(එච්. චන්දන)
වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම මහධිකරණයේදී වරද පිළිගත් පියකුට චෝදනා තුනක් යටතේ වසර 56 ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්යම කාන්ත මද්දුමපටබැදිගේ මහතා නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ පුත්තලම පොලිස් වසමේ විරතෝඩේ පුරිදිවාසල් සේනකුඩිරිප්පුව පදිංචිව සිටි මුස්පික් මොහොමඩ් යාකුබ් මොහොමඩ් මුස්පි (41) පුද්ගලයකුටය.
විත්තිකරුට එරෙහිව ඇති එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනකට වසර 45 ක්ද , ඒ එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් දඩ මුදලක්ද , ඒ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 බැගින් වසර 6 ක්ද , ලක්ෂ 05 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් වසර 5 ක සිර දඩුවම් නියම කැරිණි.
පුත්තලම මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් මෙම නඩුව ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිර දඬුවම් නෙවෙයි ළමා දුෂණ, සඳහා මරණ දඩුවම පැනවිය යුතුයි.
සමාජය දිනෙන් පිරිහෙමින් පවති. අපරාධ අඩු කිරීමට නම් දැඩි තීරණ ගත යුතුය. එක් දූෂකයෙක්ගේ, මිනීමරුවකුගේ මානව හිමිකම් සුරැකීමෙන් තව අසරණයින් සිය ගණනකගේ මානව හිමිකම් උල්ලංඝණය වේ. අපරාධකාරයින්ට මරණ දඬුවම නියම කිරීම පමණක් නොව එය කඩිනමින් ලබා දිය යුතුය. තව අවුරුදු 20, 30 සිර දඬුවම් නියම වූවන්ද? මහජන මුදල් නාස්ති කරමින්. කන්න බොන්න දී සිර ගෙවල් වල ගාල් කර තැබීමද අපරාධයකි. ඔවුන්ට ඊළඟ අාත්මයවත් යහපත් කර ගැනීමේ අවස්ථාව කඩිනමින් ලබා දිය යුතුය. එ්ක අනෙකුත් අපරාධ කරන්නන්ට ද උණ ගැනීමට හේතුවනු අැත.
බෝ ගසක් සහ මනාව සැකසු පිං පෙට්ටියක් අඩියෙන් අඩියට ඇති මේ රටේ තරම් සහ ගහන අපරාධ ලොව කොහෙවත් සිදුවන්නේ නැත.