(අමල් වික්රමරත්න)
රුසියාව විසින් තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව එරටට යැවු මුල්ම තේ තොගය මේවනවිට යවා ඇතැයි තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.
රුසියාවට යැවු තේ තොගයක කුරුමිනියකු සිටී බව කියමින් ශ්රී ලංකාවෙන් එරටට යවනු ලබන තේ ගමිලට ගැනීම රුසියාව විසින් ප්රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් කරන ලද සාකච්ඡා වලින් අනතුරුව යලි රුසියාව ශ්රී ලංකාවෙන් තේ මිලට ගැනීමට කැමැත්ත පලකර තිබේ.
තේ කර්මාන්තයේ යෙදෙන පිරිස්වලට හොද මිලක් ලබා ගැනීමට මේ අනුව හැකිවෙතැයි සභාපතිවරයා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නොලැබුනත් කමක් නැහැ යවන්න පිටරටට හොඳම තේ රටේ නම රැකගන්න. අපිට පිටරට ගිය වෙලාවක හරි හොඳ තේ ටිකක් බොන්න පුලුවනිනේ.
ඔය නැවට නම් වෙනත් කිසිම වරායක නවත්වන්න දෙන්න එපා. කෙලිම්ම යවන්න පිටර්ස්බර්ග් වරායටම. නැත්තන් ආයෙත් අපේ තේ පෙට්ටි වලට කුරුමිනියෝ නඟියි. වෙන වරායවල් වල ඉන්න කුරුමිනියෝ තිස්තුන් පැයේම ඇහැගහගෙන ඉන්නේ නැවක් නවත්වනකල් හොරෙන් රට පනින්න.