥාතියකු බව කියන 17 October 2017
’’නිතිය උතුරෙත් දකුණෙත් එකයි’’ - පොලිස්පති අධිකරණ නියෝග නොතකා විරෝධාවේ නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන්නේ එකම නීතිය බවත් උතුරු දකුණේ කියා එහි කිසිදු වෙනසක් නොමැති බවත් පුජිත් ජයසුන්දර මහතා අද (17) පැවසීය. 17 October 2017
විසිතුරු ආභරණ විකිණු ඉන්දීය කතුන් තිදෙනෙක් රිමාන්ඩ් සංචාරක වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පිටකොටුව ප්‍රදේශයේ පදික වේදිකාවේ කාන්තා විසිතුරු ආභරණ විකුණූ බව කියමින් පිටකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනක් ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. වැලිගොඩපිටිය මහතා අද (17) නියෝග කළේය. 17 October 2017
ආනන්ද සමරසේකරගෙන් අපේක්ෂිත ඇප අයදුමක් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අද(17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කළේය. 17 October 2017
‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘ පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත් ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී යසපාල කෝරළගේ මහතා අද(17) බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය. 17 October 2017
බන්ධනාගාර සිරකරු ඝාතනයේ විත්තිකරුට මරණ දඩුවම් මහර බන්ධනාගාරය තුළ සිරකරුවෙකුව සිටියදී තවත් සිරකරුවකුව පිහියකින් ඇණ ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණ දඩුවම නියම කැරිණි. 17 October 2017
ශ්‍රිලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු නවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 17 October 2017
නැ’හිර - සබරගමු සබේ ඡන්දය ගැන තීන්දුවක් ඉල්ලයි පසුගිය දින විසුරුවා හරින ලද උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ඡන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය. 17 October 2017
මීනිමැරිමේ වරදකරුට මරණ දඩුවම පිහියකින් පහරදී තුවාල සිදුකර පසුව වයරයක් ආධාරයෙන් එල්ලා පුද්ගලයකු මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ වැරදිකරු වු අයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (17) මරණ දඩුවම නියම කළේය. 17 October 2017
වයඹ සබේ මාසික රැස්වීමට සභාපති ටිකිරි අධිකාරි නෑ පිස්තෝලයක් නිතිවිරෝධී ආකාරයෙන් භාවිතා කිරිමේ චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මහතාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට තොරතුරු පැතිරයාමක් හේතුවෙන් අද (17) පැවති මාසික සභා රැස්වීමට සහභාගී විමෙන් වැළකී සිටියේය. 17 October 2017
යාපන සරසවි සිසුහු උපවාසයක අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද(17) උදෑසන විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූහ. 17 October 2017
රත්නපුර මහ වැසි අවදානම තවමත් රත්නපුර දිස්ත්‍රික්කයේ මහ වැසි ඇදහැළුන හොත් අවදානම් බැවින් මේ වනවිට හඳුනාගත් ස්ථානවලින් වහා ඉවත්වන්නැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. 17 October 2017
මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජික නිහාල් බැඳුම්කර ගැන කියයි තමා ඞී.එෆ්.සී.සී. බැංකුවේ සභාපති ධුරය දරන සමයේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂක රවී තම්බයියා මහතාත් තමන්ගේ මස්සිනාලා බව බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත් මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා එහෙම ඥාතීන් සිටියා කියා ඒ කාලයේදී බැඳුම්කර ගනුදෙනු වලදී අගතියක් සිදුවී නැතැයිද පැවසීය. 16 October 2017
සරසවි අස්සේ මත් ද්‍රව්‍ය බෙදන හැටි ජනපති හෙළි කරයි විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ ප්‍රකාශ කළේය. 16 October 2017
අධ්‍යාපන ඇමැතිගෙන් රතු එළියක් ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 16 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026