පාසල් උත්සව වලට මිල අධික ශාලා බෑ පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදාගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 22 October 2017
රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ - කථානායක රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය. 22 October 2017
කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහමාරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. 22 October 2017
නාගොඩ අමරවංශ නාහිමියෝ අපවත්වෙති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලාධිපති, ශ්‍රී විමලවංශ වංශාවතංශ, ශාසන කීර්ති ශ්‍රී කවිධජ සද්ධම්මවාගීෂ්වර ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමිපාණෝ අද (22) අපවත් වී වදාලහ. 22 October 2017
හොරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට පොලීසිය මඟහැර කට්ටි පනිමින් මහපරිමාණයෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක නිරතවු සංවිධානත්මක කල්ලියක නායකයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් රුපියල් ලක්ෂ 10 මත්කුඩු සමඟ මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය දළුපොතදී අද (22) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 October 2017
පොදුජන පෙරමුණේ මංගල රැළිය නොවැ. 12 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ප්‍රථම මංගල රැළිය නොවැම්බර් 12 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය. 22 October 2017
‘අනීකාට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයටත් තර්ජනයක්’ - බන්දුල මහ බැංකු බැඳුම්කර සිද්ධියට සාක්කි ලබාදුන් අනීකාට පමණක් නොව මේ පිළිබඳ කරුණු අනාවරණය කළ ඒකාබද්ධ විපක්ෂයටත් මේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22) පැවසීය. 22 October 2017
‘වත්මන් රජය සංඝයාට ගරහනවා‘ - ගැටඹේ නාහිමි රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. 22 October 2017
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට තිරප්පනේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදි ලොරි රථ රියදුරෙකු ගෙන් රැපියල් දෙදහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 22 October 2017
‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත් උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා පවසයි. 22 October 2017
කලවාන වැලිමිට වංගුව ගිලා බසයි රත්නපුර දිස්ත්‍රික්කයට ඇඳහැළෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන- රත්නපුර මාර්ගය වැලිමිට වංගුවට ආසන්න ප්‍රදේශයේ දී ගිලා බැසීමට ලක්ව තිබේ. 22 October 2017
කටුනායක සුපිරි මඟේ අනතුරකින් දෙදෙනෙක් මරුට කොළඹ - කටුනායක ප්‍රධාන අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි. 22 October 2017
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන රිය අනතුරක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රිය අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 22 October 2017
මීගහකිවුලේ කුඹුරක අඩි 15 කොටසක් ගිලා බසියි මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න කුඹුරක මැද අද (21) ගිලා බැසීමක් හේතුවෙන් විෂ්කම්භය අඩි 15 ක් පමණ වූ විශාල ආවාටයක් සෑදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 21 October 2017
උල්කාශ්මයේ කොටසක් දික්වැල්ලේ නිවසක වහළය මත දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි. 21 October 2017
අතරමංවූ ඉන්දීය නාවික පිරිසක් බේරා ගැනේ. ඉන්දීය යාත්‍රාවකට අයත් සේවක පිරිසක් දින 5 තිස්සේ මුහුදේ අතරමංව බේරුවල මුහදේ සිට මුහුදු සැතපුම් 80 ඈතින් මුහුදී පාවෙමින් සිටියදී ශාන් පුතා ධීවර යාත්‍රාවෙන් බේරාගෙන ඔවුන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදෙනු ලැබ ඇත. 21 October 2017
අනිකාට - ඥාතීන්ට පොලිස් ආරක්ෂාව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වූ අනිකා විජේසුරිය මහත්මියට හා ඇගේ ඥාතීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ. 20 October 2017
අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ් රොහින්ග්යාවරුන් රඳවා සිටි ගල්කිස්සේ නිවසක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගත් සිංහලේ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය. 20 October 2017
මහා නාහිමිවරු ලන්ඩන් කඨිනයකට වඩිති අස්ගිරිය පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය අද (20) සවස ලන්ඩනයට වැඩම කළහ. 20 October 2017
අල්ලස් දෙන්න ගිය සැකකරු ගංජා සමග අල්ලයි ග්‍රෑන්ඩිපාස් මහවත්ත ප්‍රදේශයේ දි සිදුකළ සෝදිසි මෙහෙයුමකදි කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු හා සැකකාරියක මුදා හරින්නැයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට රුපියල් ලක්ෂ හතරක අල්ලසක් දිමට තැත්කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 October 2017
සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ සයිටම් ආයතනය රජයට පවරා ගත් බව කියමින් ජනතාව රැවටූවත් ජනවාරියේ නවක සිසුන් බඳවා ගැනීමට සයිටම් ආයතනය හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවක දී රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව හෙළිදරව් කළේය. 20 October 2017
‘මහ නාහිමිවරුන්ගේ තීන්දුව රනිල්ට නොතේරීම පුදුමයක් නොවේ‘ ‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනවශ්‍ය බවට ඒකමතිකව ගත් තීන්දුව මේ රටේ භික්ෂු සම්ප්රදාය, බෞද්ධ සම්ප්රදාය හා මහා විහාරයීය සම්ප්රදාය නොදත් රනිල් වික්‍රමසිංහගේ මොළයට නොතේරීම 20 October 2017
කැබිනට් තීරණයටත් හරස්වෙති ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි වලින් 16ක් පවරා ගැනීම සඳහා ගන්නා ලද කැබිනට් තීරණයක් වළක්වාලීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවකින් ඒ බව අනාවරණය වී තිබේ. 20 October 2017
ව්‍යාජ වීසා වලින් කැනඩා ගිය මගියකුට දඩ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාවට ගිය ගුවන් මගියකුට කටාර් ගුවන්තොටුපල බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවීමෙන් පසු ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගෙන ඇත. 20 October 2017
දුම්රිය වර්ජනය අත්හිටුවයි වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගෙන දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපතිවරු අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය. 20 October 2017
සුරියවැව අඩි 100 විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක් සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගයේ නමඩගස්වැව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රධාන ඉදිකිරීම් පිවිසුම හරස්කර මාරාන්තික උපවාසයේ හා විරෝධතාවයේ නිතර පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (20) නියෝග කැරණි. 20 October 2017
රන් භාණ්ඩ පැන්නූ ගුවන් සේවකයාට දඩ රුපියල් 2,70,00000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයාට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත. 20 October 2017
ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය රියැදුරන්ට අනතුරු ඇඟවීමක් වැඩ වර්ජනයකට යාමෙන් වළකින්නැයි දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල වලින් තමන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2017
මඩාටුගම විදුහල්පතිනිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්නයි ඉල්ලීමක් පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 20 October 2017
අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 20 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026