(චන්ද්‍රසේන ගමගේ)
‘පාර්ලිමේන්තුව රැස්වෙන එක දිනේකට රුපියල් කෝටියකට වඩා වැය වෙනවා.එහෙම මහජන මුදල් වැය කරලා පවත්වන පාර්ලිමේන්තුව අද ඉතාමත් පහත් තත්ත්වයට පත් වී තිබෙනවා. මෙහෙම ගියොත් මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිබඳව විශ්වාසයක් නැති වෙනවා’ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා අද (11) රන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
‘මේ රටේ ජනතාව පිළිකුල් කරන තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා. මේ තත්ත්වයට පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන් වගකිව යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින බොහෝ නවක මන්ත්‍රීවරුන් පැමිණ තිබෙන්නේ දේශපාලන රැල්ලත් දේශපාලන සුළඟත් සමගයි. ඔවුන්ට රටේ දේශපාලනය පිළිබඳ හා සදාචාරය පිළිබඳව නිසි වැටහීමක් නෑ . එම නිසා රටේ උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව ඉතා පහත් තත්ත්වයකට පත්ව තිබෙනවා’
‘මගේ පාර්ලිමේන්ත්‍ර ඉතිහාසය තුළ මෙහෙම පහත් තත්ත්වයකට පාර්ලිමේන්තුව පත්වූ අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් බලන්න පාර්ලිමෙන්තුව තුළදී කවුද හොරා කියලා කෑ ගහනවා. දෙගොල්ලොම හොරු හොරු කියල කෑ ගහනවා. බලාගෙන යන කොට දෙගොල්ලොම හොරු බව ජනතාවට වැටහෙනවා’.
‘මේ රටෙන් මේ දූෂිත දේශපාලනය තුරන් කිරීම සඳහා ජනාධිපතිතුමා විශේෂ කාර්භාරයක් කරනවා. ඒ කාර්භාර්ය නිසා සමහරුන්ගේ හිත් රිදී තිබෙන බව පැහැදිලි වෙනවා.නමුත් මේ රටේ අනාගතය වෙනුවෙන් එතුමා ඒ කාර්ය භාරය නොපිරිහෙලා ඉටු කරනවා’ යැයි අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කවුරුත් නිසා නොවෙයි ඔබලා නිසා......... රටට ආදරය කළ, අපි ආදරය කළ මන්ත්‍රීලා ඇමතිලා අපට නැතිවෙලා අවුරුදු 50-60 වෙනවා.....
ඊට ප්‍රධාන වශයෙන් වගකිවයුතු වන්නේ ඔබලා වැනි දෙපැත්තට වැනෙන දේශපාලඥයින්ය. සෑම මැතිවරණ කාලයකදීම පුද්ගලික කරුණු සහ බලයට ඇති අධික ගිජුකම නිසා ජනතා බලාපොරොත්තු, හැගීම් සහ විශ්වාසයන් සමග ක්‍රීඩා කරන්නේද ඔබලාමය. එසේ අධික බල තණ්හාව නිසා 1815 දී ඉංග්‍රීසීන් මේ රට ඇල්ලුවේ යම්සේද වර්තමානයේදීත් ඔබලාගේ අමනෝන්‍ය නිසා මේ රටේ සියළු අංශ බෙදීමකට හා කඩා වැටීමකට ලක්ව ඇත. සියලුම පක්ෂ වල බල අසහනය නිසා මේ රට සම්පුර්ණයෙන්ම විකෘර්තියක් වී ඇත.
දැන් බලන්න පාර්ලිමෙන්තුව තුළදී කවුද හොරා කියලා කෑ ගහනවා. දෙගොල්ලොම හොරු හොරු කියල කෑ ගහනවා. බලාගෙන යන කොට දෙගොල්ලොම හොරු බව ජනතාවට වැටහෙනවා. අගමැති තුමා නේද ඊයේ මේවා පටන් ගත්තේ. ඔයාටත් ලජ්ජා නැද්ද ඒ වගේ අගමැති කෙනෙක් යටතේ ඉන්න
ස්ථානය නොවේ, එයට පත්වී ඇති අයයි පිළිකුල්.
කතාව ඇත්ත වැරැද්ද තියෙන්නේ දේශපාලන පක්ෂවල........ දේශපාලන පක්ෂ දැනගන්න ඕනේ යම් තරමකින් හෝ සදාචාරයක් ඇතිව කටයුතු කරන්න...
මේ බව අදනේ දැනගෙන තියෙන්නේ. ඔය ගද මුළු ලෝකෙටම හමනවා. තොත්ත බබාලා වගේ රඟපෑවට....
මෙයාලට ඡන්දේදිලා මෙතැනට අරින මහජනතාව තමා මුල්ම වැරැද්ද කරන්නේ..............
‘මගේ පාර්ලිමේන්ත්‍ර ඉතිහාසය තුළ මෙහෙම පහත් තත්ත්වයකට පාර්ලිමේන්තුව පත්වූ අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් බලන්න පාර්ලිමෙන්තුව තුළදී කවුද හොරා කියලා කෑ ගහනවා. දෙගොල්ලොම හොරු හොරු කියල කෑ ගහනවා. බලාගෙන යන කොට දෙගොල්ලොම හොරු බව ජනතාවට වැටහෙනවා’. බලාගෙන යනකොට ඇත්තම තත්වේ ඕක තමයි . ඔබතුමාලට හුරේ දමන්නේ ඕක නොතේරෙන මිනිස්සු තමයි.
රටක වඩාත්ම වැදගත් ස්ථානයක් වන " පාර්ලිමේන්තුවට " අද දින සිට පාර්ලිමේන්තුව නොව
ඉතින් එකේ ඉන්නේ අපිද ඇමතිතුමා?
හිරේ සිටිය සිටිය යුතු ශෝකඩ මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කර ගත්තාම ඔහොම තමයි. මෝඩ ඡන්දදායකයන් මේකට වග කිව යුතුයි.
තනිකරම නාඩගම් මඩුවක්. බලන්න මේවගේ ප්‍රතිවිපාක. බැංකු මංකොල්ල, නොයෙකුත් භයානක සොරකම්, මහා දවාලේ දකින්න පුළුවන් වෙයි. රටේ තරුණ පිරිසට ,දරුවන්ට දෙන ආදර්ශය හරිම අපුරුයි. මෙහෙමත් අපලයක් රටට වුනේ ජාතියේ අවාසනාවට. දැන්වත් බුද්ධිමත් තීරණ ගන්න වෙනවා .