(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහ එම සංවිධානයේ ලාංජනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුබ පැතුම් පතක් ෆේස්බුක් ගිණුම මගින් ප්‍රචාරය කර බෙදාහරින ලදැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ඇගලුම් සේවකයින් දෙදෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (8) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් ගත කැරනු ලැබුවේ මිල්ලපිටිය වත්ත, රත්නපුර පදිංචි විජේකුමාර් විදුෂන් සහ රත්නපුර සමගිපුර පදිංචි සෙවනු දිනේෂ් කුමාර් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd