(නිමල කොඩිතුවක්කු)
මෙවර පළාත් සභා මැතිවරණය සදහා විවිධ අපරාධ සහ චෝදනාවට ලක්වූ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත්ව සිටින බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවති සාකච්ඡාවකදී අනාවරණ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා අද(10) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර රාජගිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද(10) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණ.
මේ සදහා පළාත් පාළන ආයතන 25කට අධික ප්‍රමාණයකට තරග කරන දෙශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා තිබිණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීය.
‘‘මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ මැතිවරණය පැවැත්වීමේ නීතිරීති පිළිබඳ ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. විවිධ අපරාධ වලට සම්බන්ධ නුසුදුසු අපේක්ෂකයන් 80 කට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හදුනාගෙන ඇති බව එහිදී සභාපතිවරයා පැවසුවා. එම නිසා ඔවුනගේ මන්ත්‍රිධුරය පිළිබද මැතිවරණයෙන් පස්සේ ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඒ පිළිබඳ කටයුතු කරන අයගේ වගකීමක්‘‘ යැයි ද ඒ මහතා පැවසීය.
‘‘ආබාධිත පුද්ගලයන්ට ඡන්ද මධයස්ථානයේදී ලැබෙන පහසුකම් පිළිබඳවත් එහිදී සාකච්ඡා කළා. ආබාධිත අයට ඡන්දය පාවිච්චි කිරීමේදී ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා විසින් එම ඡන්දය ලකුණු කරනවා. එහිදී ඔහුට සහාය දැක්වීමට යොදා ගන්නා සහායකයා මාරු කිරීමට එම ඡන්ද මධ්‍යස්ථානවල සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් මැදිහත් වන ලෙස ද කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටියා‘‘ යැයි ද විජිත හේරත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ සුදුසු අපේක්ෂකයොත් ඉන්නවා. මෙතෙක් කල් නම් සුදුසු අපේක්ෂකයෝ සිටියාද කියන එක සැක සහිතයි.
කව්ද මේ අයට ඉල්ලන්න ඉඩ දුන්නේ? ඕනෑ තරම් පුළුවන්කම තිබුනා නම යෝජනා නොදී ඉන්න.
ඔවුන්ගේ එකම සුදුසුකම නොසුදුසු කම මිසක් වෙන මොනවාද? එක උදාහරණයක් හැටියට දරුවන්ට උගන්වන ගුරු මාතාවක් තමන් ඉදිරිපිට දනගස්සපු දේශපාලකතුමත් අද නැවතත් ඡන්දෙ ඉල්ලන්න සුදුසු කමක් ලබලානම්???
කොමසාරිස්ට බලයක් තියෙන්න ඕනේ මේ අයගේ අපේක්ෂකත්වය අවලංගු කරන්න .
80% නෙමෙයි ඉදිරිපත් වෙන ඔක්කොම හොරු. රට හදන්න නෙමෙයි එන්නේ ඉතුරු ටිකත් කාලා දාන්න ඔය සැරසෙන්නේ
කරුණාකර සියලු විස්තර පල කරන්න . මහජනයාට හරි තීරණය - අගාදයටද ? ඉදිරියටද? යන තීරණය ගන්න ඉඩදෙන්න.
මේ කතාවේ යම්කිසි යථාර්තයක් ගැබ්ව තිබෙනවා. මීට කලින් මැති සබය මෙන්ම පළාත් සභා ආයතනද පිරී යන්න සිටියේ නුසුදුස්සන්. එය මෙවර 80 දක්වා බැසීමෙන් ජනතාවගේ පැත්තෙන් යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමක් කියල අපට හිතෙනවා.
නුසුදුසුකම තමයි තියෙන ලොකුම සුදුසුකම. නිසි අධ්‍යාපනයක් නැත.
අපේක්ෂකයින් අතරේ හොරු මංකොල්ලකාරයෝ, ස්ත්‍රි දූෂකයෝ ඉන්නවානම් ප්‍රමාද නොවී ඔවුන් ඉවත්කරන්න පක්ෂ නායකත්වයත් මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස්ගේ වගකීමයි. මහජනයාට මාධ්‍ය මගින් කීවට ඇති වැඩක් නෑ.
මැතිවරණ කොමසාරිස්තුමනි තීරණය ඔබතුමා අතේ. තවත් බලාගෙන ඉන්නේ කුමටද , නිවැරදි තීරණය ගන්න.
මැතිවරණ කොමසාරිස්තුමනි තීරණය ඔබතුමා අතේ. තවත් බලාගෙන ඉන්නේ කුමටද , නිවැරදි තීරණය ගන්න.
කොච්චර නුසුදුසු උනත් ඡන්දෙන් පස්සේ බලන්න අපි ඡන්දෙ දුන්නේ කාටද කියල. ඉස්සෙල්ල කරන්න ඕන ඡන්ද දායකයින්ගේ සුදුසුකම් බලන එකයි. ඔවුන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතුය.
නාම යෝජනා ප්‍රතික්ෂේප කරන වෙලාවේ අහුවුණේ නැති අය මෙයාලා...........
ඉල්ලන එක ඒ මිනිස්සුන්ගේ අයිතිය. මේ වගේ අයට ඡන්දය දෙන මිනිස්සුන්ට තමා තලන්න ඕනෑ.