(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500--3000ක් පමණ අද (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය.
‘පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. ඒ සෑම එකකම දැන් පොහොර තියෙනවා. ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පමණක් හිඟයක් තියෙනවා. එම ස්ථානයටත් අද අපිට ලැබුණ පොහොර ලොරි හතරෙන් මුලින්ම අපි එම මධ්‍යස්ථානයට යවනවා. මේවන විට අවශ්‍ය පරිදි ගොවින්ට යුරියා පොහොර ලබා ගැනීමට හැකියාව තිබෙනවා’ යැයි ඔහු කීවේය.
පසුගිය දවස්වල පොහොර නැතුව පුදුම කට්ටක් කෑවේ. දවස් ගණන් පෝලිමේ ඉන්න වුණා. ඒ විතරක් නෙවෙයි ගන්න පුළුවන් වුණොත් පොහොර මිටි දෙකයි. අද පොහොර ආපු නිසා දැන් අක්කරයකට පොහොර මිටි 2ක් දෙනවා. කොටින්ම කියනවා නම් අවශ්‍ය තරම් පොහොර ගන්න තියෙනවා යැයි ගොවියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කරයට මිටි 2නම්, මිටි 3000 අක්කර 1500කට ඇති. පොළොන්නරුවේ වී වගා කලේ අක්කර 1500ද?
කොහොමද අපේ ආණ්ඩුවේ වැඩ.
හොඳ වෙලාවට ඡන්දෙ ආවේ නැත්නම් කුඹුරු ටික මේ කන්නෙත් විනාශවෙනවා
පොහොර ගහලා ඒවා වතුරට මුහුවෙලා ඊට පස්සෙ නහයෙන් අඩනවා දැන් වකුගඩු අප්සෙට් බෙහෙත් කරන්න කියලා.
අශ්වයා පැන ගිය පසු ඉස්තාලේ වැසීම....