(උපාලි ආනන්ද)
අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7ක් පමණ වටිනා රන් භාන්ඩ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නොචිචියාගම ප‍්‍ර‍්‍රදේශයේ ප‍්‍රබල කෝටිපති ව්‍යපාරිකයකු රහස් පොලිසිය මගින් අද (11) පෙරවරුවේ අත් අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුරයේ මූල්‍ය ආයතනය කොල්ලකා පැහැර ගත් බවට සැක කෙරෙන රත‍්‍රන් කිලෝ 11 ක් ද සැකකාර ව්‍යාපාරිකයා සතුව තිබීයදී රහස් පොලිසිය විසින් සොයා ගනු ලැබූ බවද පැවසේ. අනුරාධපුර නගරයේ පිහිටි මෙම පුද්ගලික මූල්‍ය ආයතනය කොල්ලකා රුපියල් කෝටි හතක් පමණ වටිනා රණ් භාන්ඩ පැහැර ගනු ලැබුවේ මීට මාස හයකට පමණ පෙරය.
මේ අතර තිරප්පනේ ප‍්‍රදේශයේදී මීට මාස කිහිපයකට පෙර යුද හමුදා විශේෂ බලකා සෙබළකු ඇතුළු තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙම සැකකාර ව්‍යාපාරිකයාගෙන් රහස් පොලිසිය දීර්ඝව ප‍්‍රශ්න කරමින් සිටී. දැනට රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටින කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය කාලයේ ප‍්‍රබල දේශපාලනඥයින් රැසක් සමග සමීප සබදතා පැවැත්වූ අයෙක් බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ දේශපාලකයෙකුට සම්බන්ධ නැති හොරෙක් හොයා ගන්න බැහැ.