(ඉන්දිකා රාමනායක)
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට අද (8) පස්වරුවේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
දයා මාස්ටර් අද පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වු අවස්ථාවේ පොලිසියට දැනුම් දීමක් කර ඇති අතර පොලිස් ජංගම රථය එම ස්ථානයට ගොස් පලායමින් සිටි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෙට(9) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෑන් කියන්නේ ප්‍රංශයේ සිට දෙමල භාෂාවෙන් චන්ද්‍රිකා ඔස්සේ විකාශය කරන රුපවාහිනී වැඩසටහනක් . එහි අයිති කරු ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙක්. මේවායේ පෙන්වන්නේ මොනවාද කියා හිතාගන්න පුළුවන් ලංකාවේ මාධ්‍ය අධ්‍යක්ෂක වරයා ගැන හිතනකොට. මේගොල්ලන්ගේ වැඩ කටයුතු ගැන අපගේ බලධාරීන් සොයා බලනවද? සොයා බලනවා කියල කීයක් හරි අත මිටමොලවාගෙන අහක බලාගෙන ඉන්නවද ?
මෙයා හිර ගෙදර නැතුව එළියේ ඉන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්.
ඇයි දන්නේ නැහැ පොලිසියට කිව්වේ ..?
මස්ටර් සර් මට හිමි තැන දෙන්න අනේ සර් කරුණාවෙන් ඉවසන්න. අපිට මතක් වෙනවා අපි හිටිහැටි....