ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදි පැවැති 75 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළලේදී සම්මානලාභී නිළියන්ගේ අදහස් දැක්වීම් ලොව පුරා මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගත්තේය.
පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය.
එම සිදුවීම්වලින් පසු හොලිවුඞ් සිනමාවේ පැවැති ප්‍රධානතම සම්මාන උළෙල වූයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලයි. ලිංගික පීඩා, හිංසා ආදියට පත්වූ නිළියන්ට හා කාන්තාවන්ට ගෞරව කිරීමක් එම කාන්තාවන්ට සිදු වන ලිංගි හිරිහැරවලට විරෝධය පෑමක් ලෙස රාත්‍රියේ පැවැති සම්මාන උළෙලට සහභාගී වූ නිළියන්ගෙන් බහුතරයකට වැඩි දෙනකු කළු පැහැති ඇඳුම්වලින් සැරැසී සහභාගී වූ බව ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කර තිබිණි.
ජනප්‍රිය හොලිවුඞ් නිළියක හා මාධ්‍යවේදිනයක වන ඔප්රා වින්ෆ්‍රි මෙම සටනේ මුල් තැන ගත්තාය. ඇය සම්මාන උළලේදී ගෞරවාන්විත සම්මානයකින් ද පිදුම් ලැබුවාය. වසර 2020 දී ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ජනාධිපති සටනට ඉදිරිපත් වන්නැයි ද ඇයට ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් ලැබුණු බව ද වාර්තා විය. කාන්තාවන් වෙනුවෙන් ක්ෂිතිජයේ නව දිනයක් උදා වී ඇතැයි සම්මානය ලබාගනිමින් ඔප්රා වින්ෆ්‍රි කීවාය. වින්ෆ්‍රිට හිමිවූයේ ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ගෞරවාන්විත සම්මානයයි. ඇය තම අදහස් දැක්වීමේදී ලිංගිකත්වය, දරිද්‍රතාව සහ වාර්ගිකත්වය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවාය.
වින්ෆ්‍රිගේ අදහස් දැක්වීම අවසානයේදී බොහෝ දෙනකු සිය අසුන්වලින් නැගිට අත්පොළොසන් දුන් අතර ඇතමෙකුගේ දෑස්වල කඳුළු ද දක්නට ලැබිණි.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වූ ගැහැණියකගේ චරිතයට පණ දුන් නිකෝල් කිඞ්මන් මෙහිදි සම්මාන හිමිකරගත් අතර එම සම්මානය තමන්ගේ පාසල් මිතුරියන්, දියණියන්ට සහ මව්වරුන්ට පිරිනමන බව කීවාය. තම සම්මානය කාන්තාවන්ගේ ශක්තිය පෙන්නුම් කරන බවත් කාන්තාවන්ට තමන්ගේ බලය පෙන්වීමට කාලය උදා වී ඇති බවත් ඇය එහිදි කීවාය.
ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ හොලිවුඞ් විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. මෙම සම්මාන උළෙල ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන හිමි කරගනු ඇතැයි අපේක්ෂිත චිත්‍රපට සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙන්නක් මෙන්ම ඔස්කාර් සම්මාන උළෙලට එක් නිර්නායකයක් ලෙසින් ද සැලකෙයි. ඔස්කාර් එසේත් නැතිනම් ඇකඩමි සම්මාන උළෙල ලබන මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලොව පුරා අසාධාරණයට, වදහිංසා හා පීඩාවලට මෙන්ම ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වන කාන්තාවන් රැකගැනීම සහ එවැනි ක්‍රියාවලට විරෝධය පළ කිරීම ඉලක්ක කරගනිමින් වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්මාන උළෙල අවස්ථාවක් කරගැනීමට ද හොලිවුඞ් නිළියෝ කටයුතු කළහ. ඊට නළුවන්ගේ ද සහාය හිමිව තිබිණි.
කාලය අවසන් ‘ටයිම්ස් අප්’ සහ මමත් ‘මී ටූ’ යනු එම වැඩසටහන් දෙකකි. ඒ වෙනුවෙන් පළඳනයක් තිබූ අතර නිළියන් මෙන්ම නළුවන් ද එම පළඳනය ඔවුන්ගේ ඇඳුම්වල රඳවාගෙන තිබූ අයුරු දක්නට ලැබිණි.
හොලිවුඞ් විකට නළුවකු සහ දේශපාලන විචාරකයකු වන සෙත් මේයර්ස් සම්මාන උළෙල ආරම්භ කළේද “නෝනාවරුන්ගෙන් සහ ඉතිරි මහත්වරුන්ගෙන් අවසරයි” යනුවෙන් ඉංග්‍රිසි බසින් ප්‍රකාශ කරමිනි. සම්මාන ලැබූ නිළියෝ සියලු දෙනාම ප්‍රචණ්ඩත්වය, ලිංගික හිරිහැර යනාදියට විරෝධය පළ කළහ.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිංගික අල්ලස් සෑම රටකම, සෑම කර්මන්තයකම රජ කරයි. ලිංගික අල්ලස් පුදකර තම කාර්ය ඉටු කරගෙන ප්‍රසිධියට පත් උනාට පස්සේ, ලිංගික වද හිංසා ගැන හඬ දෙති. සෑම වර්තමානයේ සිදුවීමක්ම තම ප්‍රසිද්ධියට හා වාසියට හරවා ගනිති.
මේ නිළියන්ට වද හිංසාවක් වූ දේ අපේ අයට හොඳ ඉල්ලමක්. ඉතාලියේ ඉන්න සමහර ලාංකිකයෝ මේ ටෙලිනිලියෝ සිංගප්පුරුවට හෝ මාල දිවයිනට ගෙන්වාගන්නවා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට.
කළු ඇන්දට වැඩක් නැහැ ටිකක් ඇග වැහෙන්න ඇඳුමක් නම් මේ වගේ විරෝධයකට සුදුසුයි.
මොනවා ඇන්දත් මේගොල්ලෝ ලස්සනයි. මොකද නළුවොත් කළු ඇඳලා? සිරි ලංකාවෙත් ඉන්නවාද මේවගේ නළුවෝ නිලියෝ කියන අය? නළු නිළියන්ට තිබෙන වෘත්යේ අගයකිරීම රටක් පාලනය කිරීමට තරම් සුදුසු කමක්ද? එහෙමත් හිතන මෝඩ ඇමරිකන් කාරයෝ ඉන්නබව පේනවා නැතිනම් ට්‍රමප්ට තිබෙන විරුදත්වය පෙන්නන්න තමරටේ කොඩිය පගාවිද? අපේරටේ මිනිස්සුත් කුණු ටෙලිනාටක බලා නළු නිලියන් පාර්ලිමේන්තු එවලා අනාගත්තාට සිංහ කොඩිය පාගන්න තරම් මෝඩ නැත.
ඔතන දෙගොල්ලගේම වරදක් තියෙනවා. තනි අතින් විතරක් අප්පුඩි ගහන්න බෑ. ඇමරිකාවේ අවුරුදු 18,19 තරුණියන් අතරේ මුදලට අන්තර්ජාලය හරහා ලිංගික දර්ශන පෙන්වා මුදල් සෙවීම, මුදලට ලිංගිකව හැසිරීම, පෝසත් වයසක පිරිමින් හා යාළුවෙලා ඔවුන් හරහා මුදල් ගරාගැනීම සෑහෙන්න වැඩියි. ගොඩක් අය මෙහෙම කරන්නේ, ඇමරිකාවේදි ළමයෙක්ට අවුරුදු 18 ගමන් ගෙදරින් දොට්ට දානවා. ඉතින් මිනිස්සු සල්ලි හොයන්න ඕනම දෙයක් කරනවා. ලංකාවේ වගේ නෙවෙයි උසස් අධ්‍යාපනය නිකම් නෙවෙයි, ඉතින් ඒකටත් සල්ලි හොයන්න ඕනේ. මෙහෙම කරන තරුණියන් පස්සේ අවුරුදු 10,20 කට පස්සේ මේ ගැන පසුතැවුනම කරන්නේ තමන්ට ලිංගික හිංසනයක් උනා කියලා පැමිණිලි කරනවා.
"තනි අතින් විතරක් අප්පුඩි ගහන්න බෑ". කතාව ඇත්ත නමුත් සිදුවන දේ දැනගන්න ඕනේ නම් ජැකී කොලින්ස් ගේ "හොලිවුඩ් හස්බන්ඩ්ස්" කියන පොත කියවන්න. එතකොට දැනගන්න පුළුවන් නිලිකමක් ගන්න මොන මොන දේ පූජා කරන්න වෙනවාද කියා. ජැකී කොලින්ස් කියන්න අර ප්‍රකට ඩලාස් කියන සිනමාවේ නිළි ජොඈන් කොලින්ස් ගේ සහෝදරිය.
අපිත් දේශපාලන නලු බට්ටෝ කලු අන්දගෙන නූතන කඩු හරඹයක් කලා......මේ අයත් ඇමරිකන් පුරවැසියෝද දන්නේ නැහැ.......