(තරිඳු ජයවර්ධන)
කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී අද රාත්‍රී වෙඩි තැබීමක් වී ඇතැයි ද, බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි.
මීට පෙර පසුගිය මැයි 17 වැනි දා ද යාපනය පලෙයි කොට්ඨාසයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. පොලිස් ජංගම රථයකට එම වෙඩි තැබීම සිදුවී තිබුණු අතර එහි පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.
මෙම වෙඩි තැබීමට ගල්කටස් ගිනි අවියක් යොදා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd